රනිල් ඇටවූ උගුලේ ඔහුම වැටේ.. අර්බූදය හමුවේ අගමැති තෝරන්නේ මෙහෙමයි..

November 11, 2018 at 4:40 pm | lanka C news
රනිල් ඇටවූ උගුලේ ඔහුම වැටේ.. අර්බූදය හමුවේ අගමැති තෝරන්නේ මෙහෙමයි..

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය දවස් 15 පුරාම එක්සත් ජාතික පක්ෂය හොටු පෙරාගෙන හඩමින් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයයි. අපි දැන් මදි නොකියන්නම එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව, NGO නඩය, එක්සත් ජාතික පක්ෂ, ජවිපෙ, දෙමළ සන්ධාන හවුල දිගින් දිගටම ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවා මහජන නියෝජිතයන්ට අගමැතිවරයා තීරණය කරන්නට ඉඩ දෙන්න කියලයි.  මහජනතාව සිටියදී මොකටද මහජන නියෝජිතයන්ට දෙන්නේ.  ඒ නිසා ජනාධිපතිතුමා තීරණය කළා මහජන නියෝජිතයින්ට වඩා ගැලපෙන්නේ මහජනතාවයි කියන කාරණය. මොකද පාර්ලිමේන්තුවට තේරී පත් වී පැමිණෙන නියෝජිතයා මහජනතාවගේ මතයම නියෝජනය කරනවාද කියා ගැටළුවක් තිබෙනවා.

පසුගිය කාලයේ මහ බැංකුව දෙවරක් බිඳලා ඒ සල්ලි තිබෙන්නේ එජාපය සමඟයි. දෙමළ බෙදුම්වාදී බලවේග අද සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමඟයි. ඒ වගේම බටහිර සමහර රටවල් 2015 ආණ්ඩු පෙරළියට මුදල් වියදම් කළ බව සෘජුවම පිළි අරගෙන තියෙනවා. බටහිර රටවල සල්ලි තියෙන්නෙත් එක්සත් ජාතික පක්ෂය සමගයි. එහෙම නම් සල්ලි මලු අතේ තියන් ඉන්න අයගේ සල්ලි වල බලය පෙන්නන්නට අවස්ථාව දෙනවද? එහෙමත් නැත්නම් රටේ ජනතාවට තමන් කැමති අගමැතිවරයා තෝරාගැනීමට ඉඩ දෙනවද ?

මේ තීන්දුව ගන්න ජනතාවට බාර දුන් විට ඇයි, අපිට ජනතාව ඉදිරියට යන්නට බැරියෝ. අපි උසාවි යනවෝ කියලා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කෑගසන්නේ. ඇයි ජනතාව ඉදිරියට යන්නට නොහැකිව එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ කකුල් වෙව්ලන්නේ. ජනාධිපතිතුමන් ගත්ත තීන්දුව වැරදි නම් අප ක්‍රියා කළ ආකාරය වැරදි නම් ජනතාව අපට දඬුවම් කරාවි. එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර කිහිපය පුරාවට මේ රට පාලනය කරපු ආකාරය වැරදි නම් ජනතාව ඔවුන්ට දඬුවම් කරාවි.

අප ආත්ම විශ්වාසයෙන් ජනතාව ඉදිරියට යන්නේ අප කළ දේ නිවැරදි බවට අපේ හෘද සාක්ෂිය විශ්වාස කරන නිසයි. ඒ වගේම අපේ මතය ජනතාව පිළිගන්නා බවද අප විශ්වාස කරන නිසයි. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ස්වාමියා වන ජනතාව ඉදිරියට යාමට බිය වන්නේ ඔවුන්ගේ පාලන සමයේ ජනවරමට පටහැනිව කටයුතු කළ බව ඔවුන්ම දන්නා නිසයි. ජනතා අයිතිවාසිකම් යටපත් කරමින්, කප්පාදු කරමින් කටයුතු කළ බව ඔවුන් දන්නා නිසයි.

රාජිත සේනාරත්න මැතිතුමා කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බව. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයේ තේරුම තමයි ප්‍රජාව විසින් පාලනය කිරීම. එහෙමත් නැත්නම් ජනතාව විසින් පාලනය කිරීම. මැතිවරණය තමයි ‍ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය.

ඒ වගේම ඉතාම කනගාටුදායක ලෙස ඇමරිකානු තානාපති කාර්යාලයත් මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවිරෝධී කාරණයක් ලෙස සඳහන් කරලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය එතුමන්ලාට තේරෙන්නේ නෑ කියල හිතමු. නමුත් Democracy කියන එක ඔවුන්ට තේරෙනවනේ. එම වචනය ගොඩ නැගීමට ඉවහල් වූ ග්‍රීක වචන දෙකේ තේරුම ජනතාවගේ පාලනය කියන එකයි. ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන්නේ කෙසේදැයි අපට ඔවුන්ගෙන් අසන්නට වෙනවා.

ජනාධිපතිතුමා විධායකයේ ප්‍රධානියා විදියට අග්‍රාමාත්‍යවරයෙක් ව්‍යවස්ථානුකූලව පත්කළ විට වත්මන් කථානායකතුමා ප්‍රකාෂ කරනවා එතුමා අලුතින් පත් කළ අගමැතිතුමන් පිළිගන්නේ නැහැ කියලා. ඒ වගේම එතුමා ප්‍රකාශ කළා, එතුමා පිළිගන්නේ හිටපු අගමැති තුමන් බව. කථානායකතුමන් ලිඛිත ප්‍රකාශයක් මගින් තමයි මේ බව සදහන් කළේ. එමගින් රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.

එම අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ දී ජීවිත දෙකක් අහිමි වුණා. තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලැබුවා, අපේ රටේ කළබලකාරී වාතාවරණයක් ඇති වේවි කියලා රටවල් ගණනාවක් සංචාරකයන්ට ලංකාවට යන්න එපා යැයි අනතුරු ඇඟෙව්වා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමග ඉහලට යන්න ගත්ත කොටස් වෙළඳපල රටේ මේ ඇති වූ අවිනිශ්චිත භාවය නිසා නැවතත් අස්ථාවර වෙන්න ගත්තා. ශක්තිමත් වෙන්න පටන් ගත් රුපියල නැවතත් අස්ථාවර වෙන්න පටන් ගත්තා. කතානායක තුමන්ගේ මේ පක්ෂග්‍රාහී හැසිරීම සමස්ත රටම දැඩි අස්ථාවර භාවයකට ඇද දැමුවා. විධායකය විසින් පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙක් සහ ව්‍යවස්ථාදායකය සින් පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙක් වශයෙන් අගමැතිවරුන් දෙදෙනෙක් සිටින නිසා විධායකයට, ව්‍යවස්ථාදායකයට යන දෙකටම බලය ලබාදුන් ජනතාවටම අගමැති කවුරුන්දැයි තීරණය කිරීමට ඉඩ ලබාදීම හැර වෙනත් විසඳුමක් අපට තිබුණේ නැහැ. මොකද මේ දෙපාර්ශවයම නියෝජනය කරන්නේ ජනතා නියෝජිතයන්.

නමුත් ඇතැම් රටවල් හිතුවත්, ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිතුමන් කියනවා වගේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය අඩපණ වීමක් සිදු වී නැහැ. මේ මොහොතේත් බ්‍රිතාන්‍ය ක්‍රිකට් ලෝලීන් 9000කට අධික පිරිසක් ක්‍රිකට් තරඟ නරඹමින් රට පුරා සංචාරය කරමින් තමන්ගේ රටවලින් කරන අනතුරු ඇඟවීම් ද නොසලකා ලංකාවේ රැඳී සිටිනවා.  වගේම හෝටල් හිමියන් ප්‍රකාශ කරන්නේ සංචාරකයන්ගේ පැමිණීමේ කිසිම අඩුවක් නොමැති බවයි. ඒ නිසා නැති ප්‍රශ්නයක් ඇති කරලා මේ රටට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය දැරූ උත්සාහය මේ මැතිවරණයට යාමත් සමගම පරාජයට පත්වී තිබෙනවා.

ජනතාව ඉදිරියට යාම ප්‍රජාතන්ත්‍රවිරෝධී යැයි යම් රටක් හෝ පුද්ගලයෙකු  කියනවානම් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියන එකවත් දන්නේ නෑ කියන එකයි අපට ප්‍රකාශ කරන්නට වෙන්නේ.

– අරවින්ද අතුකෝරල

91,561 Viewers

20 Comments to “රනිල් ඇටවූ උගුලේ ඔහුම වැටේ.. අර්බූදය හමුවේ අගමැති තෝරන්නේ මෙහෙමයි..”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ane oy.thamuse okkoma dannawa mokuth danne ne.emathy well gedara gihin jangiya galawannath issara pattama habak.

    • මැදමුලනෙ මුත්තා says:

      එතකොට මෙි යන විදියට ඉදිරියේ පැවැත්වෙන ජන්දයෙන් වැඩි ආසන ගණනක් අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති උනා කියමුකො. වසර
      හයක කාලයකට ජනතාව පත්කරපු පාර්ලිමේන්තුවෙ එයාටත් බහුතරය තියෙද්දි ජනාධිපති මෛත්‍රීපාල එක්ක ගැටුමක් ඇතිවෙලා, වෙනත් අගමැති කෙනෙක් පත් කළොත් හෝ පාර්ලිමේන්තුව විසුරැවොත් ඒකත් නීත්‍යානුකූද?

      • Kadiya says:

        බයවෙන්න එපා. ආණ්ඩුවක් පත්වෙලා වසර 1 මාස 6 යනකම් විසුරුවන්න 1978 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැත. ඊට පෙර මහින්ද මහතා හට තමුන් කැමති විශ්වාසනීය අයකු 2020 ජනාධිපතිවරණයෙන් පත්කරගත හැකිය.
        වංචනික 19 ව්‍යවස්ථාවේ වගන්ති අනුව සම්පුර්ණයෙන්ම ජනාධිපති බලතල කප්පාදුව පිළිබඳව රනිල් වික්‍රමසිංහගේ තිබුණ අධි තක්සේරුව නිසාත් කතානායකගේ ගොන් ප්‍රකාශ නිසාත් මිස මහින්ද මහතා අගමැති වූ රජය ඉදිරියට ගෙනයාමට ඉඩ තිබුණි. මේ රට දෙවියන් විසින් ද්‍රෝහී රනිල්, JVP, NGO සහ දෙමල ඩයස්පෝරා ග්‍රහණයෙන් බේරා සුරක්ෂිත අතකට පත්කරනු ඇත.

        • මර්වින් සිල්වා says:

          බලාගෙන හිටපල්ලා, මහින්දට රනිල් තරමිවත් කාලයක් මෛත්‍රීපාල ජනාධිපති යටතේ ඉවසීමෙන් වැඩකරන්න බැහැ. මාස 3 ක් යනකොට ගැටුම උග්‍රයි. එදාට මෛත්‍රීපාල මෙි ව්‍යවස්ථාවෙන්ම මහින්දට දුවන්න ගහන්නෙ.
          අනෙත් එක දැනටම නාමයෝජනාවලට පොහොටිටු කාරයොයි, ශ්‍රීලංකා කාරයොයි කා කොටා ගන්නවා. පාර්ලිමේන්තුව විසිරවීම වැරදියි කියල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළොත්, විසුරැවපු පාර්ලිමේන්තු නැවත නීත්‍යානුකූල වෙනවා. මෛත්‍රීපාලට පුළුවන් පොහොටිටු සාමාජිකත්වය ගත්තු එවුන් මන්ත්‍රී කමි වලිනුත් නෙරපන්න.
          මහින්ද කෑවෙත් දිරචිච ලණුවක්. අනේ පවි.

          • විසු ගේ අම්මා says:

            විසු පුතේ…………උඹ මැද මුලන මුත්තාගේ අමුඩේ සුවඳ බල බලා ඉන්නේ නැතුව….. ඌ කියන තර්කෙට උත්තරයක් දීපන්කො. ජනාධිපතිට හිතුනම අරුට ජනමතයක් තියනවා ඇති කියල …..පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්ද …. ?????

      • Sam says:

        ගොනෝ…කොටන්න කලින් දැනගෙන කොටපන්…බහුතරයක් තිබිලද 2015 අගමැති උනේ…??

      • visu says:

        මැදමුලනෙ මුත්තා………. මුත්තට මොලේ කලඳක් නැති වුනාට ජනතාව බුද්ධිමත්……. ජනපති දන්නවා රනිල් , රාජිත, පච රණවක, මැදමුලනෙ මුත්තා…… වැන්න වුන් සහ ඔහු වටේ සිටින සමනල්ලු කීප දෙනෙකු හැර මේ රටේ ජනතාව යමපාලනයට අකමැති බව…… ඔක් 26 දිනට පසු UNP ය පැවැත්වූ උත්ඝෝෂණ කිසිවකට 5000 ක ජන සහභාගිත්වයක් පෙන්වීමට සමනල රෑන අසමත් විය…….. 2015 ජනවාරි 8 පරාජය බාරගෙන මැදමුලනට ගිය මහින්ද මැතිතුමාව නැවතත් ජනතා සේවයට කැඳවීමට ජන 18 නුගේගොඩ රැලියට සහභාගි වූ……… ලක්ෂ 5 ක් ඉක්මවූ ජනතාවට හැකිවිය….. ආණ්ඩු බලයක් නැති මහින්ද මෙතරම් බලවත් නම්………. ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන මහින්ද ගැන මොන කථා ද……….. ? මහින්ද මැතිතුමාව මේ ආකාරයට ඉවත් කිරීමට සිතීමත් විහිළුවකි……….. මුත්තේ අමුඩේ අතගාලා බලහං පොඩි ගඳක් එනවා………

      • JOY says:

        අනේ මැදමුලනෙ මුත්තේ මොකද කරන්නේ ? මොනවා මේ කියන්නේ ?මොකටද ඔබ මේ නහින දෙහින කාලේ බටලන්දට කඩේ යන්නේ ? 88, 89 තරුණයන් ඝාතනය කල හැටිවත් මතකද ?
        මැදමුලනෙ මුත්තේ ඔබ වැනි මෝඩයෝ අලියාගේ වලිගෙ එල්ලිලා ගිහින් නන්නත්තාර වෙන්නේ මේ ඉලෙක්ෂන් එකෙන් තමයි

    • ගිගිරි says:

      @ muhammadu -පාර්ලිමෙන්තුව විසිරෙව්වට ඇමති පට්ටම් ගැලවෙන්න නැහැ ගොන් බාස්. චන්දෙන් පසු යලි පත් කරන තෙක් මේ ඇමති කම් වලංගුයි.

    • රුපියල් සීයා says:

      බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා කියනවා නම් ජනතාව ඉදිරියට යාම ප්‍රජාතන්ත්‍ර වාදය කියලා, වසරකට සැරයක් විතර ජනතාව ඉදිරියට යමු. පහකට පත් කරපු සෙට් ගෙදර යවලා. අආතල්……. මුගේ මොලේ…..

  2. රනිල් තමයි නියම නායකයා එජාපයේ අරයා මෙයා කියන පලියට නායකයත්වය මාරු කොරන්නේ මොන කෙහෙල්මලකටාද​????

  3. Malapuk says:

    Ara Australian karayawa sudda kare wadaa prajathanthrawadee kramayata da??

    • 18 කනුව says:

      ඔය කියන්නේ බොරු චෝදනා දාල බොරු සාක්කි කියන්න ගිහින් උසාවියේ කලන්තේ දාපු ඔස්ට්‍රේලියන් කාරයද?

  4. john the baptice says:

    ජනවාරි 5 වෙනිදා මහ මැතිවරණ දා එජාපයට කණ හරහා දුම් පිටවීමට පහර දීමට දැඩි සේ සිතට ගන්න.

  5. අසුචි බන්ඩාර says:

    ජෙප්පො හාමු වෙනුවෙන් රට නෙමෙයි පුංචි අම්ම වුනත් දෙයි නියපොතු වලත් මොලේ කිව්වට ගොන්කම හැසිරිමෙන් පේනව ජෙපි වහල්ලු රැවැට්ටුවට සිංහල ජන්ද තොපිට නැ සම්බන්ධගෙන් ඉල්ලගනියව්. විජේවිර හිටියනම් පෝරනේට පනින්නෙ කැමැත්තෙන්ම