රනිල් අගමැති කරන්නැයි දිවුරුම් ප‍්‍රකාශ 100ක්වත් නෑ..

November 23, 2018 at 6:48 pm | lanka C news
රනිල් අගමැති කරන්නැයි දිවුරුම් ප‍්‍රකාශ 100ක්වත් නෑ..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක ඇමති උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය ඉරිදා සර්ව පාක්ෂික රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළ කරමින් මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ 113ක් ඉදිරිපත් කරන්න තමන්ට පුළුවන් බව අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කිව්වා. හෙට උදේ 10 වෙන කොට එය රැගෙන එන බවයි එතුමන් එදා පැවසුවේ. දැන් ඒක කියලා දවස් පහක් වෙනවා. දැන් දිවුරුම් ප්‍රකාශයක් නෑ.  අජිත් පෙරේරා මන්ත්‍රීතුමාත් නෑ.

තිත්ත ඇත්තනම් එජාපයට 113 ක සහයෝගය නොමැති බවයි.  මහින්ද අගමැතිතුමාට එරෙහිව 122ක්   අත්සන් කළා.  දැන් දෙන්නෙක් අපේ පැත්තට ඇවිත් ඒක 120ට බැස්සා.  දෙමළ ජාතික සන්ධානය සහ ජවිපෙ අගමැතිවරුන් නසන යෝජනාවලට මිස අගමැතිවරුන් බිහි කිරීමට සහය දෙන්නේ නැති බව පැහැදිළිව ප්‍රකාශ කරනවා. දැන් ඒ අයගේ 20 අඩු කළාම එජාපයට සිටින්නේ මන්ත්‍රීවරු 100යි.  ඔතනිනුත් සාතිශය බහුතරයක් ඉන්නේ රනිල් අගමැති කරන්න නොව සජිත් අගමැති කරන්න කියන අයයි.

ඒ නිසා නපරෙසං  විලොමානි  නපරෙසං  කතා කතං කියන බණ පදය අද  පෝය දවසේ සිහිපත් කරගෙන අනුන්ගේ 113 ගැන සොයන්න කලින් තමන්ගේ 113 සොයා ගන්න කියා අපි එජාපයට කියනවා.

– අරවින්ද අතුකෝරල

31,996 Viewers

3 Comments to “රනිල් අගමැති කරන්නැයි දිවුරුම් ප‍්‍රකාශ 100ක්වත් නෑ..”

  1. Kamal says:

    මූලික් අයිතිවාසිකම් පෙත්සමක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 ව්‍යවස්ථාවේ දෝෂාභියෝග කාරණා විභාගයට ගත හැකිද?
    එහෙමනම් සිරා හුටා…..

  2. Alapaluwa says:

    අද පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬන බහුතරයක් එදා රටට විනකරණ දේවල් සම්මත කරණ විට ඇයි හඬක් නොනැගුවේ? එද මේ ප්‍රජාතන්ත්‍රවදයට පිටින්ගොස් අනුමැතිය ලබගනාවිට මේ හොර නඩය.අපිට දැන් එයින් පෙනෙන්නේ මුන්ට රට ගැන කැක්කුමක් නැ නමුත් තමන්ට කෙලවේනකොට අන්න ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙනවා.මේ JVP යන කාලකන්ණි පක්ෂය වහාම අතුගා ගැමිය යුතුයි දේශපාලනයෙන්ම.මුන් කරන්නේ රටේ නැති ප්‍රශ්න මවමින් රට ගිණි තියන එක පමණි.වෙන කිසිම හොඳ දෙයක් මුන් කවදාවත් රට වෙනුවෙන් කර නැත. දැන් මුන් රෝහණ විජේවිරටත් ගරහනවා ඔවුගේ ප්‍රතිපත්ති අමු අමුවෙන් විනාස කරමින් මුන්ට සාප වෙන්න ඕනේ!

  3. රටේ රාළ says:

    රනිල් ටත් නැති මහින්දටත් නැති බහුතරය හොය හොයා ඉන්නවද?මහ මැතිවරණයකට යනවද? තීරණය උගත් විනිසුරු මඩුල්ල අතේ ය.

Main News