රනිල්ට එරෙහිව මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කරන්න ගිය වීරකුමාරට ඇමතිකම ගන්න අගමැති රනිල්ට වැද සමාව ගන්නැනයි දන්වයි..

December 16, 2017 at 10:00 am | lanka C news
රනිල්ට එරෙහිව මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කරන්න ගිය වීරකුමාරට ඇමතිකම ගන්න අගමැති රනිල්ට වැද සමාව ගන්නැනයි දන්වයි..

ඒකාබද්ද විපක්ෂ නියෝජනය කල අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාට ආණ්ඩුවේ ඇමතිකමක් ගැනීමට යාමේදී තහංචියක් පනවා ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ ඔහු නියෝජ්නය කල විමල් වීරවංශ මහතාගේ ජානිපෙන් ඉවත්ව ආණ්ඩුවට යන්නේ 2020 ජනාධිපතිවරණයේදී වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම වැලැක්වීමට යයි මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ඔහු විසින් ගෙන ගිය බැවිනි. එම ප්‍රවෘත්තිය මෙතනින්

මෙහිදී එසේ පොදු විපක්ෂයෙන් යෑම සාධාරණය කිරීමට එම කරුණු වලංගු වුවත් අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමතිකමක් දැරීමට එම සටන් පාඨයම නුසුදුසුකමක් වී ඇත.

එජාපයේ මන්ත්‍රීවරු ඇතුළු පක්ෂ කණ්ඩායමේ මතය වී ඇත්තේ මෛත්‍රී ජනාධිපති කරවීමේ දි ප්‍රධාන කොටස්කරුවා තමන් වූ බැවින් එදා ඊට විරුද්ධව සිටි කොටස් ආණ්ඩුවේ ඇමතිකම් ලබාදී ලංකර ගත්තත් එය එජාපයේ ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව සටන් කිරීමට එසේ ඇමතිකම් දීම ඉතාම පිලිකුල් සහගත ක්‍රීයාවක් මෙන්ම එය දේශපාලන සදාචාරයට පටහැනි බවය.

කෙසේ වෙතත් වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා අගමැති රනිල් ඉදිරියේදී මෙරටේ සංස්කෘතියට අනුව පාපොච්චාරණයක් කොට සමාව ගන්නේ නම් ඇමතිකමක් ලබාදීමට විරුද්ධ නොවන බවට තමන් එකඟ වන බව එජාපයේ මන්ත්‍රී කණ්ඩායම දන්වා ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදු විපක්ෂයෙන් ආණ්ඩුවට ගිය ශ්‍රීයානි විජේවික්‍රම මහත්මියට රාජ්‍ය ඇමතිකමක් ලබා දුන් ආකාරයට මොහුට ද අගමැතිගෙන් සමාව ගැනිමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිකමක් පිරිනැමීමට සුදානම් වුවත් ඔහුට ඒ හරහා 2020 දි රනිල් මීලග ජනාධිපතිවරයා කිරිමේ සටන් පාඨය හීන් සීරුවේ යටපත් කිරීමට සිදු වනු ඇත.

– අන්තර්ජාලයෙනි

21,931 Viewers

7 Comments to “රනිල්ට එරෙහිව මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කරන්න ගිය වීරකුමාරට ඇමතිකම ගන්න අගමැති රනිල්ට වැද සමාව ගන්නැනයි දන්වයි..”

  1. Sudaa says:

    ලැට් වලක් කඩන් කෑවානම් නම්බුය්.

  2. piyarathne Gamage says:

    මුන්ව සල්ලිවලට ගන්න එවුන්ට හරි මුන්ටම හරි බැනල වැඩක් නේ..මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න අපිව යවන්න කිව්වම මුන්ව පාර්ලිමේන්තු යවපු අපිත් මුන්ව නියෝජ්‍ය නායක / ජාතික ස0විධායක කරපු පක්ෂ යාන්ත්‍රනයත් හවුලේ වග කියන්න ඕන ..

  3. වැදපන් මල්ලි. ඕකත් වැඩක්ද? says:

    වැදපන් මල්ලි. ඕකත් වැඩක්ද? දේසපාලනේ කොරනකොට රුපියල් පහේ කාසියට වට්ටිය අල්ලන් දැන් ගහන්න වගේ ඉඳපන් මල්ලි.තඹ සතේට වඩා වට්නවා. දීපන්. අල්ලපන් ඇමති කමක් අරන් රෙදි නැතුව පලයන් ඇමති තුමෝ.

  4. Pina says:

    මොකද මල්ලි වැන්ඳම වෙන්නෙ ඒ උත්තමයට. මම දැන් ඌරු වලේ බැහැපන් කීවත් කරනවා. නැත්නම් කවුද හලෝ අපිට මෙහෙම සලකන්නෙ. අම්මගෙ හොර මිනිහවත් කරාවිද …

  5. PISSU PUSHA says:

    This man do any durty thing for money, even light support for Sagal and Ranil

  6. David Milli-Banda says:

    Weera Kumaraya… ganja Dhimiyage lanuwa kaala.Ranil idiriye wamaranna yanne.

    Anura pure thorang gahanawa nawa Amathi piliganna……

  7. Wije says:

    මහජනයා ඉදිරියේ ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.

Main News