රනිල් මුලසුනේ සිටියදී එජාප මන්ත‍්‍රී රොත්තක් ඇමති මලික්ට බැණ වදිති..

January 9, 2019 at 10:00 am | lanka C news
රනිල් මුලසුනේ සිටියදී එජාප මන්ත‍්‍රී රොත්තක් ඇමති මලික්ට බැණ වදිති..

සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් දැඩි දෝෂාරෝපණයක් එල්ල කිරීම නිසා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම් දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08දා) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1දී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්විණි.

මෙම කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට ගිය අවස්ථාවේදී මන්ත්‍රිවරුන්ට ‍ෙදාර වැසූ බවට එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු චෝදනා නැඟූහ.

මීට අමතරව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඇහුම්කන් නොදෙන බවත් ඔහුගේ අමාත්‍ය ධුරයෙන් රටේ පොදු මහජනතාවට වැඩක් නොවන නිසා එම අමාත්‍ය ධුරය ආණ්ඩුවට බරක් වන බවත් කියමින් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විසින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට එරෙහිව චෝදනා නඟන ලදී.

තමා හමුවීමට ඕනෑම අවස්ථාවක හැකි බවත් තමන් හමුවීමට අවශ්‍ය නම් තමාට ඕනෑම අවස්ථාවක දුරකථනයෙන් කතා කළ හැකි බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

එහෙත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ එම පිළිතුරෙන් අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සෑහීමකට පත් වී නැත. මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකු පිළිබඳව දැඩි සුපරික්ෂාවෙන් පසුවන බවත් එම මන්ත්‍රිවරුන් පෙන්වා දී ඇත.

මෙම කණ්ඩායම් රැස්වීමට ජේ‍යෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුම සහභාගි නොවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‍ෙදාස් පවරා ඇති බවද වාර්තා වේ.

අමාත්‍යවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මතු වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී කමිටුවක්ද පත්කරන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන මෙම කමිටුවට රංජිත් මද්දුමබණ්ඩාර, අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන අමාත්‍යවරුද අයත් වෙති.

– mawbima

25,629 Viewers

One Comment to “රනිල් මුලසුනේ සිටියදී එජාප මන්ත‍්‍රී රොත්තක් ඇමති මලික්ට බැණ වදිති..”

  1. Sadda says:

    ඇති ගැටලුව වන්නේ, සියලුම උන්ට කැබිනට් ඇමතිකම් නොමැති වීමයි.

Leave a Comment

Main News