රට පුරා පොහොට්ටු පිපේ.. පංචි ආණ්ඩු 211ක බලය පිහිටුවයි.. අලූත් අවුරුද්දට පෙර 220 පනී..

April 6, 2018 at 11:20 am | lanka C news
රට පුරා පොහොට්ටු පිපේ.. පංචි ආණ්ඩු 211ක බලය පිහිටුවයි.. අලූත් අවුරුද්දට පෙර 220 පනී..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට පළාත් පාලන ආයතන 211 ක බලය පිහිටුවා අවසන් කර ඇත. පළාත් පාලන ආයතන තුළ බලය දිනාගැනීමේදී සාම්ප‍්‍රදායිකව එක්සත් ජාතික පක්ෂ බල කදවුරු ලෙස ප‍්‍රකට මහ නගර සභා බහුතරයෙහිද බලය දිනාගැනීමට පොදුජන පෙරමුණ සමත් වීම විශේෂත්වයකි.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 152 ක නිසැක බහුතරය දිනාගෙන තිබුණු අතර එම පක්ෂයෙ විසින් මෙහෙය වූ ස්වාධීන කණ්ඩායම් 03 ක් මහරගම නගර සභාව, බේරුවල නගර සභාව සහ බණ්ඩාරවෙල නගර සභාව නිසැක බහුතරය සහිතව දිනාගෙන තිබුණි. ඒ අනුව සභාව තුළ සිදුවන ඡුන්ද විමසීමකින් තොරව පළාත් පාලන ආයතන 155 ක බලය පිහිටුවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අවස්ථාව හිමි විය. මෙම මැතිවරණයෙදී කිසියම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට නිසැක බහුතරය හිමි වූයේ පළාත් පාලන ආයතන 172 ක පමණි. ඒ අතරින් පළාත් පාලන ආයතන 155 කම නිසැක බහුතරය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වීම කැපී පෙනේ.

කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමි නොවුණු ඉතිරි පළාත් පාලන ආයතන 168 හි බලය පිහිටුවීම සිදු වන්නේ එක් එක් සභාවන්හි සභිකයන් අතර සිදුවන ඡුන්ද විමසීමකිනි. එලෙස සිදු කළ ඡුන්ද විමසීම් තුළින් ආයතන 56 ක බලය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට සමත් වී තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දැනට බලය දිනා ඇති සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 211 කි. මැතිවරණයෙදී පොහොට්ටුව පරාජයට පත්වුණු ගාල්ල මහ නගර සභාව, මීගමුව මහ නගර සභාව, බදුල්ල මහ නගර සභාවද ඇතුලූව පළාත් පාලන ආයතන රැුසක බලය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වුණු අතර එය බැසිල් රාජපක්ෂ මහතාගේ විශේෂ මෙහෙයුමක ප‍්‍රතිඵලයක් බවද වාර්තාවේ. පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවේදීම ආයතන 200 කට අධික සංඛ්‍යාවක බලය දිනා ගන්නා බවට බැසිල් රාජපක්ෂ මහතා විසින් පල කළ අනාවැකිය මැතිවරණ සමයේදී දැඩි කතා බහකට ලක් වුණු අතර මේ වන විට එම අනාවැකිය යථාර්තයක් බවට පත් කර ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී අවසන්ය.

තවත් ආයතන කිහිපයක බලය පිහිටුවීම සදහා වන ඡන්ද විමසීම් ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත අතර එම ඡුන්ද විමසීම් මාලාව අවසන් වන්නේ අපේ‍්‍රල් 18 වන දායි. පවතින තත්වය අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 220 කට වැඩි ප‍්‍රමාණයක බලය දිනාගැනීමට බොහෝදුරට ඉඩ තිබේ.

– සංජීව එදිරිමාන්න

20,945 Viewers

10 Comments to “රට පුරා පොහොට්ටු පිපේ.. පංචි ආණ්ඩු 211ක බලය පිහිටුවයි.. අලූත් අවුරුද්දට පෙර 220 පනී..”

  1. Siuiun]y says:

    What did happen to the parliament PUHU-OTTUWA ?

    • Sadda says:

      Some fools cant understand the meaning of public opinion. Victory of no confidence is resulted from three years old public opinion. Pradeshiya sabhas are formed according to the latest public opinion.

    • don katugampala says:

      GONA UNATA UNBEGANNA EPA BAN.

    • San man says:

      Mate that was just a distraction to keep guys busy wasting valuable resources and efforts while Basil convinced members in the councils to join pohottuwa ..so be happy our pm is hanging on..but come the next election cycle all the resources will be with pohottuwa..

    • darshana says:

      ඔය එන්නෙ හොරා කාපු සල්ලි එලියට. මන්ත්‍රි කෙනෙක්ව ලක්ශ දෙකේ ඉදන් ගන්න පුලුවන්ලු. සල්ලි නැති එකක් කියලයැ ඉතින්.

  2. karu says:

    Punchi aandu hadanawa wagema janathawage sithum pathum handunana pirisak bawata path kara ganeema thama wadagathma kaaryaya. E sandaha me niyojithayan danuwath kireeme dadapiliwelak hadanna. nathnam kakuluwa yana pare yana patawun wage weyi.

  3. නිදහස් says:

    කොහේ පිපුනත් වැඩක් නෑ මහින්දගෙ ගේ ඉස්සරහ පිපුනෙ නැති එකට කනගාටුයි. අපි ඒකත් ලගදිම පුප්පනව.

  4. john the baptice says:

    සිරිසේනගේ සිංහාසනය උනු වෙලාලු

  5. Animal says:

    Pohottu? ….ah mini mal pohottuwa….neda?

Main News