විශ්වාසභංගයේ කකුලෙන් ඇද්ද ඒකාබද්දයේ දේශද්‍රා්හී තක්කඩියෝ ගැන විමල් හෙලි කරයි..

April 9, 2018 at 10:40 am | lanka C news
විශ්වාසභංගයේ කකුලෙන් ඇද්ද ඒකාබද්දයේ දේශද්‍රා්හී තක්කඩියෝ ගැන විමල් හෙලි කරයි..

‘පැරදුණු ආණ්ඩුව, තෙල්දෙණියේ ගින්න, මෙතැනින් කොතැනට ද’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වනු ලබන දේශන මාලාවේ දෙවැන්න කන්තලේ සම්පත හෝටල ශ්‍රවණාගාරයේ දී සිදු කරමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ අදහස් පල කලේය.

අපේ කඳවුරේ ඉඳගෙන බටහිර – ඉන්දීය න්‍යාය පත්‍රයට උඩගෙඩි දෙන දේශද්‍රා්හී තක්කඩියෝ කියනවා ‘අගමැති රනිල්ට එරෙහිව විශ්වාසභංග හෝ වෙනත් ක්‍රියාමාර්ග ගේන්න ඕනේ නැහැ. රනිල් පැරැද්දුවාම මෛත්‍රී ශක්තිමත් වෙනවා’ කියලා. සිරිසේන ජනාධිපතිවරයා අමුතුවෙන් ශක්තිමත් කරන්න පුළුවන් කෙනෙක් ද? පළාත් පාලන ඡන්දයෙන් එයා ගත්තු 13%න්, 10%ක් නිකම්ම ඊළඟ ඡන්දයේ දී අපේ පැත්තට ගැලවිලා ඒවි. එයාට දැන් නම් විධායක බලය තිබෙන නිසා සී මැදුරු කවුළුවට වී බලා සිටිය හැකියි.

රට බෙදීමේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, එට්කා ගිවිසුම ගැසීම, ජාතික සම්පත් විකිණීම ඇතුළු බටහිර – ඉන්දීය න්‍යාය පත්‍රය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අතෙයි. ඒ නිසා ඒ පරගැති න්‍යාය පත්‍රය අතේ තිබෙන කෙනා බල රහිත කිරීම කියන්නේ සිරිසේන මහත්තයා ශක්තිමත් කිරීමක් නොවෙයි. ඒක මේ රටේ දේශමාමක බලවේග ශක්තිමත් කිරීමක්.

‘ඇමරිකන් – ඉන්දියන් විසුරේලා’

ඇමෙරිකාවට සහ ඉන්දියාවටට රනිල් තියාගන්න ඕනේ තමන්ගේ න්‍යාය පත්‍රය ඔහු ලවා දිගේලි කර ගන්නයි. ‘ඒ රටට හතුරු සියල්ල සිදු වුණාට පස්සේ හෝ අපට බලය ආවාට කමක් නැහැ’ කියන නරුම මතයක් සමහරුන්ට තිබෙනවා. මේ සියල්ල නිවැරදිව දකින්න ඔබට හැකි විය යුතුයි. ‘කොටියට ඕනෑ නැගිටින යුගයක් – ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්’ කියා අපි ඒ දවස්වල කීවේ මේ සියල්ල විනිවිඳ දකිමින්. එවිට සමහරු කීවා අපි ‘වතුර බේසමේ කිඹුල්ලු දකිනවා’ කියලා. නමුත් අද සිදු වෙමින් පවතින්නේ අපි කී දේ නොවෙයි ද?

ඇමෙරිකන් සහ ඉන්දීයන් තානාපතිවරුන් දෙදෙනා දැන් හරියට වැඩ කරන්නේ ‘විසුරේලා’ දෙදෙනෙක් වගෙයි. දැන් රනිල් – මෛත්‍රී ජෝඩුවට එකට ඉඳලා ඇති වෙලා තිබෙන්නේ. ඒත් මේ විසුරේලා දෙන්නා කියනවා, ‘අපේ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන් ඉටු කරලා දෙනකන් තමුසෙලාට ඩිවෝස් වෙන්න බැහැ. කාමර දෙකක හරි ඉඳලා අපේ වැඬේ හරියට කරපල්ලා’ කියලා. මේ විධායක ජනාධිපති හා අගමැති එකට තියාගෙන කරගන්න තව වැඩ තියෙනවානේ. ඒ ටික කරගන්නකම් මේ දෙන්නා එකට තියා ගන්නයි මේ ‘විසුරේලාට’ උවමනා.

ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවන තෙක් එනම් 2019 ඔක්තෝබර් තෙක් අපි ඉතාමත් අවදියෙන් සිටිය යුතුයි. මේ අනතුර හොඳින් වටහා ගත යුතුයි. ලක්ෂ ගණනින් පාරට බැහැලා හරි මේ ආණ්ඩුව ගෙදර යවන්න අවශ්‍ය වුණොත් එදාට එ් දෙය හෝ සිදු කරමු. එහෙම සූදානම් වී ඉදිරියට යමු.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

70,450 Viewers

16 Comments to “විශ්වාසභංගයේ කකුලෙන් ඇද්ද ඒකාබද්දයේ දේශද්‍රා්හී තක්කඩියෝ ගැන විමල් හෙලි කරයි..”

  1. LION voice says:

    WELL SAID as always Hon Wimal Weerawansa………..jaya wewaaaaaaaaaaaaaa!!

    • ඇත්ත says:

      2020 ජනාධිපතිවරණයේදී ප්‍රධාන චන්ද පොරොන්දුව විය යුත්තේ බැදුම්කර හොරුන්ට දඩුවම් කිරීමට ජනවරමක් ඉල්ලා සිටීමයි..

      • sky says:

        දේශද්‍රා්හී තක්කඩියෝ ඉන්න අපේ රටේ විමල් විරවංශ වැනි දේශප්‍රේමී දේශපාලකයෝ සිටීමත් ජාතියේ වාසනාවක් ..
        .ඔබතුමාට ජයවේවා !!!

      • sharowana says:

        එතකොට, හෙජින් ගනුදෙනුව වගේ දේවල් අමතක කරන්න ඕන නැද්ද?

        • yes yes, we must pay our attention to all of such thugs AND THINGS Bro. At the moment we could have got to forget all that for we have been deceived the gang of robbers including Ranil W and My 3 and Ravi karunaanaayakam and all others with the man who said that any ox can fight against LTTE, KISMANARIELLA, the FIGHTING gONAAa, the oone gonekuta yuddha karanna puluvan gonaaaaaaaaaaaaaaaaaaaa……………!!!!!!!!!!!!!!!!

      • ගුණවර්ධන says:

        ඔව් 2020 දී පත්වන ජනාධිපතිගේ ප්‍රධාන වගකීම විය යුත්තේ බැදුම්කර හොරු සියලු දෙනා සිරභාරයට ගෙනා ඉක්මනින් නඩු අසා දඩුවම් කිරීමයි

        • gamini says:

          ප්‍රධාන බැදුම්කර හොරා නිදහස් කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළේ ඇයි.? ඒ අනෙක් හොරැ නිදහස් කිරීමට ලොකු හොරා කැමති වූ නිසාද?

      • hari says:

        Ayai arudu 10k horakam karapu ayata monawada karanne

    • Sena says:

      Sir, you have to be very careful. Do not trust even Mahinda too much. He will work with anyone just to promote his family and his family name. They are taking you to a ride. He has already put a platform for him to survive even with Ranil or Sirisana any time he wanted. That is why he did not sign for the NCM. He discourages others too to come forward. Look everyone is blaming you. All the Political parties are attacking you. But remember once those parties come to power with your help they will never give a top ministry to you. Not only that they will share the good ministries with in themselves. You will be a man who will be safeguarding others in your whole life. Once they become kings you will be just a guard.

  2. karu says:

    well said wimal. but be careful division among your selves is the thing others are expecting. be carefull donot paly into the hands of enimies. they know only the division of you camp can reverse the current political uprising.

    • SALMAL says:

      Well said Hon. Wimal Weerawansha ,…There is always always ,always something to be thankful to you ..You are a great Patriotic leader ..
      .Stay patient and trust your journey ..We are always with you

      • jayamal says:

        ජනතාව අවදි කරන විමල් වීරවංශ වීරයාට ජයෙන් ජයම වේවා!

        • sayumi says:

          ”රට බෙදීමේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, එට්කා ගිවිසුම ගැසීම, ජාතික සම්පත් විකිණීම ඇතුළු බටහිර – ඉන්දීය න්‍යාය පත්‍රය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අතෙයි. ඒ නිසා ඒ පරගැති න්‍යාය පත්‍රය අතේ තිබෙන කෙනා බල රහිත කිරීම කියන්නේ සිරිසේන මහත්තයා ශක්තිමත් කිරීමක් නොවෙයි. ඒක මේ රටේ දේශමාමක බලවේග ශක්තිමත් කිරීමක්.”
          මෙන්න මේක තමයි ඇත්ත. ඔබතුමාට ජය වේවා !!!

  3. DAYASIRI says:

    දේශහිතෛෂීන්ගේ දේශ භක්තිය මුවහත් කරන කවදත් මව්බිමේ උරුමය සහ ප්‍රෞඪත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරන වීරවංශ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන කරුනු ප්‍රමාද වී හෝ අවබෝධ කරගෙන නිසි පියවර ගැනීමට කාලය එළඹ අැත. ඒ සඳහා එකා මෙන් පෙළගැසෙමු.

  4. salmal says:

    Hooo Hooooow

Main News