රටේම ජන හදවත් දිනූ මහාධිකරණ විනිසුරු ඉලංන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමුදෙයි..

May 24, 2018 at 5:30 pm | lanka C news
රටේම ජන හදවත් දිනූ මහාධිකරණ විනිසුරු ඉලංන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමුදෙයි..

උතුරු පලාත පමණක් නොව රටේම ජන හදවත් දිනා ගනිමින් ලෝකයක අවධානය යොමු වූ නඩු තීන්දු රැසක් ලබා දුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා යාපනය මහාධිකරණ විනිසුරු තරණතුරට සමුදීමට සිදුව ඇත.

යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමූදීමට සිදුව ඇත්තේ එම්.ඉලන්චේලියන් මහතා මේ මස 28 වනදා ත්‍රීකුණාමලයේ මහාධිකරණ විනිසුරු වශයෙන් අධිකරණ සේවා කොමිෂණ් සභාව මගින් පත්කොට ඇති නිසාවෙනි.

ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරු තුමන් 2015 වසරේ ජුනි මස 01 වනදා යාපනය මහාධිකරණ විනිසුරු  වශයෙන් වැඩ භාරගත්තේද ත්‍රීකුණාමළයේ සේවය කිරීමෙන් පසුවය එමෙන්ම ඉලන්චේලියන් මහතා යුද සමයේදීද වව්නයාව දිස්ත්‍රීක්කයේ මහෙස්ත්‍රාත් වරයා වශයෙන්ද සේවය කොට ඇති අතරම යුද සමයේදී මහත් සේවයක් කළ විනිසුරුවරයෙක් වශයෙන් එවකට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප්‍රසාදය දිනා සිටි අයෙකි.

අනතුරුව යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසුව ආන්දෝලනයකට ලක් වූ විද්‍යා දැරියගේ නඩු තින්දුව ලබා දුන් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කලේද ඉලන්චේලියන් මහතාය.

ඉන් පසුව ඉල්නචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබූ සිදුවීමේදීද විනිසුරු වරයාගේ කම්පා වීම හා ලෙන්ගතුබාවය දුටු ලෝකවාසී ජනතාවගේ මහත් ජනාදරයට පත්වූ මහාධිකරණ විනිසුරු වරයෙකු වශයෙන් එතුමන් හැඳින්විය හැකිය.

ත්‍රීකුණා මලය මහාධිකරණ විනිසුරු සශයෙන් පත් කිරීම හා ස්ථාන මාරුව නවතන ලෙසට දෙමළ ජාතික සන්ධානය විසින් හා වෙනත් සංවිධාන විසින් කරන ලද ඉල්ලීමද පසෙක දමා ඉලන්චේලියන් මහතා ඉල්ලා ඇත්තේ තමන්ට එම ස්ථාන මාරුවට යාමට නිසිකාලය පැමිණ ඇති හෙයින් එහි යා යුතු බව පවසමිනි.

මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ සමුගැනීම වෙනුවෙන් යාපනය මහාධිකරණ පරිශ්‍රෙය්දී නීතිඥවරුන් හා කාර්ය මණ්ඩලය විසින් උත්සවයක්ද සංවිධානය කොට වටිනා සිහිවටනයක්ද ප්‍රධාන කෙරුනේ එතුමන්ගේ සේවය අගයමිනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,574 Viewers

7 Comments to “රටේම ජන හදවත් දිනූ මහාධිකරණ විනිසුරු ඉලංන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමුදෙයි..”

  1. Indeed, as n excellent legal officer. Wish you all the best sir.

  2. Attanagalle banda says:

    Great Man !!!

  3. neil says:

    Dear Sir,

    You need to be Chief Justice of the country and then make judiciary system less corrupt and head high.

  4. RW says:

    This is a person all Sinhalese will like to have as a leader similar to the Ex Minister killed by LTTE.

  5. NAK says:

    If we had ten more people like him in the judiciary it will not be in this pathetic state.
    Wish all the best your Honor.

  6. Boo says:

    I like to see this great person becomes Sri Lanka’s prime minister.

  7. chandimani says:

    Real model for our so called Sin……. judges. Excellent Judicial officer for our mother land!

Main News