රතු අලිපැටියා ලොක්කෙක් හමුවේ.. කෝටි ගාණක පගාවක් අරන් කරේ තියාගෙන එයි…

January 6, 2018 at 10:40 am | lanka C news
රතු අලිපැටියා ලොක්කෙක් හමුවේ.. කෝටි ගාණක පගාවක් අරන් කරේ තියාගෙන එයි…

හොර මැරකම් වංචා දුසන අල්ලන්නේ යයි නිතර දෙවෙලේ කෑගහන රතු අලි පැටි නායකයෙක් පෙරේදා දිනයේ මෙරට මෙරට නොවන රස්සා සම්බන්ධයෙන් අදාල වන ප‍්‍රධාන තැනක සභාපතිවරයෙක් හමුවීමට ගොස් ඇත.

දෙදෙනා සෑහෙන වේලාවක් කතාබහ කරමින් සිට ඇති අතර ආයතනයේ සභාපතිවරයා විසින් රතු අලිපැටියා වෙත විශාල මුදලක් ලබා දී ඇත.

කෝටි ගණනක මුදලක් මෙසේ රතු අලි පැටියා වෙත ලබා දී ඇති බවද තහවුරු කල හැකි තොරතුරු ඇත.

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති ධුරයක් දරන අයෙකුගේ වංචා දුෂණ යට ගැසීම සදහා මෙම මුදල පගාවක් ලෙස ලබා දී ඇති බවද සදහන්ය.

පගා මුදල ලබා දීමෙන් පසු සභාපතිවරයා එම ප‍්‍රබලයා අමතමින් කියා ඇත්තේ ‘මුන් තමයි ලංකාවේ ඉන්න ලොකුම කප්පං ටීම් එක’ යවුවෙනි.

14,856 Viewers

2 Comments to “රතු අලිපැටියා ලොක්කෙක් හමුවේ.. කෝටි ගාණක පගාවක් අරන් කරේ තියාගෙන එයි…”

  1. FREE says:

    සත් ගුණවත් නිර්භීත ,දූෂණ විරෝධී අරාබි වසන්තයට කපටි වසන්තය මුසු කල උතුර බලන කොට දකුණ පේන වසන්තයේ නල රැල්ල ගැන නේද මේ කියන්නෙ?

  2. Ashen says:

    Jvp ekata dan monada kiyAnn thiyenne

Main News