රජයේ සේවකයන් වැඩියි.. එය රජයට විශාල බරක්..

January 27, 2018 at 8:40 am | lanka C news
රජයේ සේවකයන් වැඩියි.. එය රජයට විශාල බරක්..

නව වැනි වරටත් සංවිධානය කරන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව යාපනය මහජන පුස්තකාලයේදී පැවැත්වින.

ඇමති දයා ගමගේ, රාජ්‍ය ඇමතිනී ශෂිකලා මහේෂ්වරන්, උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන්, රාජ්‍ය නිලධාරීන් සහ ඉන්දීය රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනය යාපනය මහජන කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙයි.

එහි සමාරම්භක අවස්ථාව අමතමින් ඇමති ගමගේ කියා සිටියේ, උතුරේ ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරිකයින්ට මෙම ප‍්‍රදර්ශනය මහගු අවස්ථාවක් වන බවයි.

ඉන්දීය ව්‍යවසායකයින් 70 දෙනෙකු ද ඊට සහභාගී වන බව පෙන්වා දුන් ඔහු, ඔවුන්ගේ නිෂ්පාදන දැකබලා ගැනීමෙන් උතුරේද එම නිෂ්පාදන සිදු කිරීම සම්බන්ධයෙන් අදහසක් ලබා ගත හැකි බව පෙන්වා දුන්නේය.

ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හා ආයෝජන ඉන්දීය ව්‍යවසායකයින්ගෙන් ලබා ගැනීමට කටයුතු යෙදිය හැකි බව ද හෙතෙම කීය.

උතුරේ ජනතාව ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට ගන්නා උත්සාහය අගය කළ ඇමතිවරයා, යාපනය ද ඇතුළුව පළාතේ දිස්ති‍්‍රක්ක පහේම සංවර්ධනය වෙනුවෙන් තම ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සැලසුම් රැසක් සකස් කර ඇති බව පැවසීය.

ඊට රජයේ මැදිහත්වීම පමණක් නොව, රාජ්‍ය සේවක යාන්ත‍්‍රණයෙහි සහාය ද ඇතිව ඊට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගත යුතු බව ඔහු අවධාරණය කර සිටියේය.

ටීඊජේසී අඹ පැල ලක්ෂ 50ක් බෙදා දීම, කුරුඳු, ගම්මිරිස් හා කහ වැනි කුළුබඩු නිෂ්පාදන වෙනුවෙන් වෙළෙඳපොලක් ලබා දීම සහ ධීවර කර්මාන්තය දියුණුවට සහාය වීම ඊට ඇතුලත් වන බව ගමගේ මහතා කීය.

තවදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසූයේ, ඉන්දියාවේ ජනගහනයෙන් සෑම 1,000 දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු සිටියදී, ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් පහෙන් එකක් වීම නිසා දැඩි බරක් දැරීමට රජයට සිදුව ඇති බවයි.

ඊට පසුගිය රජය සමයේ බඳවාගත් සේවක සේවිකාවන් ලක්ෂ 10ක් ද ඇතුලත් වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඉන්දියාවට නිදහස ලැබෙද්දී එරට බෙදී වෙන්ව ගියද, ශී‍්‍ර ලංකාව එක් රටක් වශයෙන් නිදහස ලබා ගත් බවයි.

– ජෝර්ජ් ද සිල්වා

5,228 Viewers

8 Comments to “රජයේ සේවකයන් වැඩියි.. එය රජයට විශාල බරක්..”

  1. daham says:

    chandeta issara pacha keliyata dan numbala pili gannawa giya aanduwa laksha 10 kata rajaye rakiya dunna kiyala.
    numbala laksha 10 kata rassa denawa kiyala porondu deela janathaawa mula karala thamayi balaya mankolla kawe. dan me avurudu 3 ta kee denekuta rassa dunnada?

    • ඊළාම්ම says:

      කතාව ඇත්තනම් … පාර්ලිමේන්තුවෙ ඉන්න අට පාස් සෙනඟ.?

      • Jabos says:

        දරන්න බැරි ලොකුම බර ඔහෙගෙ ලොක්කගේ බැංකු මන්කොල්ලේ තමයි

  2. Real Man says:

    Dear Minister,

    You all came to power to find answers for these. If you can’t handle those issues let MR to do that without further damage.

    Vote for …
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • "රාජිත" says:

      යුුුුරෝපා වෙසෙන ලාංකික ආයාචනයකි මෙන්න
      රට බේරා ගන්නට එකමුතුව ඔබ චන්දය දෙන්න
      නිල් කොල රතු කල ව්‍යසනය මදෑ රට දිය වෙන්න
      පොහොට්ටුවටම ඔබෙ චන්දය දී රට බේරා ගන්න

  3. Rohitha says:

    oewa kiyala thamai postal vote eka dinanta thiyenne, neda daya booruwo?

  4. Gayantha says:

    Kathawa nan aitta. Jeppo thamai rajya sewakayo waidi karanna saha ewunge padi waidi karanna strike karanne. Munuth mee harak wage 10kin waidi kara. Okunge bara thamai anith minissunta daranna wela thiyenne.

  5. Niru says:

    Yako go for goodness sake. You buggers have shown you can’t run this country

Main News