රථවාහන අවම දඩය විසිපන්දාහ තෙක් ඉහල දැමේ…

August 10, 2017 at 3:00 pm | lanka C news
රථවාහන අවම දඩය විසිපන්දාහ තෙක් ඉහල දැමේ…

රථවාහන වැරදි කිහිපයක් සදහා අවම දඩ මුදල රුපියල් 25,000 තෙක් වැඩි කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මෙසේ අවම දඩ මුදල ඉහල දමා ඇත්තේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, රියදුරු බලපත්‍රයක් නැති පුද්ගලයින් සේවයේ යෙදවීම, මත්ද‍්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, දුම්රිය හරස් මාර්ගයකින් අපරික්ෂාකාරීව ඇතුළු කිරීම, වලංගු රක්ෂණාවරණයක් නැති වීම යන වැරදි සදහායි.

වමෙන් ඉස්සර කිරීම, අධික වේගයෙන් පැදවීම, නොසැලකිලිමත්ව ධාවනය, බාලවයස්කරුවන් රිය පැදවීම යන වැරදි සදහා අවම දඩ මුදල රුපියල් 2500ක් දක්වා ඉහළ දමා ඇත.

21,614 Viewers

14 Comments to “රථවාහන අවම දඩය විසිපන්දාහ තෙක් ඉහල දැමේ…”

  1. තනි ඉර ඩ්බල් ලයින් කපාගෙන ඉස්සර කලාම දඩය කියද.

    පසුගිය දවසක නොච්චියාගම දි තනි ඉර කපලා මාව ඇල්ලුවා.පි.සි කාරයා ටෙම්පරරි ලයිශන් කොලයක් දිලා දඩකොලය ගන්න පොලිසියට එන්න කිව්වා. එතකොට දඩකොලයගන්න ආයෙත් නොච්චියාගම යන්න වෙනවා. ඉතින් දඩය රුපියල් 500 මිනිහට දිලා ලයිශන් එක අරන් ශේප්වෙලා ආවා.
    දඩ පොත් පොලිසියෙ ප්‍රමානවත් ප්‍රමානයක් නැති නිසා පි.සි. කාරයොන්ට දඩ පොත් දෙන්නෙ නැතිලු එස්.අයි. හෝ සාජන් කාර්යන්ට විතරලු දඩපොත් දෙන්නෙ. අනිත් එවුන්ට අහුවෙන මිනිස්සුන්ට කට්ට කාගෙන පොලිසි ගානෙ යන්න වෙනවා දඩ කොල ලියා ගන්න. ඒක පි.සි. ලට වාසියි. නිකම්ම ගාන කපාගන්න පුලුවන්.
    ඔන්න කුජිතයගෙ පොලිසිය.

    • unp says:

      අනේ ඉතින් වෙනසක් තියන්නෙ එපෑ. ඉතින් මේ වෙනස සෑපයිනේ. ඈයි ඉතින් දෑන් ඔයතරම් අඬන්නේ.

      • SLFP says:

        ඕක ඉතින් අළුත් දෙයක්‍ද? පහුගිය කාලෙ අපි ආණ්ඩු කරන කාලෙත් තිබුණෙ.

  2. Gayashan says:

    polis karoyonta mara chance eka. 1500 x 30 hoya gatta nan 45k amathara adayama masetama. 25k case ekak dekak alla gatta nan 10k wath ekakin goda daganna puluwan.

  3. fass says:

    Good!

  4. sumith says:

    How Does a Police Scope of නොසැලකිලිමත්ව ධාවනය those idiots will always tell and charge 25000 from drivers in vain need to remove this or redefine this clearly if the govt has a brain

    • citizen says:

      හරියට කියවලා comment දාන්න. නොසැලකිලිමත් ධාවනයට 25000/- නෙමෙයි, 2500/-

  5. Nandasoma says:

    රාජ්‍ය දේපල සොරා කෑමේ වරදට මරණ දඬුවම දිය යුතුයි!

  6. Sihala Yaka - සිහල යකා says:

    මිනිහෙක්ගෙ අමතක වීමකට 25,000 ක් දඩ ගහන කාලකන්නි තිරිසන්නු.

    මනුස්සයින්ට මේ තියෙන ජීවන ප්‍රශ්නත් එක්ක ඔලුව ගිණි අරන් ඉන්නෙ.
    ඊයෙ ගලවල දැම්ම කලිසම උදේ මතක නැතුව වෙන එකක් ඇඳන් ගියොත් ඉන්ශුවරන්ස් එක නෑ. පර්ස් එකේ ලයිසන් ඉන්ශුවරන්ස් දාගෙන ඉන්න අය ට පර්ස් එක ගෙදර දාල ගියොත් දඩය 25,000 යි. වාහනේ අස්සේ තියන්න විදියක් නෑ වහනේ ඉස්සුවොත් ඔක්කොම එක්ක​.

    ඊ යෙ ඉන්ශුවර් කරන්න තිබුනා අමතක උනා. අද දඩය 25,000 යි.

    මේවායෝජනා කරපු උන්ට පාස් කරපු උන්ට සහ ගහනව​. පාරෙ පිස්සු කෙලිමින් යන උන්ට දඩ නෑ.

    • unp says:

      අනේ ඉතින් වෙනසක් තියන්නෙ එපෑ. ඉතින් මේ වෙනස සෑපයිනේ. ඈයි ඉතින් දෑන් ඔයතරම් අඬන්නේ.

    • citizena says:

      වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම කියන එකෙන් අදහස් කෙරෙන්නෙ, තමන් සන්තකයේ ඒ වෙලාවේ නැතිවීම නෙමෙයි, RMV එකෙන් ඒක අරගෙනම නැති කට්ටිය ගැන කියලයි කියන්නෙ, මට තේරෙණ හැටියට.

  7. poduminisa says:

    මෙකත් බැදුන්කරය වගේ එකක් ආංඩුව කරන්නේ පුලුවන්තරම් මඩිය තරකරගෙන යන්න මහජනතාවට වඩා ආංඩුවට අවිශ්වාසයි තමන්ගේ පැවත්ම ගැන එක පිට එක මගඩි ජාවාරම් දානවා හැම එකාම කියක් හරි යටිමඩිගහගන්න තමයි බලන්නේ පොදුජනතාව තලාපෙලා හම්බකිරිම තමයි ආංඩුවෙ ප්රතිපත්තිය අත් වැරදිමකින් සිදුවන සිද්ධියක් සදහා මෙතරම් දඩමුදලක් කෙතරම් අසාධාරණද කොටිගනන් වත්කම් හෙලිනොකලාට දඩය රු 2000 අමතක්විමෙන් ලයිසන් එක නැතිවුනාම රු 25000 මේකද වෙනස

  8. සරත් says:

    පාර මැද්දේ වෙන යට ඉස්සර කරන්න දෙන්නේ නැතිව කොට කොට යන වාහන (බයිසිකල්,ත්‍රී වීල් ,බස්,වැලි ලොරි ) වලට මොකද කරන්නේ.වමෙන් ඉස්සර කරන්න වෙන්නේ විකල්ප නැති නිසා.වැලි ලොරි 10 ක් විතර එකතු වෙලා පෝලිමට යනවා ලඟින්ම තියාගෙන ඉස්සරහට කිලෝමීටර ගානක් වාහන නැහැ ,පිටිපස්සෙන් කිලෝමීටර ගානක් වාහන පෝලිම වැලි ලොරි ඉස්සරකරගන්න බැරිව.වැලි ලොරි කරන අය එකතු වෙලා කරන වැඩක් මේක.

  9. ISHAN says:

    walangu license ho insurance nathi wima kiyanne athe nathi wena ekada aragenama nathi wena ekada.nosalakilimath riya dawanaya thawa pahidili wenna oni mokada hama ekakma nosalakilimath nisa wena dewal.ethakota waradi dekai.

Main News