රනිල් එරෙහි විශ්වාස භංගයට අත්සන් නොතබන්නැයි ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරුන්ට හා ජාතික ලයිස්තුවෙන් පත් කල අයට දන්වයි..

March 21, 2018 at 10:40 am | lanka C news
රනිල් එරෙහි විශ්වාස භංගයට අත්සන් නොතබන්නැයි ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරුන්ට හා ජාතික ලයිස්තුවෙන් පත් කල අයට දන්වයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරිමට නියමිත විශ්වාස භංග යෝජනාවට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ කැබිනට් ඇමතිවරුන්ට අත්සන් තැබීමෙන් වලකින ලෙස උපදෙස් ලැබී ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රිලනිප කැබිනට් ඇමතිවරුන්ට මෙන්ම ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද ඇමතිවරුන්ද මෙම විශ්ාය භංගයට අත්සන් තැබීමෙන් වලකින්නැයි දන්වා ඇති බව ආන්ඩුව නියෝජනය කරන ශ‍්‍රිලනිප රාජ්‍ය ඇමතිවරයෙක් කියා සිටියේය.

කැබිනට් නොවන හා ජාතික ලයිස්තුවෙන් පත් නොකරන ලද අය සදහා මෙම ඉල්ලීම අදාල නොවන බවද දන්වා ඇති බව ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් අදාල විශ්වාස භංගය විවාදයට ගෙන අවසානයේ පැවැත්වෙන ඡුන්ද විමසීමේදී ඡුන්දය ලබා දීමට කිසිදු බාදාවක් නැති බවද ඔහු කීවේය.

30,166 Viewers

16 Comments to “රනිල් එරෙහි විශ්වාස භංගයට අත්සන් නොතබන්නැයි ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරුන්ට හා ජාතික ලයිස්තුවෙන් පත් කල අයට දන්වයි..”

  1. ඒකාබද්ධ විපක්ෂය තවත් ඉල්ලන් කෑමක් කන්නට සැරසේ

    නමුත් වෙන මොනවා කරන්නද? අනිවාර්යයෙන්ම විෂ්වාසභංගයක් ඉදිරිපත් කල යුතුමය. පරදිනවාය.ඒ කියන කාරණා 14 රටට එලිනොකර පැරදුනොත් පරදින්නෙ ඒකාබද්ධ විපක්ෂයය. දැන්මම එද කරුණු 14 එලියට දැම්මොත්, සහ වැඩි ප්‍රචාරයක් එයට දුන්නොත් වියදම් කොට හෝ පරදින්නෙ ශ‍්‍රිලනිප කැබිනට් ඇමතිවරුන්, ජාතික ලයිස්තුවෙන් පත් වුන පිංගොන්නු පමණක් නොව සියලු මන්ත්‍රීවරුන්ය. ඡන්දය දෙන වෙලාවෙ ඡන්දය දෙන්නම් කියන දෙන්නම් කාසි වලට රැවටෙන්න නම් එපෝ.

    • silva says:

      mu nam sure ekatama kola pata ekek thanakola kanawa madiwata umbaaa th kiyanawa

      • leel says:

        අනාගතයෙ සියලු මැතිවර්න ජයග්‍රහනය කිරීමට ඇති එකම තුරුම්පුව මෙයට අත්සන් කිරීම පමනයි…එහෙම නොකරන සියලු ජනතා පුත්‍රයන්ගෙ රෙදි ගැලවීමට මේ වනවිටත් චන්ද දායකයා පෙලගැසී හමාරයි….රට පාවාදෙමින් පවතින, රටේ ආර්තික විනාස කරන මේ ජහපාලනය උදෙසා පසුගිය මැතිවරනයේදි ලැබුන ප්‍රතිපලය ලබන මැතිවරනයේ දී වන වෙනස ජනතාව තිරනය කරනු ඇත්තේ මෙ විස්වාස බන්ගයට අත්සන් කරන අයගේ ප්‍රමානයෙන් නොව නාමයන්ගෙන් බව සියලු දෙනා මතක තබා ගන්න….කෙටියෙන් කියනවානම් මෙය අත්සන් නොකරන මොනම පක්සයක කෙනෙක් වේ නම් ඔහු හො ඇයගෙ දේසපාලන අනාගතය අදින් අවසන් වනු ඇත්ත.

  2. Asaranaya says:

    ආප්පයාගේ ආප්ප නියාය වැඩකරනවා වගෙයි

  3. KADUWELA SILWA says:

    මම නම් නිතරම කියන්නෙ, පොහොට්ටුව මේ වෙලාවේ කලයුත්තේ බලය පෙන්විම මිස බලය ගැනිම සදහා කෙටි පාරවල් සෙවිම නොවේ.
    රනිල් අගමැතිකමෙන් ඉවත් කලොත් යු.ඇනි.පියේ නායකතවය සජිත්ට හෝ නවින්ට හෝ වෙනත් කෙනෙකුට හෝ මාරුවිය හැකියි. එවිට පසුගාමිව සිටින යු.ඇන්.පි පාක්ශිකයා නැවත එයට එකතුවිම සිදුවෙනවා. විශ්වාස බංගයෙන් කරන්නෙ හුලං බැහැපු යු.ඇන්.පි. යට හුලං ගැසිමයි.
    ගෙඩිය ඉදෙනකල් ඉන්නෙ නැතිව කෙක්කෙන් කඩන්න යැම වගෙ දෙයක් තමයි ඔය විෂ්වාස භංගය්ත්

  4. BARCARDI says:

    India, USA, NGO , Diaspora may be behind. This ensures RW’s leadership in UNP.

  5. මාතලේ බණ්ඩා says:

    ඔනැම පොඩි එකෙකුට උනත් තේරෙනවා රනිලුයි මහින්දයි යාළුයි කියල.ඒක නොතේරෙන්නෙ දිනේෂ් ගුණවර්ධනයයි,ඩලස්ටයි,වාසුටයි,රෝහිත අබෙිගුණවර්ධනටයි,රන්ජිත් සොයිසා වැනි කීපදෙනෙකුට පමණයි.

  6. මාතලේ බණ්ඩා says:

    ඔනැම පොඩි එකෙකුට උනත් තේරෙනවා රනිලුයි මහින්දයි යාළුයි කියල.ඒක නොතේරෙන්නෙ දිනේෂ් ගුණවර්ධනයයි,ඩලස්ටයි,වාසුටයි,රෝහිත අබෙිගුණවර්ධනටයි,රන්ජිත් සොයිසා වැනි කීපදෙනෙකුට පමණයි.මෙික මෙිකපේ එන විශ්වාසභංගයක් නෙවි.

  7. NAK says:

    Ranil must be ousted now at any cost. The longer he stays the heavier the damage he causes.
    Any repercussions will have to be faced after that accordingly.

    Once Ranil is gone the UNP will be like a headless chicken and there will be inner fighting for the leadership and that might even split the party and who ever wins will have to start from square one and that may take decades.

  8. SUNIMAL says:

    අත්සන් කරපු නැති අය ගමට ගන්න එපා

  9. Saradiel says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  10. Saman says:

    රනිල් කියන්නේ හොඳ කපටි වලව්කාරයෙක්. වලව්කාරයෝ හැමෝම වගේ හොඳ කපටින්. මේ හාදයා කොහම හරි 2020 වෙනකම් අගමැති පුටුව තියාගෙන රට ආරාජිත කරනවා. අනෙක මහා බැංකුවෙන් හොරකම් කරපු සල්ලිත් තියෙන නිසා හොඳට වියදම් කරනවා. ඕකට අත්සන් කරනවයි කියන එවුනුත් කරන්නේ බොරුවට ගණන් උස්සලා රනිල්ගෙන් කෝටි ගානක් කඩාගන්න එක විතරයි. 2020 පස්සේ රනිල්ට හිටියත් එකයි නැතත් එකයි. ඔය සෙට් එකම 2020 අතුගැවිලා යනවා. 2020 චන්දෙට මාසයක් තියෙද්දී රනිල් ඉල්ලා අස්වෙනවා. මහින්දටත් ඕනේ රනිල්ව තියාගන්නයි. එතකොට 2020 මහින්දට 5/6ක බලයක් ලබාගන්න පුළුවන්. සජිත් මගේ පියා අරක කරා මගේ පියා මේක කරා කිව්වට චන්ද නැහැ. පින් පියා කොටි එක්ක එකතු වෙලා කරපු දේවල් රටම දන්නවා.

  11. john the baptice says:

    මෙවෆේ දේවල් ක‍රන්නේ ආප්ප කාලා පැනගිය අය පමනි

  12. kadiya says:

    ඔය ලිස්ට් එකේ උඩින්ම ලියන්න ඕනෑ (1) Australian company එකෙන් පගාව ඉල්ලපු එක, (2) මෝදර වරාය ඉඩම් වංචා සහගතව පැවරීම, (3)රාජ්‍ය වතු අක්කර 15,000 ක් Lakehouse Investment වෙත (2005 ට පෙර) පැවරීම, (4) නිල්වලා ව්‍යාපෘතිය, (5) ලංකාවේ සුළු හාල්මෝල් හිමියන් විනාශකිරීම, (6) තමන්කඩුව වැලි ජාවාරම්…………. ඕනමනම් තව මතක්කර දෙන්න පුළුවන්. ඉල්ලුමට සැපයුම.

  13. Lahiru says:

    Meakath Ranil&mahida idirykapu ranganak moada vaasui moada vimaluth katurata ahwealaa!

Main News