රනිල් අගමැති කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට.. 12 වැනිදා ඡන්ද විමසීමක්.. දෙමල සන්ධානයත් පක්‍ෂයි..

December 7, 2018 at 4:40 pm | lanka C news
රනිල් අගමැති කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට.. 12 වැනිදා ඡන්ද විමසීමක්.. දෙමල සන්ධානයත් පක්‍ෂයි..

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීමට සහයෝගය දක්වන බවට වන යෝජනාවක් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එජාපෙ නායකයන් 08 දෙනෙකු සිය අත්සනින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී ඇත.

දැනටමත් මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කර ඇති අතර එය 12 වැනිදා ඡන්ද විමසීමට ගනු ඇතැයිද වාර්තා වෙයි.

මෙම යෝජනාව සදහා දෙමල ජාතික සන්ධානයද පක්‍ෂව ඡන්දය භාවිත කරන බවට සහතික කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීමට තම පක්‍ෂය ඡන්දය නොදෙන බවයි.

22,219 Viewers

8 Comments to “රනිල් අගමැති කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට.. 12 වැනිදා ඡන්ද විමසීමක්.. දෙමල සන්ධානයත් පක්‍ෂයි..”

  1. Smith says:

    pudumayi, ayi jeppo ranila pathkoranna chande nodenne? Malik salli dunna madida?

  2. Tom peter says:

    MR nikan peechan una. Maithreepalage lanuwa me parath gilla.

  3. වෙරිසොරි says:

    225ම පක්ෂ උනත් හොරෙකුට අගමැතිකම දෙන්න ජනපති කැමති නෑ. 😁

  4. Gamini says:

    ඉංග්‍රීසි භාෂාව අභිබවා සිංහල භාෂාව නෑ…
    සුමන්තිරන් කියයි..මනොහර කට පියා ගනී..

  5. Ratne says:

    පාර්ලිමේන්තුව්ටයි..ජනාධිපති ධූරයටයි එහෙයියන් දමාගෙන අධිකරණය රට පාලනය කරයි..

  6. Rathgama MC says:

    ඒ.ජා .පෙරමුණට 106 ක් තිබුන නේ ,එයින් තවමත් අඩු ගානේ 100 ක් රනිල්ට තියෙනවා.එවිට දෙමල ජාතික සන්ධානයෙ ඒවත් ලැබුනම 113 ටත් වැඩියි නේ.ඉතින් මොකටද?ජවිපය රනිල් අගමැති කරන්න චන්දය දුන්න කියල නිකන් නම සවුත්තු කර ගන්නේ.හැබැයි රනිල්ගේ ඒ.ජා.පෙරමුනේ චන්ද ප්‍රමාණය 95 ට විතර බැස්ස නම් TNA චන්ද වලින් විතරක් 113 හදන්න බැරි නිසා එතැනදී අනිවාර්යෙන්ම ජවිපය චන්දය දෙනවා රනිල් අගමැති කරන්න.ඉතින් ඔය සරල අංකගණිතය විමල්ට ගම්මන්පිල්ලෙට දිනේෂ් ට වාසුට ….. තේරුම් ගන්න බැරිද?ජවිපය සහ TNA එකට වාසි රනිල් ඉන්න එක නිසා එයාල ඉන්නේ රනිල් එක්කයි.මේ දෙගොල්ලොම මහින්දට එරෙහියි.එය අද ඊයේ සිට උන දෙයක් නොවෙයි.2015 සිටම ඔය තත්වය තිබුන බව මෙයාල නොදන්නවා උනාට රටේ ජනතාව මෙන්ම පොහොට්ටුවේ ඉන්න බුද්ධිමත් මධ්‍යස්ත ජනතාව දන්නවා.නිකන් බොරුව සමාජ ගත කරන්න දඟලන්නේ නැතිව තමුන්ට අවාසි උනත් ඇත්ත කියන්න,කුමාර වෙල්ගම වගේ.

  7. Gamini says:

    දැන් තියෙන්නේ ජනමතවිචාරණය පමණයි….!

  8. Sapumal Bandara says:

    Demalu kawadath ranilta pakshai. Unta federal ganta puluwan Ranilgen pamanai.

Leave a Comment