රජය දුන් පොරොන්දුවට වසරක් ගෙවෙයි.. විසඳුමක් නැතියි කියා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතා..

January 25, 2018 at 2:08 am | lanka C news
රජය දුන් පොරොන්දුවට වසරක් ගෙවෙයි.. විසඳුමක් නැතියි කියා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතා..

යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන බවට රජය විසින් දුන් පොරොන්දුවට වසරක් ගෙවී ඇතත් මෙතෙක් තමන්ට විසුමක් නොලැබුනු බව පවසමින් අතුරුදහන්  වූවන්ගේ ඥාතීන් පිරිසක් විසින් වව්නියාවේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණී.

වව්නියාවේ තැපල් කාර්යාලය ඉදිරිපිට මේ වන විට දින 334 ක කාලයක් පුරාවට අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ උපවාසයක්ද සිදුකෙරෙන අතර එම උපවාසය ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කොට තිබුණි.

විරෝධතාව සඳහා වව්නියාව ,මන්නාරම හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් රැසක් සහභාගී වූ අතර ඒ සඳහා උපවාසයේ නිරත අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ද සහභාගී වී සිටියහ.

විරෝධතාවයේ නිරත වූ පිරිස් කියා සිටියේ රජය විසින් අතුරුදහන් වූවන්ගේ ගැටලුවට පිළිගත හැකි විසඳුමක් කඩිනමින් ලබා දෙන බවට පවසා අදට වසරක් ගතවුනද මේ දක්වා අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසදුමක් නොලැබීම මත අතුරුදහන් වූවන්ගේ ඥාතීන් දැඩි ලෙස අසරණව දින 334 ක කාලයක් උපවාසයක නිරතව සිටින බවටයි.

එමෙන්ම අතුරුදහන් වූවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් දෙමළජනතාව වෙනුවෙන් යැයි කියා ගත් දෙමළ ජාතික සන්ධානය ඇතුලු දමළ දේශපාලන පක්ෂද අද වන විට අතුරුදහන් වූවන්ගේ ගැටලුව වෙනුවෙන් හඩක් නැගීමෙන් වැලකී සිටින බවටද විරෝධතාවයේ නිරත වැසියන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

637 Viewers

3 Comments to “රජය දුන් පොරොන්දුවට වසරක් ගෙවෙයි.. විසඳුමක් නැතියි කියා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතා..”

  1. John says:

    දෙමළ අතුරුදහන් වූවන් ලෝ කයේ සෑම දියුණු රටකම විශේෂයෙන් යුරෝපයේ ,කැනඩාවේ සරනාගතයන්ලෙස ව්‍යාජ නම් වලින් සැපසේ ජිවත් වේ ..
    .ඔවුන් වැඩි දෙනෙක් නැවත විවාහ වී යාපනේ සිටින ඔවුන්ගේ භාර්යාවන් අමතක කර ඇත ..ඒ නිසා මේ රටවල සිටින දෙමළ සරණාගතයන් ගේ සත්‍ය තොරතුරු සෙවිය යුතුයි එවිට අතුරුදහන් වූ දමිළ ජාතිකයින් සොයාගත හැක

  2. sara says:

    Me mona mala karadayakda munwatha athuru dahan kalanam hari. Ape kollo kello athurudahan kale thope ewunne bola egana thopi mokada kiyanne. ane gewalwalwalta wela hitapiyawu apita wadayak nowee demala hathikare.

  3. indunil says:

    boru saaki walata ranaviruwann hirae daapu eka madida?

Main News