රජරට වකුගඩු රෝගය තවත් වසර 10කදීවත් තුරන් කරන්න බෑ..

February 18, 2017 at 2:01 am | lanka C news
රජරට වකුගඩු රෝගය තවත් වසර 10කදීවත් තුරන් කරන්න බෑ..

ගොවි ආර්ථිකය නංවාලීම රජයේ ප්රධාන අරමුණක් බව නියෝජ්ය ඇමතිනී අනෝමා ගමගේ පවසන්නීය.

අම්පාර දිසාපති කාර්යාලයේදී පැවති කරංගාව ප්රදේශයේ වගා පාළු වූ ගොවීන් 74 දෙනෙකුට වන්දි ප්රදානය කිරීමේ අවස්ථාව අමතමින් ඇය ඒ බව කීවාය.

ඉදිරි කන්නයේ අස්වනු නෙලීමෙන් පසුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ගොවි ගැටළුවලට විසඳුම් ලබා දෙන බව ගමගේ මහත්මිය පැවසුවාය.

රක්ෂණ ආවරණයක් ලබාගෙන නොමැති ගොවීන්ට ද වගා පාළු වන්දි ගෙවීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා උපදෙස් දී ඇති බව ඇය කියා සිටියාය.

කාබනික පොහොරවලට ගොවීන් හුරු වීමේ අවශ්යතාව පැහැදිළි කළ ඇය අවධාරණය කළේ, අකාබනික පොහොර භාවිතයෙන් සිදු වන්නේ, පොහොර සමාගම් පොහොසත් වීම හා ජනතාව රෝගී වීම පමණක් බවයි.

රජරට පැතිර ගොස් ඇති වකුගඩු රෝගය ඉදිරි වසර 10කදීවත් තුරන් කිරීමට නොහැකි වනු ඇති බව නියෝජ්ය ඇමතිනිය පැවසුවාය.

– ජෝර්ජ් ද සිල්වා

1,861 Viewers
Main News