රනිල්-අර්ජුන් වැඩ නතර නොකරයි.. ටයිකෝට් හොරකම අහු නොවී කරන්න අලුත් පනතක් ගෙනේ…

February 7, 2018 at 3:31 am | lanka C news
රනිල්-අර්ජුන් වැඩ නතර නොකරයි.. ටයිකෝට් හොරකම අහු නොවී කරන්න අලුත් පනතක් ගෙනේ…

‘සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත’ නම් වූ නව නීතියක් ගෙන ඒමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනවාරි 18 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එම නව නීතියට අදාළ කෙටුම්පත මේ දිනවල සිංගප්පූරුවට වී සැඟවී සිටින ඔහුගේ ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් විසින් සැකසූ එකක් බවත් අද (06) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අනාවරණය කළේය.

මෙරට මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුව ද මෙතෙක් අනුගමනය කළ මූල්‍ය නීති සියල්ල ද නොතකා හරිමින් අගමැති හෙවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිත් සේ රාජ්‍ය ණය ගැනීම සඳහා ඉහත පනත සකසා ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

එම නව නීතිය සකසා ඇත්තේ ටයි – කෝට් හොරකම් හෙවත් ‘බැඳුම්කර – භාණ්ඩාගාර බිල්පත් ආදී රාජ්‍ය ණය ලබා ගැනීමේදී සිදු කරන හොරකම්’ අසු නොවී කිරීමට හැකි ප්‍රතිපාදන සහිතව බව ද ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් චෝදනා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.

“සිරිසේන මහත්තයාගේ ‘බැඳුම්කර වාර්තා නාඩගම” මේ දිනවල උණුසුම් අන්දමින් රඟගත වෙද්දී ඒ මහා බැඳුම්කර හොරකමේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ සහ එහි ප්‍රධාන මෙහෙයුම්කරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තවත් මහා මගඩියකට සූදානම් වෙනවා.

මේ අයගේ එක ‘ටයි- කෝට් හොරකමක්’ අහු වුණු නිසා දැන් බලනවා, ‘ඒ විදියට අහු නොවී හොරකම් කරන්නේ කොහොම ද?’ කියලා. අගමැතිගේ රැකියා දශලක්‍ෂයේ උපදේශකයා ලෙස කටයුතු කරන අර්ජුන් මහේන්ද්‍රන් දැන් ඉන්නේ සිංගප්පුරුවේ. මේ ගජ මිතුරෝ දෙන්නා එකතු වෙලා හදලා තියෙනවා, අහු නොවී ‘ටයි – කෝට් හොරකම්’ කරන්න ඉඩ ලැබෙන නීති කෙටුම්පතක්. රනිල් වික්‍රමසිංහ අගමැතිගේ උපදෙස් පරිදි අර්ජුන් මහේන්ද්‍රන් කෙටුම්පත් කරපු මේ ලියවිල්ල, දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2018 ජනවාරි 18 වැනිදා ගැසට් පත්‍රයේ තිබෙනවා.

‘සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත’

එහි නම ‘සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත’. පෙබරවාරි 10 වැනිදායින් පස්සේ මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමති විදියට. අපි මේ මහා මගඩිය ගැන පළාත් පාලන මැතිවරණය මුවවිටේ තබා ගෙන ඔබට කියන්නේ, මෛත්‍රීපාල සිරිසේනලා – රනිල් වික්‍රමසිංහලා – අනුර දිසානායකලා‘බැඳුම්කර වාර්තා නාඩගම’ රඟ දක්වමින් කරන මහා බොරුව තවදුරටත් තේරුම් කරලා දෙන්නයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ආර්ථිකය අැත්තටම අතට ගන්න ඕන නම් රනිල් වික්‍රමසිංහට මේ වගේ පනත් කෙටුම්පත් ගෙනෙන්න ඉඩ තියයි ද? අවුරුදු තුනක් මේ රටේ ආර්ථිකය කාබාසිනියා කළ අගමැති රනිල් වික්‍රමසිංහට තවත් මාස 18ක් ආර්ථිකය කාබාසිනියා කරන්න ඉඩ දෙනවා මිසක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනත් කිසිවක් කරන්නේ නැති බවට, මේ හොර රහසේම පළාත් පාලන ඡන්දයෙන් පසු ගෙන එන්න හදන පනත් කෙටුම්පත හොඳම උදාහරණයක් නේද?

‘රනිල් – අර්ජුන් ඔපරේෂන් 11’

‘රනිල් – අර්ජුන් ඔපරේෂන් 11′ හෙවත් ‘දෙවන බැඳුම්කර මහ මගඩිය’ සඳහා තමයි පනත ගෙන එන්නේ. පළමුවැනි බැඳුම්කර මගඩිය අහු වීමට බලපෑ හේතු සොයා ගෙන අහු නොවී හොරකම් කරන්න රනිල් වික්‍රමසිංහ සූදානම් වෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍යය ණය ලබා ගැනීමේ දී බලපාන නීතිමය රාමුවක් තබුණා. ඊට අදාළ වන නීති තමයි, මුදල් නීති පනත, භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් අාඥාපනත, විදේශිය ණය පනත යන ඒවා. මේ පනත් සියල්ල පමණක් නොවෙයි මේ රටේ මූල්‍ය පාලන බලය ඇති පාර්ලිමේන්තුවත් නොසලකා හරිමින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ණය ගැනීමේ පූර්ණ බලය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතට ගන්න තමයි මේ ‘සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත’ ගෙන එන්නේ.

‘ගන්නා ණය ප්‍රමාණය වැඩි වන කොට හොරා කන ප්‍රමාණය ද වැඩි වේ’

මේ නව පනත් කෙටුම්පත සම්මත වුවහොත්, යම් වසරක් අවසානයේ දී ශ්‍රී ලංකා රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණයෙන් 10%ක මුදලක ණය ප්‍රමාණයක් ගැනීමට අගමැතිවරයාට නීතිමය බලය ලැබෙනවා. 2017 වසර අවසානයේ ශ්‍රී ලංකාවේ මුළු ණය බර රුපියල් ටි්‍රලියන 10යි. ඒ අනුව මේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් රුපියල් ටි්‍රලියන 01ක ණය මුදලක් 2018 වසර සඳහා ගැනීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඉඩකඩ ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 1000ක්. මේ විදියේ ණය මුදලක් බැඳුම්කර ඇතුළු වෙනත් ක්‍රමවේද මගින් සපයා ගැනීමේ දී මේ ‘ටයි-කෝට්’ මහත්වරු කොපමණ ප්‍රමාණයක් හොරා කයි ද? අර්ජුන් ඇලෝසියස්ගෙන් බිලියන 10ක් ණයට ගත්තු මේ අයියලා ගහපු ගැහිල්ල අපි දැක්කනේ. ඉතිං මේ ජාතික අපරාධවලට හවුල් නොවී පෙබරවාරි 10 වැනිදා මේ ආණ්ඩුවට ‘ගෙදර යනු!’ කියන පණිවඩය දිය හැකි ඡන්ද ප්‍රතිඵලයක් නිර්මාණය කරමු.’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

 

11,434 Viewers

4 Comments to “රනිල්-අර්ජුන් වැඩ නතර නොකරයි.. ටයිකෝට් හොරකම අහු නොවී කරන්න අලුත් පනතක් ගෙනේ…”

  1. Nandasoma says:

    එතකොට සිරිසේන භාර ගන්නව කිව්වෙ මොකක්ද?

    රනිල්ගෙ අලේද?

    • kamalasirikuruwita says:

      ජනාධිපති ට තියා එයාගේ ආර්ථික ඔස්තාර්ලා ට වත් මේ මුදල් කළමනාකරණ උප්පරවැට්ටි තේරුම් ගන්න තරම් දක්ෂ කමක් මොලයක් නැති ගානයි. ඒක රනිල් අර්ජුන් ගැන්සිය දන්නවා. ඒ හින්ද උන් බය නැතුවම අපේ රට ආර්ථික වසයෙන් මංකොල්ල කනවා කියලයි පෙනෙන්නේ. අනේ ගණන් දන්නා ලොක්කෙක් රටේ හිටියනම් !!!!

  2. Mj Palipana says:

    අවධානයට යොමුවියයුතු වැදගත් කරුණු

    අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ ජාතිකයෙකි . පසු කලක සිංගපුරු පුරවැසි බාවය ලැබුවෙකි .

    දෙමළ ඩයස් පෝරාව හා සම්බන්දකම් ඇති අර්ජුන් මහේන්ද්‍රන් සුදීර් ජයරාම් නම් Straits Grid Pte. Ltd මැලේෂියානු වියාපරිකයා සමග ඍජු සම්බන්ධ කම් ඇති පුද්ගලයෙකු බවට ඕන තරම් සාක්ෂි තිබේ . ස්වර්ණවාහිනිය සහ EAP සමූහය මිලදී ගැනීමට සැරසෙන්නේ මොහු වේ .

    අර්ජුන් ඇලෝසියස් යනු දකුණු ඉන්දියාවෙන් පැමිණි කට්ට්රාර් ඇලෝසියස්ගේ මුනුපුරා ය.

    සැලකිය යුතු කරුණු .කට්ට්රාර් ඇලෝසියස් සහ “ඇලෝසියස් මුදලාලි” යනු දෙදෙනෙකි .”ඇලෝසියස් මුදලාලි” යන අයගේ සැබෑ නම සමරසේකර මහමලිකා ආරච්චිගේ (එස්. එම්. ඒ. ඇලෝසියස්) යන අයයි. ප්රේමදාස මහතා සමග දේශපාලන සම්බන්ධතා ගොඩනඟා තිබුනේ ඇලෝසියස් මුදලාලි වේ . කට්ටාර් ඇලෝසියස් සහ ඇලෝසියස් මුදලාලි අතර ව්යාපාරයක් හෝ පවුල් බැඳීමක් තිබුණේ නැත.

    රට දෙමළ ඩයස් පෝරාව ආක්ක්‍රමණය කර ඇත .

  3. duminda says:

    kalu salli sudda kireema saha maha bankuwa sudda kireema

Main News