රටම කෙල ගහන රාජිතගේ ප‍්‍රකාශයට ජනපතිගෙනුත් සැර ටොක්කක්..[Video]

May 19, 2018 at 10:36 pm | lanka C news
රටම කෙල ගහන රාජිතගේ ප‍්‍රකාශයට ජනපතිගෙනුත් සැර ටොක්කක්..[Video]

ත‍්‍රස්තවාදියා කවුද රණවිරුවා කවුද කියා පැහැදිලි කර ගැනීමට අද සමහරුන්ට නොහැකි වීම කණගාටුවට කරුණක් යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ අද (19) පස්වරුවේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස පැවති ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අමතමිනි.

උතුරේ පැවති යුද ගැටුම්වලදී හමුදාව අතින් සිවිල් වැසියන් මිය ගියේ යයි ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශයකට සමාජයේ විවිධ ස්තරයන්ගෙන් දැඩි විවේදන එල්ල වෙද්දී ජනාධිපතිවරයා විසින් මෙම ප‍්‍රකාශය කිරීම විශේෂයකි.

මේ සම්බන්දයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

****

ඇතැම් මාධ්‍ය සහ අන්තවාදී සංවිධාන වැරදි ලෙස විග‍්‍රහ කරන අයුරින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්වරයාගේ යෝජනා තුළද අපගේ ආරක්ෂක හමුදාවන්ට යුධ අපරාධ පිළිබද චෝදනා නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

ඒ පිළිබ`ද අද චෝදනා නගන්නේ රටින් පිට සිටින රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එරෙහි එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් පිරිස් විසින් බව ද ජනාධිපතිතුමා ස`දහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (19) පස්වරුවේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස පැවති ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අමතමිනි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා කවුද යන්න ඇතැමුන්ට තේරුම් ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවයි.

ඇතැම් දේශපාලනඥයින්ට මෙන්ම මුදල් පසුපස හඹායන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලටද අද රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා අතර වෙනස අවබෝධකරගත නොහැකිව ඇති බව ස`දහන් කළ ජනාධිපතිතුමා දේශීය චින්තනය, අපේකම් අපේ උරුමය ශිෂ්ටත්වය සහ සභ්‍යත්වයේ ගෞරවය තුළ සෑමවිටම රට, ජනතාව සහ රණවිරුවන් වෙනුවෙන් කටයුතු කරන්නැයි තමා එම සියලූදෙනාගෙන් ඉල්ලන බව ද පැවසීය.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාර රණවිරුවන්ට සැමදා ජාතියේ උත්තමාචාරය හිමිවන අතර, රණවිරුවන්ට ලබා දියහැකි ඉහළම ගෞරවය සහ ප‍්‍රණාමය පුද කිරීමට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුබසාධනය උදෙසා රජය අඛණ්ඩව කැපවන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

අද ඇතැම් රාජ්‍ය මාධ්‍යවලට ද රණවිරුවන් ඇගයීම අතපසු වී තිබෙන අතර අතැම් රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ද වත්මන් රජය විසින් රණවිරුවන් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබ`ද කථා නොකිරීම කණගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පැවසීය. වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව මාතෘ භූමිය වෙනුවෙන් කළ කැපවීම් පිළිබ`ද නිරන්තරයෙන් ජනතා මතකය අවදි කරමින් ඔවුන් වෙනුවෙන් ලබාදිය හැකි ගෞරවය පුද කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා එම සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේය.

රණවිරුවා කිසිවිටෙකත් දේශපාලන අතකො`ථවක් නොවිය යුතු අතර, දේශපාලනඥයන්ට බලයට ඒමට, බලයට එන ආණ්ඩු පෙරළීමට හෝ දේශපාලන පක්ෂ සංවිධානය කිරීමට ඔවුන් භාවිතා නොකළ යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ම්ලේච්ඡු ත‍්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය වුවද තවමත් මතවාදී ලෙස පරාජය වී නොමැති අතර, රටින් පිට සිට තවමත් ඊලාම් රාජ්‍යයක් පිළිබ`ද සිහින දකින එම අන්තවාදින්ගේ සිහින ඉටුකර ගැනීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවයි.

පසුගිය වසර තුන හමාර තුළ රජය සිය මිත‍්‍ර රාජ්‍යයන්ගේ ද සහය ඇතිව කැපවූයේ රට බෙදන එම මතවාදයන් පරාජය කිරීම වෙනුවෙන් බවත් ඉදිරියට ද එම සියලූදෙනාගේ සහය ඇතිව එම වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවන බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
ත‍්‍රස්තවාදය පරදා ලක්වාසී සියලූ ජනතාවට නිදහස් නිවහල් රාජ්‍යයක් උදාකර දීමට දිවිහිමියෙන් සටන් වැදුණු වීරෝධාර රණවිරුවන් සමරා වාර්ෂිකව පැවැත්වෙන රණවිරු සැමරුම මෙවර ද ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි.

මෙහිදි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා මාතෘ භූමිය වෙනුවෙන් දිවිපි¥ සියලූ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිරිනැමීය.

– ජනාධිපති මාධ්‍ය අංශය

33,522 Viewers

17 Comments to “රටම කෙල ගහන රාජිතගේ ප‍්‍රකාශයට ජනපතිගෙනුත් සැර ටොක්කක්..[Video]”

  1. සීගිරි says:

    ඇත්තටම රණවිරැවෝ කියලා ජාතියක් නෑ වගෙයි පෙනෙන්නේ…..නියම රණවිරැවෝ ඉන්නවනම් මේ වගේ කතා කියනකම් බලාගෙන ඉවසගෙන ඉන්නේ නෑ..

    • NAK says:

      Exactly!

      • නුවන් අයියා says:

        රණවිරුවනි නැගී සිටීමට කාලයයි .
        රාජිත වැනි චරිත යැවිය යුතු තැන යැවීමට කාලයයි
        ජනාදිපති කෙලින්ම නමින්ම කියා ඔහුගේ ප්‍රකාශය හෙලා දකින්න බය මොකද ?
        ජනාදිපතිට තමුන්ට තියෙන ප්‍රශ්න ජනතාව ඉදිරියේ කියන්න බය මොකද ?
        එහෙම ප්‍රශ්න කියා රටේ ජනතාවගෙන් සමාව ගෙන රටට විරුද්ද ද්‍රෝහීන් කවුදැයි ඔවුන් කරන්නේ කුමක් දැයි කියා බටහිර තානාපතියන්ට බිය නොවී කිව යුතු දේ කියා ජනතාව ඉදිරියට පැමිණුනොත් සැබෑ විපක්ෂය අනිවාර්යෙන්ම ඔහුව රැකගනු ඇත. ඔබ තවමත් ප්‍රමාද නැත .
        අවංකව කරන පාපොච්චාරණයකට ජනතාව සමාව දෙනු ඇත

        • Amda says:

          ටොකු ඇනලා හරියන්නෙ නෑ … කෝ අර මඩු වලිගෙ?

      • සාරංග says:

        රටම කෙල ගහල හරියන්නේ නෑ මේක කෙල ගහල විතරක් බේරෙන්න පුළුවන් ප්‍රකාශයක් නොවෙයි .
        මේ ප්‍රකාශය කලේ දෙමල සන්දානයේ ඉල්ලීම පිට ,රජයේ හමුදාවන් සිවිල් ජනතාව ගාතනය කළා කියල රජයෙන්ම පිළිගන්නා එක නීතිමය වශයෙන් අපේ හමුදාව වරදකරුවන් කිරීමට අවශ්‍ය ප්‍රධානම සාදකයක් එසේම රට බෙදීමට අවශ්‍ය එක සාදකයක් .
        රජයේ කැබිනට් මාද්‍ය ප්‍රකාශකයා කියන්නේ රජයේ නිල මතය ප්‍රකාශ කරන්නා
        ඔහු කියන සෑම වචනයක්ම ඔහුගේ පවුද්ගලික වචන නොවෙයි ඒවා ආණ්ඩුවේ නිල අදහස .
        එම නිල මතය එක්සත්ජාතීන්ගේ සන්විදානයේ රටට විරුද්ද යෝජනා සම්මත කරගැනීම සඳහා නීතිමය ප්‍රකාශන . මේ අනුව මේ ප්‍රකාශනය නිසා කෙලින්ම අපේ හමුදාවන්ට විරුද්දව කටයුතු කිරීමටත් රට බෙදීමටත් ඉතාම පැහැදිලි සාක්ෂියක් වනවා .

        ජනපතිමේ පිලිබඳ ඇත්තටම විරුද්දනම් කලයුත්තේ තැන් තැන් වල පවත්වන කතා වලදී මේ ගැන කීම හෝ ජනාදිපති මාද්‍ය ඒකකය ලවා මේ කතා උපුටා දක්වමින් නිවේදන නිකුත් කිරීම නොවේ .එවැනි කතා වලට කිසිම නීතිමය පිළිගැනීමක් නැත .
        ජනපති කලයුත්තේ ජනපතිගේ නිල මුද්‍රාව ඇතිව ඔහුගේ ලිපි ශීර්ෂයක ඔහුගේ අත්සනින් මෙම ප්‍රකාශය ඉතාම වැරදි බවත් රටේ ජනාදිපති හැටියට මෙම ප්‍රකාශය සම්පූරණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් මෙම ප්‍රකාශය රජයේ නිල මතය නොවන බවත් ලියා සියලුම මාද්‍ය ආයතන මෙන්ම සියලුම තානාපති කාර්යාල වලට එක්සත් ජාතීන්ගේ සංවිදානයට එම ලිපියේ පිටපත් යැවීමයි .
        තැන තැන් වල කියන කතා ගමේ ගොඩේ අපිට වලංගු උනාට ලෝක ආයතන වලට වලංගු නැත .
        මේ හදන්නේ දතාගේ ප්‍රකාශයේ නීතිමය තත්වය අවලංගු නොකරන ගමන් ජනතාවගෙන් ශේප් වීමට උත්සාහ ගැනීමයි .ජනපතිතුමනි ඔබට රට ගැන සැබෑ කැක්කුමත් ඇතිනම් වහාම මේ ප්‍රකාශය කරන්න .
        සිවිල් සංවිදාන සහ අපේ සන්ගයාවහන්සේලා ජනපතිවරයාට මේ ප්‍රකාශය කරන්න බලකරන්න

      • kolitha says:

        එකෙක් ඒ පැත්තට අනෙකා මේ පැත්තට…නියම අයිය මලෝ…..

    • Udrich says:

      Mu thamai kakkussi katava araksha karanne, dan boruvata baila gahanava.

  2. Raawana says:

    kunu dathaage jaraa kathaawalata hen gahapan

  3. gorilla says:

    Boru kathane ayise mewa rajitha honda nathnam ayin karapanko, nikam lori talks denne nathuwa
    Udeta ekak dawalta thawa ekak rata thawath ekak kiyanna pambayrk ne oi meka. Polu parak deela mathak karala deepanko ou me rate janadipathi bawa

  4. එකත් නෑ..දෙකත් නෑ..තුනත් නෑ....මහත්වරු... says:

    මහත්වරුනි….මුන්ට .එකත් නෑ..දෙකත් නෑ..තුනත් නෑ….මහත්වරුණි.එයා ජාතියේ අවාසනාවයි.

  5. බම්බුවේ ටොක්ක බෙල්ලම කපන්නේ නැතුව says:

    බම්බුවේ ටොක්ක…… බෙල්ලම කපන්නේ නැතුව….යුද්දෙට නැති කඩුව බැටේ ගහ ගන්නද තියන් ඉන්නේ? වෙහෙරට කෙලියමත්. නිවටකම දුප්පත් කමටත් වඩා දරුණුයි.

  6. NAK says:

    As usual Talk is cheap. After doing all the dirty things against our forces now all of a sudden he has become a patriot.
    You are finished Mr. President,politically,socially and mentally. No credibility no respect worse than Ranil himself.

    • Sayurie says:

      You’re absolutely correct. This may be a cheap trick to regain the lost credibility

    • Victor says:

      Exactly right ! This fellow will say anything for his gain. Why are our war heros languishing in prison. Why is he not intervening ? This is just lip service to hoodwink the gullible. We will never trust this ‘traitor to my country’.

  7. David Milli-banda says:

    Sira wes munak daalada inne………………. Ranaviruwo hire oi !!
    Sinhalayo wen wela …………….winashaya atha langa.

  8. kondekalu says:

    රාජිතට ජාතියෙන් සමාව ගන්න කියල කියන්නවත් කොන්දක් ජනපතිට නැද්ද?

    • bleo says:

      මොන කොන්දක්ද ඕයි ! මගේ එක බෝලයක් විස්කි මැඩම්ගෙ අඬුවට අහුවෙලා අනික මිස්ටර් ක්ලීන්ගෙ අඬුවට අහුවෙලා. ඉතිං මට සොරි නැද්ද !?

Main News