රට වටේම රොබරි දුන්න යුවලක් පොලිසියෙන් අල්ලා ගනී…

April 8, 2018 at 5:30 pm | lanka C news
රට වටේම රොබරි දුන්න යුවලක් පොලිසියෙන් අල්ලා ගනී…

දඹුල්ල-සිසිර වත්ත ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටිමින් දඹුල්ල,මාතලේ, කොළඹ, ගම්පහ   හා කුරුණෑගල  යන ප්‍රදේශයන්හි අගුලු ලා නවතා තිබෙන වාහනවල දොරවල් වානේ අඩි කෝදුවක්  ආධාරයෙන්  සුක්ෂම ආකාරයෙන් විවෘතකර වහනවල ඇතුලේ  තිබු වටිනා උපකරණ,ජංගම දුරකථන,ක්‍රෙඩිට්  කාඩ් ,මුදල් පසුම්බි සොරකම් කල යුවලක් 06 වෙනි දින දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට  ගෙන් ඇත.

මෙම  යුවලට ගම්පහ, ගම්පහ මල්වතු හිරිපිටිය පිළිකුත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙ.   සැකකරුට වයස අවුරුදු 34ක් වන අතර  සැකකාර කාන්තාවට වයස අවුරුදු 30කි වයස ඔවුන්ට  අවුරුදු හතරක හා අවුරුදු එකක කුඩා දරුවන් දෙදෙනකු සිටිති.  මොවුන් වරින් වර ප්‍රදේශ මාරුකරමින් මොහු දීවයිනේ විවිධ පලාත්වලට ගොස් මේ ආකාරයෙන් වාහනවල භාණ්ඩ සොරා ගැනීම වාහන හා වහනවල සොරකම් කොට කැබලි කොට අලෙවි කිරීම , කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම ගෙවල් බිඳුම් ආදී චෝදනා රැසකට වැරදිකරු හා දඬුවම් නියම වූ පුද්ගලයකු වන මොහුන්ට  එරෙහිව ලක්ෂ 30 ක් පමණ වටිනා වහනයක් සොරකම් කර කැබලි කර අලෙවි කිරීම  පිලිබදව  අත්තනගල්ල අධිකරණයෙන් වරෙන්තු නියෝගයක් තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර යුවල දඹුල්ල ප්‍රදේශයේ රුපියල් 8000 ක මාසික කුලී පදනම මත ගත් නිවසක  ඉකුත් වසරේ අගෝස්තු මස සිට පදිංදිව සිටිමින් මෙම ජාවාරම සිදුකොට ඇතිබව ලොලිසිට සිදුකල විමර්ෂණ වලදි හදුනාගෙන ඇත.

පසුගිය  මාර්තු මස 31 වෙනි දින දඹුල්ල විහාරය නැරඹීමට පැමිණි අයෙකුගේ වාහනයක දොර සුක්ෂම අයුරින් විවෘතකර එහි මුදල් පසුම්බියක් සොරකම් කිරීම පිලිබදව ලැබුණු පැමිණිල්ලකට අදාලව විමර්ශන කිරීමේදී ප්‍රදේශයේ සවිකර තිබු ආරක්‍ෂිත කැමරා පද්ධතිවල සහායෙන් සැකකරු හදුනාගත් බව දඹුල්ල පොලිසිය කියයි. මෙම  සැකකරු සොරකම් කරන ලද ක්‍රෙඩිට් උපයෝගී කරගෙන සුපිරි වෙලදසල්වලින් බඩු භාණ්ඩ මිලදී ගන්නා අයුරුද විමර්ශනය කිරීමෙන් පසු නගරයේ ජනතවගේ ද සහායෙන් සැකකරු හදුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමසිංහ මහතා පැවසිය.

සැකකරුගේ රුවට සමාන වෙනත් අයෙකුගේ රියදුරු බල පත්‍රයක්  හැදුනුම්පතක්  ලෙසින් භාවිත කරමින් සොරකම් කරන ලද අලෙවි කිරීම , උගස කිරීම සිදුකර ඇති බවත්, සැකකරුගේ බිරිද සොරාගන්නා වටිනා භාණ්ඩ අලෙවි කිරීම, හා උගස් කර මුදල ලබා ගැනීම සිදුකර ඇති බවටද මුලික විමර්ශනවලදී අනාවරණය වි ඇතැයි පොලිසිය කියයි..

සැකකරු සන්තකයේ තිබී වාහනවල දොරවල් විවෘත කිරීමට උපයෝගී කරගත් වානේ අඩි කෝදු දෙකක් හා වාහනවලින්  සොරකම් කරන ලද චෙක්පොත් හතරක් ඇතුළු ලියිවිලි, කාන්තා මුදල් පසුම්බි 13ක් ,පිරිමි මුදල් පසුම්බි 03ක්, රත්‍රංවලබර කිරීමේ තරාදියක්, රන් අභාරණ බහලුම් ,වාහනවල රියදුරු බලපත්‍ර හා අදායම් බලපත්‍ර ඇතුළු ලියවිලි රැසක් ,ජංගම දුරකථන 02ක්,ටැබ් පරිඝනක යක්, දුරකථන බැටරි 03ක්, ටි.එස්.පි.ප්ලේයර් එකක්, බිල්පත් මුද්‍රන යන්තයක් ,රන් භාණ්ඩ උගස් කරන රිසිට් පත් රැසක්,සොයා ගැනීමට හැකිව තිබේන බව දඹුල්ල පොලිසිය කියයි.

දැනට දඹුල්ල පොලිසිය භාරයේ තිබෙන භාණ්ඩ හා ලියවිලි  හදුනාගැනීම සදහා පොලිසිය මහජන සහාය පතයි. අත්වඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතවයි.

– මහින්ද උදයසිරි රත්නායක

15,353 Viewers

One Comment to “රට වටේම රොබරි දුන්න යුවලක් පොලිසියෙන් අල්ලා ගනී…”

  1. Dave says:

    They should learn to steel in billions ,and do it in open..like UNP clan

Main News