රණවිරු පවුල් සඳහා සුව සායනයක් පොළොන්නරුවේ දි

January 6, 2017 at 2:20 am | lanka C news | ලංකා සී නිවුස්
රණවිරු පවුල් සඳහා සුව සායනයක් පොළොන්නරුවේ දි

යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් හා දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින්, රණවිරු සේවා අධිකාරියේ සුව ශක්ති ඒකකය හා පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය ඒකාබද්ධව පොළොන්නරු දිස්ත්‍රික් රණවිරු සංසද සාමාජික පවුල් සඳහා සංවිධානය කරනු ලබන රණවිරු සුව සායනය 2017.01.09. දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපිඨ පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

මෙහිදී බටහිර සහ දේශීය ආයුර්වේද අංශයන් නියෝනය වන පරිදි වෛද්‍ය සායනයන් පැවැත්වීමට නියමිත අතර දේහ ස්කන්ධ දර්ශකය මැන බැලීම, රසායනාගාර පරීක්ෂණ, රුධිර පීඩනය මැන බැලීම, දන්ත සායනය, ආයුර්වේද වෛද්‍ය සායනය, සුවනාරි සායනය, චර්ම රෝග සායනය, දන්ත සායනය, වකුගඩු රෝග සයනය. ලමරෝග සයනය. මානසික සෞඛ්‍ය සායනය යන සායන පැවැත්වෙන අතර ආයුර්වේද ඖෂධ නොමිලේ ලබා දීමද විශේෂයෙන් සිදු වේ.

මිට අමතරව ජෝර්ජ් ගුණරත්න දෘෂ්ටි විශේෂඥයෝ ආයතනය අනුග්‍රහයෙන් අක්ෂි සායනය පැවැත්වෙන අතර උපැස් ඇවැසි රණවිරු පවූල් සාමාජිකයින් සඳහා රණවිරුසේවා අධිකාරියේ අනුග්‍රහයෙන් නොමිලේ උපැස් ලබාදීම සිදු කිරීමට අපේක්ෂිතය.

– කුමාර ශ්‍රී ජයවර්ධන

579 Viewers
Main News