රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආණ්ඩුව පෙරලා දමන බව ප‍්‍රසිද්ධියේ කියයි..

March 20, 2018 at 10:46 pm | lanka C news
රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආණ්ඩුව පෙරලා දමන බව ප‍්‍රසිද්ධියේ කියයි..

ශ‍්‍රී ලංකාව තුල භාවිතය තහනම් කරන ලද ග්ලයිෆොසෙට් නැවත භාවිතය සදහා අවසර ලබා දීමට වන ගැසට් පත්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක අනුරාධපුරයේදී පැවති උත්සවයකදී කියා සිටියේය.

ගල්යිපොසේට්වලට වඩා උග‍්‍ර විෂ සහත පොහොර වර්ග දැනටත් මෙරට භාවිතයේ ඇතැයිද පවසන ඇමතිවරයා ග්ලයිපොසේට් වකුගඩු රෝගයට සෘඩුව බලපාන්නේ යයි මේ වන තෙක් ඔප්පු වී නැතැයිද සදහන් කරයි.

තේ ගොවීන් විසින් දිගින් දිටගම ගල්යිපොසේට් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඇමතිවරයා කියා සිටී.

මේ අතර මෙම තීරණයට දැඩිව විරෝදය පාන එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව එහිමියන් සමීප ආරංචි මාර්ග කියයි.

ගල්යිපොසේට් තහනම ඉවත් කලහොත් වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවට රතන හිමියන් දැනට සතියනට පමණ පෙර සදහන් කලහ.

බොහෝ විට මෙම ගැසට් පත‍්‍රය නිකුත් වන දිනයේ හෝ ඊට පසුදින රතන හිමියන් ආණ්ඩුව අතහැරීම සිදු කරනු ඇති බවද වාර්තා වෙයි.

21,157 Viewers

20 Comments to “රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. ආණ්ඩුව පෙරලා දමන බව ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. සුදා says:

    ගල්යිපොස්පෙට් පාවිච්චි කරලා රට බටහිරයන්ට පාවල දුන්නු පාපය සමාකරන්න මේ දේශද්‍රෝහියාට ඉඩදෙන්න එපා .
    ඔන්න නොකිව්වයි කියන්න එපා රතනව පොහොට්ටුවට වද්දගන්න එපා ඕකා පොළඟා

    • loku says:

      ක්ෂේත්‍රයේ වෘතිකයෝ,ප්‍රවීණයෝ ඉදිරියට එන්න ඕනේ මේ වෙලාවට …කට්ටියකට ඕන වෙලාවට පෝර වසලු ..චන්ද පරදිනකොට වස නෙමෙයිලු …වෘතිකයෝ ..ප්‍රවීණයෝ පැත්තක …මුන් පිස්සු කෙලිනවා ..මිනිස්සු දුක් විදිනවා ..

      • ජනක says:

        මෙහි තිබෙන කොමෙන්ට් අනුව මේ සටනට රතන සම්බන්ධ කරගැනීමෙන් සිදුවන්නේ එම සටන දියාරු වීමයි කිසිවෙක් රතානගේ සටනට උර දෙන්න ඉදිරිපත්නොවිමයි හේතුව රතන යනු බොරු කාරයෙක් බවත් ඔහුට යටි අරමුණු තිබෙන බවත් ජනතාව ඉතාම තරයේ විශ්වාස කරන නිසයි .

        රටේ උගත් පිළිගත් රතන හා කිසිම සම්බන්දයක් නැති චරිතයක් හෝ චරිත කිහිපයක් වහාම මේ සටන තම අතට ගතයුතුයි එසේම කිසිසේත්ම රතන එම සටනට සම්බන්ධ කර නොගත යුතුයි
        රතනට සැබෑවටම මේ වස රටේ නැවත විකිණීම ගැන විරෝදතාවක් තිබෙනවානම් ඔබ කලයුත්තේ රජයෙන් ඉවත්වී කරුණාකර ඊට විරුද්දව සටන්කරන සංවිදාන වලට සම්බන්ද නොවී සිටීමයි තමුසෙ කියන දේවල් දැන් ජනතාව මායිම් කරන්නේ නැත .

        • සුදා says:

          අපේ මොලේ වැඩියෙනුත් එක්ක තියෙන කෘෂි ඇමතියා කියනවා

          “ගල්යිපොසේට්වලට වඩා උග‍්‍ර විෂ සහත පොහොර වර්ග දැනටත් මෙරට භාවිතයේ ඇතැයිද”

          එනිසා ග්ලයිපොස්පෙට් විකිනුවාට කමක් නෑ කියල
          එකියන්නේ එක වසක් තියෙන නිසා තවත් වස වර්ගයක් ශාක වලට දැම්මට කමක් නෑ කියල .
          මේවගේ ගොන් හරක් කතාවක් වෙනත් රටක කෘෂිකර්ම ඇමතියෙක් කිව්වොත් ඒ මනුස්සයාට තනතුරින් අස්වෙන්න සිදුවෙනවා .මේවගේ නුගත් මුලික මෝඩ මිනිස්සුන්ට මේ රටේ දේශපාලනය කරන්න දීම ඉතාම වැරද්දක් හරිනම් මේවගේ මිනිස්සු ඉන්න ඕනා හිරේ රටේ ජනතාව මරන්න සමාගම් සමග කුමන්ත්‍රනය කිරීමේ වරදට .

    • රතු එළියේ අතන says:

      හරියට හරි,
      ඔය රතුඑලියේ අතනය හැමදාම ඔහොමයි. ඕකට සිවුර ගලවල අන්දන්න ඕනේ සාරියක්. චීවරධාරිය පව් කාරය, ජෙප්පා, බල ලෝභියා. අච්චර එකට ඉඳල අරියනම් මේවා කවර කතා ද?

  2. කපටිපාල says:

    අර කටුසෙකුත් කිව්වලු නේද මේවා අලින්ගේයි අපෙයි වැඩ කියල .අන්න ඒවගේ වැඩක් තමයි මේපාර රතනයා කරන්න හදන්නේ .පොහොට්ටුවේ අය මහන්සිවෙලා මේ ආණ්ඩුව එලවන්න කටයුතු කලාම මෙයා බොරුවට ලොක්ක වගේ පණ්ඩිත කතා කියල ආණ්ඩුව එලවීමේ නම්බුව ගන්න තමා මේ හදන්නේ .පචයා සහ මේ මිනිහා තකට තක

  3. bend to bend says:

    රතන කිසි කෙංගෙඩියක් කලේ නැත​.ඔහුට කිසි කෙංගෙඩියක් කරන්නටත් නොහැක​.ඔහු කලේ සුපිරිසිදු කසාවත කිලිටි කිරීම පමණය.ඔහු පමණක් නොව ඔහුගේ නායක දසසිල්ධාරියාද කලේ සඟුන් බේද භින්න කිරීමය.මෙය නිර්මල බුදු දහමේ හඳුන්වනුයේ ආනන්තරිය පාප කර්මයක් ලෙසය​.මේ දෙදෙනාටම සසරෙන් නම් එතෙර වීම කල නොහැක්කේය​.ඒ තියා බේරෙ වැවෙන් එහාටවත් එතෙර වන්නට මේ දෙදෙනාට මේ කපේදී කල නොහැක්කේය​.ආණ්ඩුව පෙරලන්නට ජන බලයක් අවශ්‍යය​.මොව්හු දෙදෙනාම ප්‍රතික්‍ෂ්පිතයෝය​.නිදා ගන්නා අස් වැසිල්ලේ දකිනා සිහිනයකින් මොවුන් දෙදෙනා සන්තුෂ්ටියක් ලබනු ඇත​.ඒ හැරුන කොට ලබනා කෙං ගෙඩියක් නැත්තේය​.අවසන මොවුන් දෙදෙනාටම ග්ලයිෆොසේට් භාවිත කිරීමට සිදුවන බව නම් ඉර හඳ සේ විශ්වාසය​.

  4. Mahasona says:

    Rathanaya is a crook just like Champuka. I do not think Rathana will ever leave this Government

  5. ajita de costa says:

    mekath katussa wage pata marukaranawa munta puka uda dan wadina ewunta arinna one issella

  6. samuvel says:

    අපි කැලේ ගිහින් කටු ඇනගෙන දුක් විඳගෙන මල් කඩාගෙන ඇවිත් ලස්සනට පූජාව හැදුවාම කොහේද එවුන් ඇවිල්ල වට්ටියට අත ගහනවා වාගේ.

  7. SMA Panadura says:

    Rathana Thero can do nothing to oust this government. People have already decided to do so at the next elections.
    He is not a reliable person. I completely agree with what Suda said above.

  8. Ranarala says:

    rathana himita amu kevilada daaneth ekka?

  9. upasakaya says:

    hamuduruwane desapalanayen car, deemana padi nadi waradan labanna epa pinatane kanne bonne budunge namayen wanayata gos bana bawana karanna denuma ibeda>>ugathda hamba karagena inna wastuwa nethi ewunta denna

  10. Saman says:

    Muge pite hana thiyanna one. ….

  11. Sangadasa says:

    Rathana den kisima illumak nethi bhandayaki. Niyama porawal tikak den innawaya. Rathana ohe UNP ekenuth ayin wwenawanam thama honda. Kelehiguna nodath pinguththarayeki.

  12. Ranji says:

    meya meeta kalinuth swadheena una neda ? ayeth athulata giye kawadada ? paachayatama galapena pachaya !

  13. Love nature says:

    කියලා වැඩක් නැහැ කරලා පෙන්වන්න පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං පේමතෝ විප්පමුත්තස්ස නත්හි සෝකෝ කුතෝ භයං

  14. Love nature says:

    තණ්හාව නිසා සෝකය හටගනී. තණ්හාව නිසා බිය හටගනී. තණ්හාවෙන් වෙන් වුණ තැනැත්තාට ශෝකයක් නැත. බියක් නැත. මෙලොව ජීවිත්වන පුද්ගලයා බියෙන්, ශෝකයෙන් තොරව ජීවත් වන්නේ නම් යහපත් සුවදායි ජීවිතයක් ගතකළ හැකිය. වර්තමානය දෙස බලන විට පුද්ගල ජීවිතය මහත් වූ ව්‍යසනයකට, අගාදයකට පත්ව ඇත්තේ මේ නිසා ය. එනිසා ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ උත්තරීතර සුවදායි මානසික සුවය විඳින්නට නම් මෙම කරුණ අවධාරණය කරගෙන ජීවිතය ගොඩනඟා ගත යුතු ය.

  15. Love nature says:

    බුදු දහමට අනුව ජීවන පිළිවෙත් හැඩගස්වා ගැනීම පිළිබඳවත්, බුදු දහමට රටේ ඉහළ ම තැන ලබාදීම පිළිබඳවත් වර්තමානයේ කොතෙකුත් කතාබහ ඇති වුව ද බුදු වදනට අනුව සමාජය හැඩගැස්වීමට කටයුතු සිදුවෙන බවක් ගිහි පැවිදි නායකයන්ගේ කියුම් කෙරුම්වලින් නො පෙනේ. අතීතයේ සිට බුදු දහමට මේ රටේ ප්‍රමුඛස්ථානය හිමි වුණේ ව්‍යවස්ථා, නීතිරීති පැනවීම්වලින් නො වේ. එය ජන සංස්කෘතිය තුළ, පාරම්පරික ජන විඥානය තුළ තිරසරව මුල් බැසගෙන පැවතියේ බුදු දහමේ ඉගැන්වීම්වලින් ලද ශික්ෂණය නිසා ය. හෙළදිව පැරණි රජුන් කිහිප අවස්ථාවකදී ම මුළු මහත් රාජ්‍යය බුදු සසුනට පූජා කළ බව අප නිතර මෙනෙහි කළ යුතු ය.

    දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘ වූ අප බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලබන පූජා විධීන් හා වන්දනාමාන ක්‍රම, දෙවියන්ට කරන පූජාවන් ලෙස පවත්වන්නට, පෙර කවරදාටත් වඩා අද ජනතාව පෙළඹී සිටිති. මේ වූ කලී සියලුම ආගම් සමාන ලෙස සැලකීම පිළිබඳ ජනවාර්ගික සහජීවන පිළිවෙතට නැඹුරු වීමේ අහිතකර ඵලයකි. බෞද්ධ සම්ප්‍රදායයන්ට ඉඳුරා පටහැනි කටයුතු විහාරස්ථානයන්හි පැවැත්වීමට ඉඩ දීම හා සමහර භික්ෂූන් වහන්සේලා ඒවාට අවකාශ සලසා දීම බුදු දහමේ මෙන් ම සිංහල ජාතියේ ද යහ පැවැත්මට හානිකර ය.

Main News