රටේ සම්පත් හිතුමතේ විකිණීමට හැදු අසීමිත විධායක බලතල හිමි සුපිරි බලතල සහිත පනත මෙන්න ඔබත් කියවා තේරුම් ගන්න..

January 3, 2017 at 7:04 am | lanka C news | ලංකා සී නිවුස්
රටේ සම්පත් හිතුමතේ විකිණීමට හැදු අසීමිත විධායක බලතල හිමි සුපිරි බලතල සහිත පනත මෙන්න ඔබත් කියවා තේරුම් ගන්න..

රටක සංවර්ධනයට ආණ්ඩුවක් පත් කරගනියි. එයට අගමැතිවයෙකු සහිත අමාත්‍ය මණ්ඩලයක් සිටි. අපේ රටේ ඊටත් එහා ගොස් ඇමරිකාව ප්‍රංශය නොදෙවෙනි විධායක බලතල සහිත ජනතාවගේ ඡන්දයෙන් තේරි පත්වන ජනාධිපතිවරයෙකු ද සිටි.

ශ්‍රීලංකාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන්ට මුහුණ දුන රටකි, එහෙත් එම දරුණුතම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කොට රටේ සෑම ප්‍රදේශයේම සාමය ස්ථාපිත කලේ මෙම ආණ්ඩුක්‍රමය තුල තිබු විධායක බලය සහිත ජනාධිපති ඇතුළු අගමැති ප්‍රධාන පාර්ලිමේන්තුව ක්‍රමය තුලය.

2015 ජනවාරියේ මෛත්‍රී-රනිල් බලය ජනතාවගෙන් ඉල්ලන්නේ තිබෙන බලය අඩු කිරීමටය. ජනතාව එය විශ්වාස කොට ඔහුනට බලය ලබා දුන්නේය ඒ සඳහා එදා සිටි සිවිල් සංවිධාන රට තුල විශාල හඩක් නැගුවේය. එදා කිවේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් තුල මිත්‍ර රටවලින් ආයෝජන ලංකාවට දීමට පෙල ගැසි සිටින බවකි.

රටේ දැනට තිබෙන වරාය අධිකාරි පනත හෝ වෙනත් රාජ්‍ය ආයතනයන් මෙතෙක් පාලනය කල අන පනත් අභිබවා එහි සභාපති ඇතුළු අධ්‍යයක්ෂක මණ්ඩල හෝ විෂය භාර අමාත්‍යවරයා පගා දමමින් ඊට ඉහලින් තීරණය ගැනීමට බලයක් ඉල්ලුවේ නැත. ඒ සඳහා කිසිම සිවිල් සංවිධානයක් හෝ යහපාලන දේශපාලන නායකයින් බලය ඉල්ලුවේ ද නැත. එබැවින් ජනතාව විශ්වාස කරමින් බලය දුන්නේය.ජනතාව එම බලය ඉතා පරිස්සමෙන් මහ ජනතාවගේ සුභ සිද්ධියට මොවුන් විසින් යොදවනු ඇතැයි සිතාය.

එහෙත් නිදහසන් පසු මෙරටේ සිදු වූ විශාලතම මුදල් වංචාව එනම් මහා බැංකුවේ බැදුම්කර මගඩිය හරහා රුපියල් බිලියන 5 කට වඩා ගසා කෑවේ මේ දැනුවත් වය. එයට අදටත් කිසිවෙකුට චෝදනා ගොනුකර නැත.

මේ පනත මගින් බලය ඉල්ලන්නේ රටේ තුල තියෙන සියලුම සම්පත් පමණක් නොව ශ්‍රීලංකාව අයත් රට මෙන් 5 ගුනයක් විශාල මුහුදත් ඒ හා සමාන අහසත් කිසිදා මිල කල නොහැකි පරිසරයත් ජාවාරම්කාරයන්ට මුදලට විකිණීමටයි යමෙකුට තර්ක කල හැකිය.

මේ පනතේ වැදගත් කොටස මේ පනත අනුව ගන්නා කිසිම ක්‍රියා මාරගයක් සඳහා කිසිවෙකුටත් රටේ සාමාන්‍ය නිතිය අනුව ක්‍රියා කිරිමට ඇති අයිතිය අවම කොට ඇති ආකාරයයි. කෙසේ වෙතත් මෙය ඉතා සූක්ෂම ලෙස සම්පිඩනය කොට ඇත, උගත් නීතිවේදියකුට පමණ මෙහි භායනක කම තේරුම් ගත හැකිය.

එමෙන්ම රටේ අනිකුත් සියලු නීතින් අභිබවා යන ලෙස ඉතා උපක්‍රමශීලීව සුදානම් කොට මෙම කෙටුම්පත් ජනාධිපති ප්‍රමුඛව අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කොට ගෙන ඇත. පසුව ජනාධිපතිවරයා මගින් පලාත් ආණ්ඩුකාරවරුන් වෙත යොමු කොට පලාත් සභාවල අනුමැතිය ලබා ගැනිමට කටයුතු කොට ඇත.

වැරදිලාවත් පලාත් සභාවල අනුමැතිය ලබා දුන්නේ නම් හම්බන්තොට වරාය සහ ඒ අවට අක්කර 15000 ක් පමණක් නොව, එදා සාම සාකච්ඡා මගින් කොටින්ට උතුරු නැගෙනහිර පරිපාලන එක කොල කෑල්ලකින් ලියා දුන් ආකාරයෙන් රටේ ජනතාවට හිමි සියලු සම්පත් විකිණීමට මෙමගින් ඉඩ කඩ තිබුනි.

සැමගේ දැන ගැනිම සඳහා සංවර්ධන විශේෂ විධි විධාන පනත

17,603 Viewers

9 Comments to “රටේ සම්පත් හිතුමතේ විකිණීමට හැදු අසීමිත විධායක බලතල හිමි සුපිරි බලතල සහිත පනත මෙන්න ඔබත් කියවා තේරුම් ගන්න..”

  1. පොදු මිනිහා says:

    මේ අනුව මුලු රටටම මේ සුපිරි ඇමතියි එහි ප්‍රධාන විධායක නිලධාරියයි හිටියාම හොඳටම ඇති නේ. අපරාදේ නේ මෙච්චරය විශාල ඇමති මණ්ඩලයකුයි විධායක ජනාධිපති වරයෙකුයි කෝටි ගනන් මහජන මුදල් වැය කරමින් නඩත්තු කරන්නේ.

  2. මහාචාර්ය විජේසුන්දර says:

    2016 නොවැම්බර් මස 25 දින තමයි මේ ගැසට් එක නිකුත් කොට තිබෙන්නේ. ඒ කියන්නේ ඊට පෙර එම කෙටුම්පත ජනාධිපති ප්‍රමුඛව අමාත්‍ය මණ්ඩලය අනුමත කල යුතුය. ඔය එස් බී ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ පුන පුනා කිවේන් කැබිනට් එක අනුමත නොකළ ඒ පනත ජනාධිපති ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂ ඇමතිවරු හරවා යැව්වා කියලා. මුන්ගේ අනිත් වැඩත් ඔය වගේ තමයි. රටේ සියලුම වගකිවයුත්තන් සහ පුරවැසියන් ගොනාට අන්දවන්න හදනවා.

  3. රත්නායක says:

    මාධ්‍ය වෙත කරුණු දක්වමින් අමාත්‍ය එස් බී දිසානායක පැවසුවේ ” අද උදේ සුපිරි බලතල සහිත අමාත්‍ය ධූරය සම්බන්ධ පනත කැබිනට් එකට ඉදිරිපත් කල අතර එය එසේ කිරීමට නොහැකි බව පවසමින් අමාත්‍ය මණ්ඩලය ප්‍රතිකේෂ්ප කල බවයි.
    අමාත්‍ය එස් බී දිසානායක පැවසු විඩියෝව, http://varunamultimedia.info/videos/btv/vmtube/derana-news/derana-news_-21-12-16/play.html?

  4. සමරවික්‍රම says:

    පසුගිය නොවැම්බර් මස 22 වෙනි දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අගමැතිවරයා විසින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද තිරසාර සංවර්ධනයට අදාළ කෙටුම්පත සහිත අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක MNPEA /2016/049 සඳහා අනුමැතිය ලබා දිමෙන් පසුව මෙය ගැසට් කර ප්‍රසිද්ධ කොට ඇත.

  5. gamage says:

    ඔක්තෝබර් මස 25දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකා MNPEA/16/19/23/702/067 විශේෂ සංවර්ධන (විශේෂ විධ් විධාන) පනතට පනත අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කොට කැබිනට් අනුමැතිය ලබාදී ඇත්තේ රජයේ නිතිපති ගේ නිරීක්ෂණයෙන් පසු ගැසට් කොට ඉන්පසුව ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 2/3 වැඩි ඡන්දයෙන් අනුමත කිරීමකට යටත්වයි.

  6. පය්තගරස් says:

    මට පේනවා . ඔයාට පේනවද ? බයානක කම පෙන්න ඉතාමත් ප්‍රවීනයෙක් වෙන්න ඕන . නැත්නම් බැහැ.
    අනේ නිකන් පල යකෝ බොරු ලියන්න නැතිව.
    බය්යන්ව රවට්ටන්නේ නැතිව

  7. lolla says:

    CIA, RAW

  8. Champa says:

    LankaCNews එකට ස්තුතියි මේක කියවන්න දමපු එකට. මොකොද සමහර මෝඩ ඇමතිවරු කියනවා මේක ටිකක් වෙනස් කරලා ආපහු ගේන්න කියලා. ඒ ගොල්ලොත් මේක කියවලා බලන එක හොඳයි. මහජනතාව අනිවාර්යයෙන්ම කියවිය යුතුයි.

  9. sinha le says:

    රට වනසන ව්‍යවස්ථා මර උගුලට එරෙහිව ජනවාරි 07 සවස 02ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීටයේදී පැවැත්වෙන බොදු මහා සමුළුවට එක්වන්න.

Main News