රට පුරා අසාමාන්‍ය විදුලි බිද වැටීම්.. නොදන්වා විදුලි කප්පාදුවක්..?

April 29, 2017 at 12:40 pm | lanka C news | ලංකා සී නිවුස්
රට පුරා අසාමාන්‍ය විදුලි බිද වැටීම්.. නොදන්වා විදුලි කප්පාදුවක්..?

රට පුරා බොහෝ ප‍්‍රදේශවල මේ දිනවල විදුලි බිද වැටීම් සම්බන්ධයෙන් වාර්තා කිරීම් අසාමන්‍ය ලෙස ඉහල ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ හදිසි බිද වැටුම් අංශයේ ආරංචි මාර්ග සදහන් කරයි.

කලින් නොදන්වා විදුලි කප්පාදුවක් ක‍්‍රියාත්මක වන්නේදැයි බොහෝ පාරිභෝගිකයින් විමසන බවත් ඇතැමුන් දැඩි ලෙස දොස් පවරන බවත් ඔවුහු කියති.

ඉහල බලධාරීන් විසින් විදුලි කප්පාදුවත් ගැන දන්වා නැතත් පාරිභොගිකයින් ධිගින් දගටම ඒ ගැන ප‍්‍රශ්න කරන බවද ඔවුහු කියති.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ වියළි කාලගුණ තත්ත්වය නිසා විදුලි ඉල්ලූම ඉහල ගොස් ඇති බවයි. මෙනිසා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයිද මණ්ඩලය ඉල්ලා සිටී.

4,989 Viewers

One Comment to “රට පුරා අසාමාන්‍ය විදුලි බිද වැටීම්.. නොදන්වා විදුලි කප්පාදුවක්..?”

  1. Kasun says:

    Hemadama horu horen light kapanawa…

Main News