රනිල් ඉවත් කර අලූත් ආණ්ඩුවකට ජනපති සූදානම්..

February 4, 2018 at 9:20 am | lanka C news
රනිල් ඉවත් කර අලූත් ආණ්ඩුවකට ජනපති සූදානම්..

10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ආණ්ඩුවට සමීප මාධ්‍ය ගණනාවක වාර්තා පල වෙයි.

ආණ්ඩුවේ ඉහල තනතුරු ලබා දෙනු ඇති බව සදහන් වන්නේ දූෂණ චෝදනා නැති පිරිසකටයි.

වසර තුනක කාලයේ කටයුතු කල ලෙසින්ම ඉදිරි අවුරුදු දෙක ගමන් කල නොහැකි බව ජනාධිපතිවරයාගේ අදහස බවද වාර්තාවන්හි දැක්වෙයි.

නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ශ්‍රීලනිප, ඒකාබද්ධ, එජාප මන්ත්‍රිවරුන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වී ඇති බවද සදහන්ය.

මෙම සාකච්චා සිදුව ඇත්තේ ආණ්ඩුවේ ඉහලම පිරිසකගේ අනුදැනුම මත මධ්‍යම පළාතේ එක්තරා ස්ථානයකදී බවත් වාර්තවන්හි දැක්වෙයි.

13,743 Viewers

10 Comments to “රනිල් ඉවත් කර අලූත් ආණ්ඩුවකට ජනපති සූදානම්..”

  1. sayumi says:

    දැන් පරක්කු වැඩ්යි. චන්දේ කටේ තියෙද්දි මේ කරන්න හදන්නේ පොහොට්ටුවෙ චන්ද ටික කොල්ල කන්න උප්පරවැට්ටියක් වෙන්න පුලුවන් බොහෝවිට. අවංක උවමනාවක් තිබුනා නම් මෙලහට රනිලා පන්නල ඉන්න ඕන. දැන් චන්දෙ ඔන්න මෙන්න තියලා කියයි දැන් අපි එකතුයි ඒ නිසා පොහොට්ටුවට නැතුව අපිටම දෙන්න කියලා.අපි පොහොට්ටුවට විතරක් චන්දෙ දෙමු. සිරාගෙ පච වලට නොරැවටෙමු.

    • kamalasirikuruwita says:

      මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    • Asaranaya says:

      කොල්ලකන්න තරන් චන්ද පොහොට්ටුවට තියෙන්න එපැය..අනේ පව්

      • Asaranaya Ratawenuwen says:

        කවුද මේ අජුව අසරනයා, හූඇන්පී බත් ගොට්ටෙක් වගෙයි
        නාටක මාරයි 10 වෙනිදට හමාරයි, රානි අලයා විනාශයි

      • sayumi says:

        Me hora Asaranaya අනුන්ගෙ නම් හොරකං කරන කුලී ලියන්නෙක්.

  2. බබා උක්කුන් says:

    බම්බුව තමයි. 10දායින් පස්සෙත් අගමැති මගේ බුදු සර්ම තමයි. එදාට නාටක මාරයි චන්දෙ හමාරයි.
    කොටාගේ සුට් එක අපතේ.
    11වෙනි දින උදෑසන විශේෂ ප්‍රවෘති ප්‍රකාශය.= මේ දැන් ලැබුණු තොරතුරු අනුව රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගන්න ලද අර්ජුන ඇලෝසියස් සහ කසුන් පළිහෙන යන මහත්වරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව කිසිදු අංශයකින් විරෝධතාවයක් එල්ල නොවූ බැවින් විශේෂිත ඇප මත නිදහස් කරන ලදී.

    • Pina says:

      අනේ නිකම් බබා උක්කුන් දාන්නේ නැතිව ඉන්නවා හලෝ, මුලු රටම විකුනුවත් අපේ සර් ල දෙන්න අපි බලා ගන්නම්. නැත්නම් අප්පච්චි දිනුවොත් පිනට කන, මාත් සුන් බබාගේ අම්මත් සුන්..

  3. Sam Fernando says:

    No gimmicks can fool voters now.
    POHOTTUWA is the only choice.

  4. සාධාරණ මිනිසා says:

    10 වෙනිදා ප්‍රකාශ වන ජනමතය අනුව නම් ඉවත්වන්නට සිදුවන්නේ අගමැති ට නෙවෙයි

  5. Saradiel says:

    අපේ රටේ කොන්ඩ බැදපු චීන්නු නැහැ

Main News