රජරට ගොවි පුත්තු රජ වුණු රටේ ගොවි ජනතාවට බෙහෙතකටවත් පොහොර ටිකක් නැති වෙලා…

December 29, 2017 at 11:20 am | lanka C news
රජරට ගොවි පුත්තු රජ වුණු රටේ ගොවි ජනතාවට බෙහෙතකටවත් පොහොර ටිකක් නැති වෙලා…

ජනාධිපති සහ කෘෂිකර්ම ඇමති යන දෙදෙනාම රජරට ගොවි පුතුන් වුවත් අද පොහොර මගඩියක් හේතුවෙන් රටේ උග්‍ර පොහොර හිඟයක් පැන නැඟ ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා අනාවරණය කර සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අනාවරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කර සිටියේය.

“පළාත් පාලන මැතිවරණයට රට අවතීර්ණ වෙලා තියෙන වෙලාවේ ඔබ කවුරුත් දන්නවා මැතිවරණ උණුසුමට වඩා රටේ කතා වුණේ වෙනත් මාතෘකාවක්. මිනිස්සු බලාගෙන ඉන්නවා බැඳුම්කර කොමිසමේ වාර්තාව අද එයි හෙට එයි කියලා. ඒ බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් මහ බැංකු හොරුන්ව මනා ලෙස නිරාවරණය කරයි කියලා. නමුත් ඒකත් බාලගිරි දෝෂය වගේ. ඒ අද නොවේ හෙට ආදී වශයෙන් කල්ගත කරමින් තිබෙනවා. ඒ වගේම මුළු රටේම අවධානය බැඳුම්කර හොරකමට යොමු වෙලා තියෙන මේ අවස්ථාවේ අපේ රට දැවැන්ත පොහොර හිඟයකට ගොදුරු වෙලා තියෙනවා.

පොහොර රුපියල් 350ට දීපු ආණ්ඩුව ගෙදර යවලා, අද රුපියල් 2500ටවත් පොහොර මිටියක් ගන්න බැරි තැනට ජනතාව ඇද වට්ටලා තියෙනවා. තෙල් ටික නෑ. නැව එනකල් බලාගෙන ඉන්න වෙලා තිබුණා. දැන් පොහොර ටිකත් නැහැ. නැව එනකල් බලාගෙන ඉන්න කියලයි ඇමැතිතුමා ගොවි ජනතාවට කියන්නේ. නැව එනකල් බලන් ඉන්න පුළුවන් ඇමතිතුමෝ, හැබැයි මේ කන්නේ මොකද කරන්නේ? වගා නොකර ඉඳීමෙන් ඇති වන අහේනියට ගොවි ජනතාවට තියෙන උත්තරේ මොකක්ද?

අපි හොයලා බැලුවා, ‘මේ පොහොර හිඟයට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන කාරණය මොකක්ද?’ කියලා. දෙසැම්බර් 16 වැනිදා කෘෂිකර්ම අමාත්‍යංශය සිරිත් පරිදි පොහොර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් කැඳවූවා. ලංකාවට බොහෝ විට ගෙන්වන්නේ ප්‍රිල්ඞ් යූරියා (Prilled Urea) කියන වර්ගයයි. අනික් වර්ගය කැට වශයෙන් එන්නේ. ඒවා ඉක්මනට පසට උරා ගන්නේ නැහැ. මේ නිසා දිගටම ගෙනත් තියෙන්නේ ප්‍රිල්ඞ් යූරියා කියන වර්ගයයි. එක වතාවක මිලෙන් අඩු නිසා අනෙක් යූරියා වර්ගය(Granular Urea) ගෙනාවත් ප්‍රමිතියෙන් තොරයි කියලා එය ගෙන්වීම නතර කළා. ඒ නිසා ලෝක වෙළඳපොළේ තරමක් මිල වැඩි වුණත් ප්‍රිල්ඞ් යූරියා කියන දේ ගෙන්වනවා.

රජරට ජනාධිපති ගොවි පුතා, රජරට කෘෂිකර්ම ඇමැති ගොවි පුතා

ඒ අනුව ප්‍රිල්ඞ් යූරියා මෙට්‍රික් ටොන් 36000කට අමාත්‍යාංශය මිල ගණන් කැඳවූවා. සමාගම් ගණනාවක් තම තමන්ගේ මිල ගණන් මෙහිදී ඉදිරිපත් කළා. එක සමාගමක් ටොන් එකක් ඩොලර් 287 ගාණේ ගෙන්වලා දෙන්නම් කියලා තිබුණා. නමුත් මේ ටෙන්ඩරය අවලංගු කළා. ඇමතිවරයා හදිස්සියේම ටෙන්ඩර්වලට සම්බන්ධ වුණු පස්වැනියාට නම තියෙන සමාගම කැඳවලා ඔහුගෙන් මිල ගණන් අහනවා. ඒ අහන්නෙත් සාමාන්‍යයෙන් ලංකාවට උචිතයි කියන ප්‍රිල්ඞ් යූරියාවල මිල ගණන් නොවෙයි, උචිත නැහැයි කියන ග්‍රැනියුලර් යූරියාවල මිල ගණන් තමයි මේ අහන්නේ. ඔහු කියනවා ටොන් එකක් ඩොලර් 316ක් කියලා. සාමාන්‍යයෙන් හදිසියේ අවශ්‍ය වුණොත් කියලා අනෙක් සමාගම් ග්‍රැනියුලර් යූරියාවලට මිල ගණන් දීලා තිබුණා. එක සමාගමක් මීට වඩා ඩොලර් 29ක් අඩුවට ටෙන්ඩරය දීලා තිබුණා. ඒ සමාගම් පැත්තකට දාලා ටෙන්ඩර් ඉල්ලපු සමාගම් අනු ලේඛනයේ පස්වැනියාට තිබුණු සමාගමෙන් එතෙක් ලංකාවේ පසට උචිත නැහැ කියන යූරියා වර්ගය ගෙන්වන්න මිල ගණන් ගන්නවා. නිකම් නෙවෙයි අතට ඩොලර් 29 පාඩුවකුත් එක්ක. ප්‍රිල්ඞ් යූරියා මෙට්‍රික් ටොන් 36000කට මිල ගණන් කැඳවූවත් පසුව ග්‍රැනියුලර් යූරියා මෙට්‍රික් ටොන් 73000කට මිල හැදෙනවා.

ඒ සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මෙට්‍රික් ටොන් 73000ක් ගේන්න දෙනවා. නමුත් මුදල් අමාත්‍යංශය මේක අනුමත කරන්නේ නැහැ. අමාත්‍යවරයා හදිසි කැබිනට් මණ්ඩල හමුවක් අරගෙන, ‘පොහොර හිඟයක් තියෙනවා. ගොවියා අසීරුතාවයෙන් ඉන්නේ. ඒ නිසා ටෙන්ඩර් කැඳවලා ගේන්න වෙලාවක් නැහැ. ඉක්මනින් ගේන්න ඕනේ’ කියලා ඩොලර් 29ක පාඩුවකුත් එක්ක ප්‍රමිති ආයතනය පවා ලංකාවේ පසට සුදුසු නැහැ කියූ ග්‍රැනියුලර් යූරියා මෙට්‍රික් ටොන් 73000ක් ගේන්න කැබිනට් අනුමැතිය ගන්නවා. දැන් ඇමැති කියනවා, ‘නැව මඟ එනවා’ කියලා. තවම නැවට බඩු දාලාවත් නැහැ. පොහොර පටවලා මේ නැව එන්න අඩුම තරමේ ජනවාරි මාසේ අග වෙනවා. මේ රටේ ගොවි ජනතාවගේ ජීවිතත් එක්කයි, කෘෂිකර්මය මත යැපෙන පවුල්වල ජනතාවගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම් කරන්නේ. ඇමැතිවරුන්ට යටි මඩි ගහන්න, කුට්ටි ගණන් හොයන්න පොහොර ව්‍යාපාරය යොදා ගත්තාම අන්තිමට අසරණ වෙන්නේ මේ රටේ කෘෂිකර්මය මත යැපෙන ජනතාව. රජරට ගොවි පුතෙක් මේ රටේ පාලන බලයට ආවයි කියලා පාරම් බානවා. රජරටින් ගොවි පුතෙක් කෘෂිකර්ම ඇමති වුණා කියලා පාරම් බානවා. රජරට ජනාධිපති ගොවි පුතා, රජරට කෘෂිකර්ම ඇමැති ගොවි පුතා ඉන්න රටේ තමයි පොහොර මගඩිය කරලා, කුට්ටිය කඩා ගන්න ගිහින් ජනතාවට බෙහෙතකටවත් පොහොර ටිකක් නැති වෙලා තියෙන්නේ.

ආණ්ඩුව මුළුමනින්ම වග කියන්න ඕනේ මේ පොහොර හිඟයට. පොහොර හිඟයෙන් බැට කාලා තියෙන්නේ සාමාන්‍ය වී වගාව විතරක් නෙවෙයි. අනෙකුත් වගාවනුත් මෙයින් බැට කාලා තියෙනවා. වෙන රටක වුණානම් මේ වෙනකොට කෘෂිකර්ම ඇමැතිවරයා ඉල්ලා අස්වෙලා.”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ කපිල ගමගේ හා ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද එක් වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

4,757 Viewers

5 Comments to “රජරට ගොවි පුත්තු රජ වුණු රටේ ගොවි ජනතාවට බෙහෙතකටවත් පොහොර ටිකක් නැති වෙලා…”

  1. බන්ඩා says:

    මොකක්ද දැන් ජනාධිපති ගොවිි පුතා ගෙ අත ශක්තිමත් කොරන්න ශ්රි ලංකා නිදහස් පක්ෂෙට පැන්න වීරකුමාර මේ ගැන කියන්නෙ

  2. බන්ඩා says:

    මොකක්ද දැන් ජනාධිපති ගොවි පුතා ගෙ අත ශක්තිමත් කොරන්න ශ්රි ලංකා නිදහස් පක්ෂෙට පැන්න වීරකුමාර ගොවි පුතා මේ ගැන කියන්නෙ.

  3. ARAWINDA says:

    maasa deka tunakata pera madyama palaath sabhaawe JAATHIKA KODIYA osawala mahaa
    wiplawayak karapu j,n,p, NIMAL PREMAWANSA, dina keepayakata pera, singhala jaathika wiyaapaarayata KODIYA WENUWATA SARAMA USSAA PENWALA narisenage gubbeyamata
    ringuwa, S,B, GAME MINIHA NISAA MEYATH A,,,,,,,,I WALATAMA WETUNA,

  4. love nature says:

    ඊලඟට මේ ‘ගොවි පුතා‘ ගේ ලබන මස සිට අරඹන්නට අපේක්ෂා කරන ‘වගා සංග්‍රාමය‘ ගැන අවධානය යොමු කරමු. කෘෂිකර්මාන්තයට අද අත්ව ඇති ඉරණම ගැන කිසිවෙකුට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. පලමුව මොහුට මේ වන විට සිදු ඇති පාරිසරික වෙනස්කම් පිලිබඳව අවබෝධ විය යුතුය. නියඟය හා ගංවතුර විසින් රටේ භූමිය මාරුවෙන් මාරුවට ගිල ගන්නා කල්හි ඊට සෑහෙන දුරකට හේතු සාධක වන පරිසර විනාශයන් නවතා ලන්නට, පරිසර විෂය භාර ජනාධිපතිවරයාහට සැබෑ වුවමනාවක් තිබේද? ස්වභාවික උපද්‍රවවලට අමතරව පවතින අලි මිනිස් ගැටුමට පිලිතුර වශයෙන්, එම විෂයට කොහෙත්ම සම්බන්ධයක් නැති කරුණාරත්න පරණවිතාන ඇමතිවරයා ලඟ ඇති විසඳුම නම් වැඩිපුර සිටින අලි අල්ලා රට පැටවීමයි. රටේ ඇති වරායන්, සරු ඉඩම්, ගුවන් තොටුපොලවල් ආදී සම්පත් ගනයට වැටෙන සියලු දේ විකුණන්නටම සැදී පැහැදී සිටින යහපාලන රජයට අලින්, වල් ඌරන් ආදී සතුන් පමනක් නොව වැඩිපුර සිටින මිනිසුන් හා ගැහැණුන්ද විකුණාගෙන කන්නට සිතක් පහල නොවුවහොත් පුදුමයකි.

  5. Gadol says:

    ඊ ලග චන්දෙටත් අමාරැවේ දාපු ගොවියන්ගෙ චන්ද ටික ගන්න ඕන…

Main News