රත‍්‍රන් අශ්වයින් සොයාගනී..

May 16, 2017 at 3:06 am | lanka C news
රත‍්‍රන් අශ්වයින් සොයාගනී..

වෙසක් දින රාත්‍රියෙහි කොටිකාවත්ත කොහිලවත්ත ප්‍රදේශයේ අශ්වගාලක සිටියදී අතුරුදන් වූ ලක්ෂ 30ක පමණ වටිනාකමකින් යුත් “රන් පැහැති” අශ්වයන් දෙදෙනකු පොළොන්නරුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකින් පසු සොයා ගැනීමට හැකි වූ බව වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කරයි.

ගාලේ සිටි “රන් පැහැයට” හුරු කුඩා අශ්වයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බවට එම අශ්ව ගාලේ හිමිකරු විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කොට ගනිමින් 13දා සෙනසුරාදා අලුයම සිදුකළ විශේෂ සෝදිසියකදී සූක්‍ෂ්මව සඟවාගෙන සිටි එම “රන් පැහැති’ අශ්වයන් දෙදෙනා සොයා ගැනීමට වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ ඒකකය සමත්ව තිබේ.

එම “රන් පැහැති” අශ්වයන් සොරකම් කළ බවට සැක පිට අවුරුදු 29, 36 යන වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් එම අශ්වයන් විකිණීම සඳහා සොරකම් කර ඇති බවට පොලිසිය සැක කරයි.

– මව්බිම

46,299 Viewers

13 Comments to “රත‍්‍රන් අශ්වයින් සොයාගනී..”

  1. gon aswayo ගොන් අස්වයෝ says:

    මේවා අර නාමල් මන්ත්‍රී තුමා ලග හිටියා කිව්ව එකාගේ බෙබිලාද? නැතිනම් කෑ ගහපු පොන්නප්පුලාගේ බිජද? ගල්ඩ?

  2. ලෙබ්බේ says:

    ෂුවර් එකටම මේ අශ්වයන් නම් රත්තරන් පාට paint ආලේප කරලා තිබෙන සාමාන්‍ය ජාති අස්වයෝ වෙන්න ඕනෑ. මුළු ඇඟේම ගාන්න සෑහෙන්න වියදමක් යන්න ඇති.

  3. Sujatha Senaratne says:

    Namal’s horses

  4. Boo says:

    අප්පේ ඇති යාන්තං රත්තරං අස්සයින්වනං හොයාගත්තා, දැන් තියෙන්නේ ලම්න්බෝගිනි ටිකයි හෙලිකොප්ටර් ටිකයි, ඩුබායි මාලිගාවයි හොයා ගන්න. ඊට පස්සේ පුළුවන් අර රාජිත කක්කුස්සි කටා දැකපු තාජුදීන්ගේ CCTV දර්ශන ටික හොයා ගන්න, ම්ම්ම්ම්ම්…. අර මහා බැංකුවෙන් හොරකම් කල සල්ලි ටික…..ඒක ….. එක්කෝ දැන්ම ඕනේ නෑ .

    • Alapaluwa says:

      Boo.ඔබ කියනවා වගේ දැන් තමයි මගේ හිතට පණක් ලැබුනේ මේ රත්ත්‍රන්අශ්වයෝ දෙදෙනා නවීන තාක්ෂණය යොදා හරින්ගේ ඩිජිටල් තාක්ෂණය ක්‍රමයට සොයාගත් එකගැන.කොහේද දන්නේ නැ නේද ඇත්තටම හංගලා තිබුණේ මැදමුලානේ නොවේනේද? දැන් නාමල්ලට FCID එකට උදේ හවා යන්න වේවි බණඅසන්න පන්සල් යනවිදියට.අනේ මෙහෙමත් ගොන් තකතිරුවෝ ටිකකක් මුන්ට පුලුවන්නම් මේ අශ්වයෝ දෙදෙනා මාරා රත්ත්‍රන් වලින් හදයි මෙන්න නාමල්ගේ අශ්වයෝ දෙදේනාකියලා.එහේමට කේන්තියක් තිබෙන්නේ මේ ගොන් හැත්තට රාජපක්‍ෂ Family එකත් එක්ක.

  5. KEPPA SIRA says:

    APPSIRA NOW AT DELIMA ON ALL LIES, HE SPEAK LIKE MAD BULL

  6. හි.. හි.. හු.. හු.. ලිච්චවී රජ දරුවන්ගේ තවත් සොයා ගැනීමක්. ඒ රන් අස්සයන්ගේ පිටේ නාමල් රාජපක්ෂ කියලා කොටලා තිබුනලු. ගොන්ජෝ හෙට මිඩියා ප්‍රමුඛ කරගෙන මොබයිල් පොන් එක කනේ ගහගෙන පලයං… හි.. හි.. හු.. හු..

    • Alapaluwa says:

      ලංකා මතා ඔබහරි අනෙක් අශ්වයාගේ පිටේ කොටලා තිබුනලු යෝෂිත කියලා නැට්ට අගේ තිබුණලු රෝහිතගේ නමෙන් බාගයක් ඉතිරි බාගේ නාමල් කියා කොටා තිබුණු අශ්වයාගේ පස්ස පැත්තේ තිබුණා කියලා ඔය පුජිතයද මොකද කියන්නේ.

  7. Notthischange says:

    Wayasa anuwa Namalui, Yoshithai thamai horakama karala thiyenne…
    Ammapa Toyiyek dakkoth marei…

  8. මල් සෝමේ says:

    එහෙනම් හිටං කිව්වා රත්තරං අස්සයෝ කතාව බොරුවක් නෙමෙයි.. නාමලුයි. යෝෂිතයි දෙන්න තමයි අහුවෙන්න ඇත්තේ …….

  9. mrg says:

    ඕං එක ඡන්ද පෙරොන්දුවක් අවුරුදු 3ක් ලං වෙනකොට හරි ගියා, ඊලඟ එක ලැම්බෝගිනිය ඒක අවුුරුදු 05 ලං වෙන කොට හබ්බ වෙයි. සතුටුයිද ටොයියනේ සතුටුයි නේද? බලාපොරොත්තු ඉටු වු ප්‍රිතිය නිමිති කොට ගෙන රට සවාරියක් අමුඩපාලුවන්ට.

  10. Liyanage says:

    අනෙ මෙහෙමත් ආතල් දෙන අන්ඩුවක්

  11. අමීලියා says:

    ඕන් එහෙනම් එක චෝදනාවක් හරි ගියා , දැන් කොහොම හරි අස්සයෝ රාජපක්ෂට සම්බන්ද කර ගත්තනම් හරි , බැරිම උනොත් ඩේසි ආච්චිව හරි ……

Main News