ගල්යිපොසේට් සමාගම්වලින් බිලියන ගනන් උපයන මීලග ජනාධිපති ගැන රතන හිමි කියයි..

May 4, 2018 at 10:40 am | lanka C news
ගල්යිපොසේට් සමාගම්වලින් බිලියන ගනන් උපයන මීලග ජනාධිපති ගැන රතන හිමි කියයි..

අද වන විට පවතින්නේ ආණ්ඩුව පත් කල ජනතාවටවත් ඇහුම්කන් දෙන රජයක් නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

තමන් කරන්නේ කුමක්දැයි නොදන්නා මටට්මට රජය පැමිණ ඇති බවද උන් වහන්සේ පෙන්වා දෙති.

තව තවත් රට අවුල්ට පත් නොකර මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා සිටින බවද උන් වහන්සේ කියා සිටිති.

ගල්යිපොසේට් තහනම ඉවත් කිරීමට රජය ගෙන ඇතැයි කියන තීරණය ගැන කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

අනාගතයේ අගමැති හෝ ජනාධිපති වෙන්න උත්සාහ දරන අයට උවමනා විශාල මුදල් ප‍්‍රමාණය ගල්යිපොසේට් ගෙන්වන සමාගම් හරහා එකතු කර ගැනීමට උත්සාහයක් ඇතැයිද උන් වහන්සේ කියා සිටියහ.

21,793 Viewers

3 Comments to “ගල්යිපොසේට් සමාගම්වලින් බිලියන ගනන් උපයන මීලග ජනාධිපති ගැන රතන හිමි කියයි..”

  1. Asaranaya says:

    හොර ගන අතන මෙතනයෝ ඔහේ ඉල්ලා අස්වී අනික් හොරුන්ට උපදේශයක් දෙනවාකෝ, කොල කඩ කඩ බොරුවට දානා – අපි ගහා හොඳ හැටි අඳුනන්නා

  2. john the baptice says:

    තව අරලිය හෝටල් හැදේවි

  3. Dushantha says:

    ඔන්න රතනයො අද ඉඳන් කිරි පිටිත් ගානත් වෑඩි උනා. කොරපු වෙනස හින්දා දෑන් මිනිස්සු එක වේලක් කාලා ඉන්නෙත් අමාරුවෙන්. ඔය ග්ල්යිපොසේට් හරි කමක් නෑ ගෙනත් උන්ට කන්ඩ දීපල්ලා.

Main News