රනිල් එලවන විශ්වාසභංගයට අපි පක්‍ෂයි.. ශ‍්‍රිලනිප අගමැතිවරයෙක් යටතේ අලූත් ආණ්ඩුවක්..- ශ‍්‍රීලනිප ඇමති පිරිසක් ජනපතිට දන්වයි..

March 10, 2018 at 3:50 pm | lanka C news
රනිල් එලවන විශ්වාසභංගයට අපි පක්‍ෂයි.. ශ‍්‍රිලනිප අගමැතිවරයෙක් යටතේ අලූත් ආණ්ඩුවක්..- ශ‍්‍රීලනිප ඇමති පිරිසක් ජනපතිට දන්වයි..

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එනු ලබන විශ්වාස භංගය යෝජනාවට ස්ථිර වශයෙන්ම පක්‍ෂව කටයුතු කරන බව ශ‍්‍රීලනිප ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීමට කටයුතු කලහොත් ශ්‍රීලනිප අගමැතිවරයෙක් යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙසද ජනාදීපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එසේ නොවෙතොත් පවතින තත්වය හමුවේ තව දුරටත් ආණ්ඩුවේ සිටීමට හැකියාවක් නැති බවත් එනිසා ශ‍්‍රීලනිප පිරිසක් ඉදිරියේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බවත් මෙම පිරිස දන්වා තිබේ.

18,537 Viewers

8 Comments to “රනිල් එලවන විශ්වාසභංගයට අපි පක්‍ෂයි.. ශ‍්‍රිලනිප අගමැතිවරයෙක් යටතේ අලූත් ආණ්ඩුවක්..- ශ‍්‍රීලනිප ඇමති පිරිසක් ජනපතිට දන්වයි..”

  1. sinha le says:

    මෙම කලුසුද්දන්ට රූකඩ නායකයෙකු අවශ්යවූයේ ඇයි?

    රනිල් සහ චන්ද්‍රිකා එම කලු සුද්දන්ගේ වත්මන් නායකයන්ය. ශ්‍රීලනිපයේ මෙන්ම එජාපයේ නායකත්වයට කලු සුද්දන් දෙදෙනෙකු ගෙන ඒමට බටහිරට හැකිවිය.

  2. Saradiel says:

    මෛත්‍රි පුටුවෙ හිටියට මහින්ද ජනතා හදවතේ

    • jayamal says:

      ඒක නම් හරියටම හරි. ඒත් හැමදාම හදවතේ තියාගෙන මේ රට නැත්තටම නැති වෙන කම් අපිට බලා ඉන්න බැහැ. දැන් මොකක් හරි රට බේරා ගන්න ක්‍රමයක් ගැන හිතන්නම වෙනවා. මැතිවරණ එනකම් බල බලා ඉඳලා අපිට චන්දෙ දෙන්න රටක් ඉතිරි වෙන්නෙ නැහැ.

  3. LankaPutra says:

    HAMADAMA UMBLA PACHA KIYALA MINISUN NOMAGAHARINAWA!!

  4. kamalasirikuruwita says:

    අප්පා ! ඔය කතා අහල අහල එපා වෙලා තියෙන්නේ හරියට බල ගිරි දෝසෙ වගේ. එකෙකුටවත් තමන්ට වඩා රට ගැන හිතල තින්දුවක් ගන්න හිතේ හයියක් නැහැ. පොර ටෝක් නම් කෝටියයි. හැබැයි රනිල් ඉස්සරහදි ලොක්කගේ ඉඳල ඔක්කොමගේ කට දිව ගොලුවෙනවා. රනිලුත් එක දන්නවා. ඒ නිසා ඔය කතා කෙරෙනකන් හිස් කතා විතරයි බ්‍රෝ !

  5. Nandasoma says:

    මුන්ගෙ බොරු කයිවාරු…. සිරිසේන හරි රනිල් හරි පුප්පන කොට නගුට කකුල් දෙක අස්සෙ ගහගෙන දුවන්නෙ…..

    ඇයි? ඇමතිකම් නැති වුනොත්, ලැබෙන වරප්‍රසාද නැති වෙනවනෙ…..

    රටට, ජනතාවට හෙන ගැහුවත් උන්ට මොකද??

  6. Dhanapala Nanayakkara says:

    පාර්ලිමේන්තුවෙ සීට් 86ක් තියාගෙන මුන් නටන නාඩගම… පැරදිලත් තියෙන බල තන්හාව… අජූතයි…!!

  7. D .Nimal says:

    We do not want another SLFP Primer. for Republic . What we want is change whole political sincerely fresh mandate from voters. 2015 January 9th mandate has betray ours aspiration by UNP-SLFP and back by TNA and JVP leadership .
    The verdict of 2018 February 11 is very clear it seems to me that old verdict is no longer valid at all.
    We seek new and fresh start of era that people can move forward soon ?

Main News