රටවල මුදල් ගැන නියාමනය කරන්නේ IMF.. කටාර් රියාල් ගැන එහෙම දෙයක් දන්වා නෑ..- සා/පෙ සිසුවෙක් දන්නා දේ කැබිනට් ප‍්‍රකාශක නොදනී..

June 8, 2017 at 12:00 pm | lanka C news
රටවල මුදල් ගැන නියාමනය කරන්නේ IMF.. කටාර් රියාල් ගැන එහෙම දෙයක් දන්වා නෑ..- සා/පෙ සිසුවෙක් දන්නා දේ කැබිනට් ප‍්‍රකාශක නොදනී..

කටාර් රාජ්‍ය තුල හට ගෙන තිබෙන අර්බුදය නිසා මෙරට ගුවන් තොටුපොළ තුල දි කටාර් සිට පැමිණි ශ්‍රිලාංකික ශ්‍රමිකයන්ට කටාර් රියාල් මාරු කිරිමට බාධා පැමිණ ඇත්තේ මෙරට පිහිටුවා ඇති බැංකු මගින් ශ්‍රීලංකාවේ මහ බැංකුව විසින් දුන් උපදේශයක් කියමින් එම මුදල් මාරු නොකිරීම හේතු කොට ගෙන බව පසුගිය දා මාධ්‍ය වාර්තා කලේය.

මේ සම්බන්ධව ඊයේ පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ මාධ්‍යවේදින් ත්‍රිපුද්ගල මාධ්‍ය ප්‍රකාශකවරුන් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්ගෙන් කටාර් රියාල් කටුණානායක ගුවන් තොටුපොළ තුල භාර නොගැනීම සම්බන්ධව ප්‍රශ්න කලහ.

එහිදි ජේෂඨ තෛයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ ” කොයි විදේශ මුදල් ද කියලා තීරණය කරන්නේ, භාවිතා කිරීමට හැකි මොනවාද කියලා තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ( IMF) ඉතිං ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැන්වුවොත් විතරයි කටාර් රියාල් භාර ගන්න එපා කියලා අපි ගාවට ගන්න බැරි, ඒක තමයි ජාත්‍යන්තර බැදීම, එහෙම කිසිම දෙයක් වෙලා නැහ, ඒ නිසා කටාර් රියාල් මෙහේ වලංගුයි” යන්නය.

එහෙත් පාසලක සමාන්‍ය පෙල සිසුවෙකු පවා ඉගෙන ගෙන තියෙන්නේ රටක විදේශ මුදල් භාවිතය සම්බන්ධ නියාමනය එසේ නැත්නම් තේරෙන භාෂාවෙන් ඒ රට තුල බැංකු විසින් භාර ගතයුතුයි ද නැද්ද තීරණය කරනු ලබන්නේ එරටේ මහා බැංකුව බවයි.
ඊට අමතරව යම් ආර්ථික සම්බාධක ජාත්‍යන්තරව පැනවිය හැකි එකම ආයතනය එක්සත් ජාතින්ගේ සංවිධානයයි. link

එමෙන්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( IMF) යනු ලෝකයේ තම සමාජික රටවලට ආර්ථිකය ශක්තිමත් කිරීමට මූල්‍ය පහසුකම් සපයන ආයතනයකි. එමෙන්ම එරටේ මුදල් ජාත්‍යන්තර විනිමයන් සමඟ ස්ථාවරව පවත්වාගෙන යෑමට අවශ්‍ය මූල්‍ය පහසුකම් මෙන්ම විශේෂඥ ඥණ්‍යය ද සපයන ලෝකයේ ධනවත් රටවල කොටස් හිමි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් විනා ලෝකයේ විදේශ මුදල් නියාමනය කරන ජාත්‍යන්තර විනිමය නියාමක කොමිෂන් සභාවක් නොවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ International Monetary Fund (IMF) කාර්යය සහ කර්ත්‍යවය මෙතනින්

8,596 Viewers

10 Comments to “රටවල මුදල් ගැන නියාමනය කරන්නේ IMF.. කටාර් රියාල් ගැන එහෙම දෙයක් දන්වා නෑ..- සා/පෙ සිසුවෙක් දන්නා දේ කැබිනට් ප‍්‍රකාශක නොදනී..”

  1. හීන් බන්ඩා says:

    දත් දොස්තර උනාට රාජිතය කියන්නෙ ගොනෙක් හරකෙක්. මට හරියට මතක නැහැ මතකද ඔිකා e-mail ගැන මහා ගොන් කතාවක් කිව්වා.

  2. Niru says:

    It is a disgrace to donkeys to equate these morons to them.

  3. Boo says:

    What a fool ! What a shame to the country. We make a dozen of these ministers using clay.

  4. liston says:

    Kisima sakayak NE mu Nam chathurayagema thatha.

    • Kepuwathkola says:

      Definitely!

      Ragiths proves without doubt that he is the biological father of Chatuhura.

  5. Ranilough de S Sirisenaa says:

    මේකා දතක් ගලවන්න ගියොත් හිස් කබලම ගැලවිලා එයි.

  6. Massina says:

    Ithin Chathuraya pissu Holman katha kiyana eka gana ahanna deyakda???

  7. chamaka says:

    My kakussi kata ….
    Muta rata gana ona kamak naa…muta ona chande witharai

  8. Aba says:

    tWe never expected him to be so foolish and ignorant
    Even ordinary uneducated man woud now that IMF do not have power or authority monetary dealings paerityrates and exchanges of any country!

  9. pilath says:

    muu singapuruwe ispiritaleta giya welawe wire maaruwela wage

Main News