රටක් හඬද්දී පච රණවක හිනාවෙයි.. වැඩබැරි නිකමෙක් කියා ඔප්පු කරයි..

April 23, 2017 at 10:40 am | lanka C news | ලංකා සී නිවුස්
රටක් හඬද්දී පච රණවක හිනාවෙයි.. වැඩබැරි නිකමෙක් කියා ඔප්පු කරයි..

පිවිතුරු හෙළ උරුමය පිළිගත් දේශපාලන පක්ෂයක් බවට පත්කිරීම පිණිස සාකඡාවක්ල මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ පිවිතුරු හෙළ උරුමයේ නායකයන් අතර රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ඊයේ දින (22) පැවැත්වින.

මේ අවස්ථාව සඳහා පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල, ලේකම් උපුල් විජේසේකර, ජාතික සංවිධායක මධුමාධව අරවින්ද, සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර ඇතුළු පිරිසක් සහභාගි විය.

මැතිවරණ කොමසාරිස්වරයා සමග පැවැත්වූ සකච්ජාවෙන් අනතුරුව පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

පිවිතුරු හෙළ උරුමය දේශපාලන පක්ෂයක් විදිහට පිළිගැනීම සම්බන්දයෙන් සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද අපිව කැදෙව්වා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුලු කොමිසමේ සාමාජිකයන් සමග ඉතාමාත් හරවත් සාකච්ජාවක් අපි පැවැත්තුවා. අපි පෙන්වලා දුන්නා මේ රටේ දැනට තිබෙන පිළිගත් දේශපාලන පක්ෂ වලට වඩා මේ රටේ දේශපාලන දිශානතිය තීරණය කරන්න පිවිතුරු හෙළ උරුමය කළ සහ කරමින් සිටින කාර්යය බාරය. අපේ පක්ෂය පිළිගත යුත්තේ ඇයි කියන්න අපි මැතිවරණ කොමිසම ඉදිරියේ කරුණු පෙන්වා දුන්නා. අපේ ක්‍රියාකාරකම් මොනවාද කියලා පරික්ෂා කරන්න ලිපි ගොනු විවෘත කරන්නවත් අවශ්‍ය වුණේ නෑ. අපේ ක්‍රියාකාරකම් එතුමන්ලා දෑසින්ද දැකලා තිබුණා කියලා අපිට දැනුම් දුන්නා.

මේ රටේ දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. අද නිහඬ බහුතරය වන සිංහලයන් වෙනුවෙන් හඬක් නගන පක්ෂයක් නෑ. පිවිතුරු හෙළ උරුමය අපි හැදුවේ ඒ හිඩස පුරවන්න. අද දෙමළ ජාතික සංන්ධානය දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනි සිටියදී, මුස්ලිම් දේශපාලන පක්ෂ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් පෙනි සිටිනවා. ඒ නිසා පිවිතුරු හෙළ උරුමයේ අනාගත දේශපාලන කාර්යබාරය වන්නේ මේ රටේ උරුමය තියෙන නිහඬ බහුතරයගේ හඬ බවට පත්වීමයි.

ආණ්ඩුවේ පරාජයේ පාර මුස්ථාපා කපයිද ?

අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කලා මේ ආණ්ඩුව මේ කපේට පලාත් පාලන මැතිවරණය පවත්වන්නේ නෑ. නිදහසට කාරණා විදිහට ඉදිරිපත් කරන්නේ පලාත් පලන පනතේ සංශෝධන 47ක් කරන්න තියෙනවා. ඒ සංශෝධන නොකර මැතිවරණය පවත්වන්න බෑ කියන හේතුව.

අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරා පාර්ලිමේන්තුවේ සිටින සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මැතිවරණ කොමිසමට අවශ්‍ය වී තිබෙන සංශෝධන වහාම ලබා දෙන්න කියලා. පිවිතුරු හෙළ උරුමය විදිහට අපි කැමතියි පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් විදිහට පලාත් පලාන මැතිවරණ පනතට ඒ සංශෝධන ගෙනැල්ලා මේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නිතීමය පසුබිම සකස් කරන්න. මොකද අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ෆයිසර් මුස්ථාපා මා හිතවත් පලාත් පාලන ඇමතිතුමා නම් මැතිවරණ තියලා ආණ්ඩුවේ අන්ත පරාජයට පාර කපන්නේ නෑ කියලා.

ආණ්ඩුවේ පරාජය අපේ ජයග්‍රහනය අපේ ජයග්‍රහනයේ පාර ෆයිසර් ඇමතිතුමා නම් කපන්නේ නෑ. ඒක අපිම කපා ගතයුතුවෙනවා. ඒ නිසා පිවිතුරු හෙළ උරුමය විදිහට අපි මේ සංශේධන පාර්ලිමේන්තුවට ගෙන්න ලෑස්තියි කියන පණිවිඩය අද මැතිවරණ කොමිසමට ප්‍රකාශ කලා. අවශ්‍ය සංශෝධන සියළුම මන්ත්‍රීවරුනට ලබා දෙන්න කියලා ඉල්ලීමද කලා.

චම්පිකගේ හිනාව ගැන උදය කී කතාව

මෙහිදී කොළඹ නගර සභාවේ කසල වෙනත් ප්‍රදේශවලට බැහැර කිරීමසම්බන්ධයෙන් ජනතාව දක්වන විරෝධය සහ දේශපාලන කුමන්ත්‍රණයක් දේශපාලන උසි ගැන්වීමක් බවත් ඒ සමන්ධයෙන් තමන්ට දැන් හිනා යන බවටත් පාඨලී චම්පික රණවක ඇමතිතුමන් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රස්ණකර සිටියා.

ඒ සම්බන්ධයෙන් අදහස් පල කල උදය ගම්මන්පිල මහතා,

රටක් හඬා වැටෙද්දි වගකීම බාර ගතයුතු ඇමතිවරයාට සිනහා යනවා නම් ඒකෙන්ම පේනවා එතුමා ජනතා ප්‍රශ්න වලට සංවේදීද කියලා. නාගාරික සංවර්ධන අධිකාරියට තමයි මීතොටමුල්ල කසල කන්ද පිහිටි ඉඩම අයිති. ඒක සංවර්ධනය කරනේ කවුරුවත් නෙවෙයි නාගරික සංවර්ධන අධිකාරිය. ලංකාවේ කුණු කදු වලට අයිතිකරුවන් ගොඩක් ඉන්නවා. දොම්පේ කසල රදවනය මධ්‍යම පරිසර අධිකාරියට, කරදියාන කළමණාකරනය කරන්නේ බස්නාහිර පලාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියෙන්, හැබැයි මීතොටමුල්ල කළමණාකරණ කළේ නාගරික සංවර්ධන අධිකාරියෙන්.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි කලට යුධ හමුදාව යොදාගෙන ඇල මාර්ග නඩත්තු කලා, නිසි කලට කන්ද පැතැලි කලා. චම්පික රණවක ඇමතිතුමා මේ මහා ඛේද වාචකය සිද්ධ වෙලා තිස් ගානක් මිය ගියාට පස්සේ මාධ්‍ය ඉදිර්යට ඇවිත් කියනවා මේ කන්ද මිටර 48ක් උසට තිබුණා. මිටර් 30කට වඩා උස වුණාම කන්ද කඩන් වැටෙනවා තමයි කියලා. ගෝඨාභය මහත්තයා මේ වගේ මාධ්‍ය සංදර්ශන තිබ්බේ නෑ. උස වැඩිවන විට කන්ද පැතැලි කරලා වතුර බහින්න අවශ්‍ය ඇල මාර්ග නඩත්තු කරලා කන්ද කඩා වැටෙන එක වළක්වා ගත්තා. අද අපිට අවශ්‍ය වැඩ බැරි කතා කරන්න පුළුවන් ඇමතිවරු නෙවෙයි. කතා කරන්න පුළුවන් වුණත් බැරි වුණත් වැඩ කරන ඇමතිවරු. තමන් වැඩ බැරි ඇමතිවරයෙක් කියලා පාච රණවක ඇමතිතුමා මේ සිද්දියේ දී රටටම ප්‍රදර්ශනය කරලා ඉවරයි.

– අරවින්ද අතුකෝරල

10,298 Viewers

4 Comments to “රටක් හඬද්දී පච රණවක හිනාවෙයි.. වැඩබැරි නිකමෙක් කියා ඔප්පු කරයි..”

  1. NARAYANA says:

    PACHA CHAMPIKA should be brought to people’s justice as now vountry law taken to jungle by the YAHAPALANA

  2. Kal says:

    කොළඹ බහුතරය ……….. කොළඹ කුණු අදින සමාගම්ද ………… ඒ නිසා. ….බහුතරය ඉන්නා කොළඹ කුණු සිංහල පළාත්වලට දමා පරිසරය දූෂණය කිරීම පහසු වී ඇත. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා.

  3. Dushantha says:

    මරා හොරා හොරා කියලා මේ වෑඩ බෑරි දාසලා ටික චන්දෙ දීලා පත් කරගත්තනන් දෑන් ඉතින් විඳ වන්ඩයි තියෙන්නෙ. මුන්ට කරන්ඩ පුළුවන් දෙයක් නෑ. මුන් කල්පනා කරන්නෙ කොහොමද වෑඩ වර්ජන උද්ගෝෂන නවත්තන්නෙ කියලා.

  4. gavin gunawardane says:

    වැඩ බැරි කතාවට විතරක් දක්ශ එවුන්
    අද හැමතැනම සංදර්ශන පවත්වමින්
    මේ දේශනා කරනා පිල්ලෙයත් ඉතින්
    ඒ සංගමේ ඉන්නා තව එකෙකි බොලන්

Main News