රට පුරා වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ.. රෝහල් කටයුතු අඩාලයි..

August 3, 2018 at 8:40 am | lanka C news
රට පුරා වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ.. රෝහල් කටයුතු අඩාලයි..

වෛද්‍යවරුන් විසින් අද දිනයේ රට පුරා රජයේ හා පුද්ගලික රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ශ‍්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කර ඇති වෙළෙඳ ගිවිසුමට විරෝධය පෑම ඇතුළු කරුණු 10ක් මුල් කොට මෙම විරෝධතාවය පැවැත්වෙයි.

අද පෙරවරු 08.00ට ආරම්බ කරන ලද මෙම වර්ජනය හෙට පෙරවරු 08 දක්වා ක‍්‍රියාත්මකය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ හදිසි රෝගී ප්‍රතිකාර, මාතෘ, ළමා, ත්‍රිවිධ හමුදා රෝහල්, පිලිකා රෝහල, වකුගඩු රෝහල් සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක බවයි.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, නව දේශීය ආදායම් පනත, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති ගැසට්‌ පත්‍රය නිකුත් නොකිරීම, වෛද්‍ය සභා පුරප්පාඩු තනතුරු පිරවීම ප්‍රමාද කිරීම, ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය, වෛද්‍යවරුන්ගේ දීමනා යාවත්කාලීන නොකිරීම, වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීමේදී නොසලකා හැරීම ආදී කාරණා සම්බන්ධයෙන් මෙම වර්ජනය පැවැත්වෙයි.

5,072 Viewers

9 Comments to “රට පුරා වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ.. රෝහල් කටයුතු අඩාලයි..”

  1. ratawesiya says:

    me kalakanni, iganagatte duppath ape tax salliwalin samahara aya kannawath nothibunu pawulwala minissu. mun desapalanaya karanne duppathun maranawa janathaweni munge gewalwalata gos edagena enu

    wahama policiya gewalwalata yawa edagena enna me anduwa sadakal pawatheewaaaaaaaaaaaaaaaaa

    • Ranjith says:

      E salliwalin oyata igena gena den inna waidyawarunta wada honda sewayak karanna thibunane. Harakek unata thappulanta Epa Nomile igannuwata hemotama e hakiyawa kepaweema karanna be.

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Dostara mahathwaru strict neha.dostara mudalalila Mahindata Kade yanawa.salli passe duwana paaharayo.

  3. Dr.Janaka Withanage says:

    SLSFTA ගිවිසුමේ පිටු 1642 කියවා තේරුම් ගත්තේ නම්, ඔබද අපගේ වැඩවර්ජනය සාධාරණීකරනය කරනු ඇත!
    GMOA වෙනුවෙන්

  4. Dr.Janaka Withanage says:

    SLSFTA හරහා
    මාතෘ භූමිය
    පරයින්ට මස් කටුවක් කිරීමට එරෙහිව,
    ඔබද සහය වන්න..!
    GMOA වෙනුවෙන්

  5. Dr.Janaka Withanage says:

    SLSFTA ගිවිසුම හරහා
    ඔබේ රැකියාව අනතුරේ හෙලන
    “සමනලුන්ට”,
    ඔබත් එරෙහිවන්න
    GMOA වෙනුවෙන්

  6. Anarkali says:

    ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය, වෛද්‍යවරුන්ගේ දීමනා යාවත්කාලීන නොකිරීම, වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීමේදී නොසලකා හැරීම ආදී කාරණා සම්බන්ධයෙන් මෙම වර්ජනය පැවැත්වෙයි.

  7. නිදහස් says:

    වෛද්‍ය වෘත්තියටත් නිගාවක් තොපි මේ කරන ජරා වැඩේට. අසරණ රෝගීන් බිල්ලට ගන්නෙ නැතිව වටලපිය අරලියගහ මන්දිරය, වටලපිට ජනාධිපති නිල නිවස, වටලපිය සෞඛ්‍ය ඇමතිවරයාගේ නිවස. නැත්තම් පැහැරගනිව් රාජිත, මලික්, රනිල් හෝ වෙනත්ව ගකිවයුත්තෙක්. මේ අහිංසක මිනිස්සු පලිද යකෝ රටට කරන විනාශයට.

    කණගාටුවෙන් හරි කියන්න වෙනව වැඩවර්ජනය මෙහෙයවු තොපේ පවුල්වලට හෙන ගහපියව් අහිංසක මිනිස්සුන්ට කරන මේ අපරාධවලට. රෝහල්වල මිනිස්සු බෙහෙත්ගන්න ඇවිත් රස්තියාදුවෙ.. පවු යකෝ තොපිට.

  8. Raawanaa says:

    leddunge jeewitha gena nohithana para hethha. den munta awashya widyata thamayi rata paalanaya karanna welaa thibenne.minis jeewitha an semata wadaa wedagath.me rate hari paalakayek hitiya nam munge me ledawalata honda behethak denna.janathaawa ayin karapu pal horunta kade yana sakkili paadadayin thamayi mewa karanne.

Main News