රටට මෙහෙම වුනේ ඇයි.. රජ කාලෙ ක‍්‍රමය ගේන ඔ්නෑ..- ගෝටා පහදයි..

March 13, 2018 at 6:48 pm | lanka C news
රටට මෙහෙම වුනේ ඇයි.. රජ කාලෙ ක‍්‍රමය ගේන ඔ්නෑ..- ගෝටා පහදයි..

නායක ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා වලට ඇහුන්කම් දීමක් නැතිව කටයුතු කිරීම නිසා අද වන විට රට මේ තත්වයට පත්ව ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

අද වන විට පාලකයන් කටයුතු කරන්නේ රාජ්‍ය නොවන සංවිධානවල උපදෙස් මුලික කරගෙන බවත් ඒ මහතා කියයි.

මෙරට ආගම, සංස්කෘතිය, ස්වෛරීභාවය ආදියට ඇති වැදගත්කම අමතක කර ඇති යුගයක් ඇතිව තිබෙන නිසා අප සමාජයේ විවිධ කොටස් අතර ප‍්‍රශ්න ඇතිව තිබෙන බවද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සදහන් කරයි.

බුද්දාගමට මුල් තැන දෙන්නේ යයි ව්‍යවස්ථාවේ වාක්‍යයක් ලෙස පමණක් පැවතී පලක් නැති බවත් එදා රජ දවස සිට පැවති ක‍්‍රමවේදය අනුගමනය කල යුතු බව තම අදහස බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

කුලියාපිටියේදී පැවති උත්සව සභාවක් අමතමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

31,684 Viewers

21 Comments to “රටට මෙහෙම වුනේ ඇයි.. රජ කාලෙ ක‍්‍රමය ගේන ඔ්නෑ..- ගෝටා පහදයි..”

  1. Rajasinha says:

    Yes with the advice of mahasanga only abducted people in white vans and killed political opponents.

    • jayamal says:

      ගෝටාභය මැතිතුමා රටට නිදහස ලබා දුන් ජාතික වීරයෙක්. ජනතාව ඔබ සමඟයි, ජයෙන් ජයම වේවා!

      • sayumi says:

        ඔබතුමාගෙ කතාව හරියටම හරි ගෝඨාභය මැති තුමනි. ජයෙන් ජයම වේවා !! අප ඔබ සමගයි.

  2. SUNIL says:

    නායක ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා වලට ඇහුන්කම් දීමක් නැතිව මාලිගාව වටේ රේස් පැද්ද කාලෙකුත් තිබ්බා. මෙයා මෙච්චර පන්සල් ගානෙ ගිහින් ආගම සංස්කෘතික සවෛයිරිභාවය ගැන කියවන්නේ 2020 ටාර්ගට් කරගෙනනේ අනේ අපි නොදන්න රාජපක්සලාගේ දේශප්‍රේමේ

    • victor says:

      හරි හරි තමුසෙගෙ එකම පෝස්ට් එකක් වත් තියෙනවද මම දන්නෙ නෑ රාජපක්ෂලට මොන විධියකින් හරි ගරහන්නෙ නැති. ඒක පැත්තක තියමුකො. තමුසෙ ඔය තරම් කඩේ යන, මේ ගවපාලනය රටට පහුගිය අවුරුදු තුනටම කරපු එක හොඳ දෙයක් කියමුකො බලන්න.

      • sunil says:

        ඇයි බන් වාර්තාවක් තියල මහා බැංකුව සුද්ද කරලා දුන්නේ. ඒකම මදිද. තව ඕනෙද හම්බන්තොට වරයා චිනට දුන්නේ. තව ඕනෙද, රණ විරුවන්ව හිරේ තිය ගෙන ඉන්නේ. තව ඕනෙද හාමුදුරුවරු ගණනාවක්ම හිරේ දැම්මේ. තව ඕනෙද ……….මම රාජපක්සලට ගරහන්නේ නැත්නම් ජිවත් වෙන්නේ කොහොමද. එක මගේ රස්සාව එකට මට සිරිකොතෙන් හැම මාසෙම ගෙවනවා නේ. මම විතරක්ය මත එක්ක තව 20 ක් අයි.ටි සෙක්ෂන් එකේ වැඩකරනවා ගිය ආණ්ඩුවට ගරහන්න විතරක්.

    • රටට හිතැති says:

      මිනිහෝ නායක උන්නාන්සෙත් යාන්තම් බේරාගෙන පන්සලට වෙලා LTTE ත්‍රස්තවාදීන්ට එරෙහිව ගෙනගිය සටනට පොල්ල දාපු “ඕන ගොනෙක්” ගේන පාක්කුඩම් සිරික්කිය දාල බාරගෙන දැන්නම් බොහොම සතුටින් අල්ලාප සල්ලාපේ යෙදෙන්නෙත්, එදා මෙතුමා ඇතුළු රාජපක්ෂ වරු ගෙනගිය අදිශ්ටාණශීලී අරගලය නිසා බව රටට ආදරය කරන ජනතාවට කවදාවත් අමතක වෙන්නේ නෑ! උඹල වගේ ගොබ්බයන්ට අමතක වුනාට.

    • Boo says:

      ක්‍රෝටන් සමඟ තණකොළ බුදින සම-හරක් ට මාලිගාව වටේ රේස් පැදීම තමයි රටේ තිබුන ලොකුම ජාතික ප්‍රශ්නය.

    • සිංහල බෞද්ධය says:

      සුනිල් ගොනෝ. උඹ අන්‍ය ජාතිකයකුට හරි අන්‍ය ආගමකට හරි ජාතක උනාට, දැනගනින් මේක සිංහල බෞද්ධයො 70% ඉන්න රට. හාමුදුවන්ගෙ අනුසාශනා අනුව තමයි රටේ නායකයො රට පාලනය කලේ. තොපේ කොන්ද පන නැති නායකයො වගේ නෙමෙයි. දැනගනින්. අපි 70% ම එකතුවෙලා ගෝඨාභය මැතිතුමාව 2020දි ජනපති කරනව තමයි.

    • vishnu says:

      තෝ මොකාට ජාතක උනාද අපිට ප්‍රස්නයක්නෑ.
      ඒ ජාතක කරපු එකෙකුගෙන් අහපන් 1970
      ගණන් වලදීත් ඕක වටේ රේස් තිබුන.මහ
      නායකවරු එදත් හිටිය එත් ඔයවගේ කෑ ගැහුවෙ නෑ

  3. Akramrafai says:

    Daladha maligawa wate race pedhei kage anushashanawa anuwadha😇

  4. Sana says:

    I do believe you are a gentleman with good vision and lots of experiences
    Hope you are going to be a unique person to give leader ship for our nation

    well said

  5. Ranjan says:

    Okkomatam Dalada Maligawa wate race padhinne puluwan wunne LTTE sakkiliyan okkoma nethikala ta passe neda? Api nidhasey jeewathwanne Gotabaya saha mahindage edithara nayakthwaya nisa neda? Nethnam LTTE karayangen guti kaka inne thibuna neda?

  6. indunil says:

    pala athi rukata gall gaseema

  7. Buddhist says:

    Rajakale dewal, ekada minissu maruwe?

  8. Raawanaa says:

    ratata mehema welaa thibenne , balalobhee sakkili deshapaaluwo nisayi. raja kaale deshapaalana paksha nothibuna nisaa rajuge neethiyata,hema purawesiyekma awanatha unaa.jaathin washayen balayata kewal karanna lebune nehe.rataka jaathin washayen paksha hedeemata awasara nodiya yuthuyi, Araabi ratawala paksha deshapaalanaya thibenawada? me prajaathantrawaadaya kiyana magula nisayi me winnehiya .e madiwata maanawa himikam. kisi kenek kathaa karanawada maanawa yuthukam gena?

    • කැකිරි says:

      අද සිංහලයා දෙකට තුනට බෙදිලා පක්ශ බදා ගෙන දඟලනවා. සුලු ජාතීන් ඒකෙ වාසිය ගන්නවා.ඇත්තම කියනවා නම් සුද්දා අපට භාර දීලා ගිය මේ උලව් පක්ශ ක්‍රමය අපේ රටට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. වසර දහස් ගණනක් තිස්සෙ අපේ රටවල් ඉතාම සමුර්ධිමත්ව පැවතුනේ ඔය උලව් පක්ශ ක්‍රමය තිබිලා නෙමෙයි.සුද්දා දීපු උලව් ප්‍රජාතන්ත්‍ර වාදෙ තිබිලා නෙමෙයි.

  9. sam says:

    අනේ අපි නොදන්න රාජපක්සලාගේ දේශප්‍රේමේ

Main News