රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපතියෙක්.. තුන් දෙනෙක් එකතුවෙලා රට විකුණනවා.. මේ ආණ්ඩුව අම්බලන්ගොඩ රූකඩයක් වගේ…

December 16, 2016 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපතියෙක්.. තුන් දෙනෙක් එකතුවෙලා රට විකුණනවා.. මේ ආණ්ඩුව අම්බලන්ගොඩ රූකඩයක් වගේ…

සම්මත කර ගැනීමට සැරසෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවිධ සංවිධාන විවිධ පාර්ශ්වයන් නොයෙකුත් කතා කියනවා. මේ හේතුවෙන් ජනතාවට චකිතයක් ඇති වෙලා තිබෙනවා. රටේ ජාතියේ, ආගමේ ආරක්ෂාව ගැන. මිනිස්සුන් ඉන්නේ ආතතියකින්. ලබන මාසෙ 9 වැනි දින හෝ එයට ආසන්න දිනයක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි කියලා ආරංචියක් තිබෙනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසිය යුතු ආකාරය ගැන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විවිධ පාර්ශ්වයන්ගෙන් කරුණු විමසා තිබුණා. එලෙස කරුණු විමසීම් කරල තිබුණේ බෙදුම්වාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයගෙන්. ඒ අය ඉදිරිපත් කරලා තිබුණු යෝජනා අපි දැක්කා.

ඒකීය රටක් වෙනුවට නොබෙදුණු එක්සත් රටක් බුදු සසුනට ප්‍රමුඛ ස්ථානයක් ලබාදිය යුතුය යන්න ඉවත් කිරීම, ජාතික ගීය දෙමළ බසින්ද ගායනා කිරීම ආදී භයානක සහ ජාතිවාදී ස්වරූපයෙන් යුක්ත වූ යෝජනා ඒ තුළ තිබුණා. රටට ජාතියට, ආගමට ආදරය කරන සියලු දෙනා එකාවන්ව එක්වී එවැනි යෝජනා මත පදනම් වී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් නොකරන ලෙස ඉල්ලා සිටිය යුතුයි. ඒ සඳහා බලකළ යුතුයි.

ආණ්ඩුව කරන්නේ ජනතාවගේ අවධානය ව්‍යවස්ථාව දෙසට යොමු වෙද්දී රටේ සම්පත් විකුණා දැමීමයි. ඩොලර් මිලියන දහසකට හම්බන්තොට වරාය චීන සමාගමකට දෙන්න හදනවා. මත්තල ගුවන්තොටුපොළත් චීනෙට විකුණන්න යනවා. පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්න හදනවා. එතැනිනුත් නොනැවතී හම්බන්තොටින් අක්කර පහළොස් දහසක් චීන සමාගමකට දෙන්න හදනවා. මෙවැනි තත්ත්වයක් අපි ඉතිහාසයේ දැකල නැහැ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් රටට වැඩක් නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. මිනිස්සු ඉල්ලුවෙත් නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ රටේ සාමකාමී වාතාවරණය. නිදහස සහ ආර්ථික සමෘද්ධියයි. මිනිස්සු අද බඩ වියත රැකගන්න ලොකු සටනක නිරත වෙලයි ඉන්නේ.

ව්‍යවස්ථාව සම්බන්ධව ජනමත විචාරණයක් තියන්න හදනවා. ඇත්තම කතාව මිනිස්සු මේ ගැන හරියට දැනුවත් නැහැ. මේක අවශ්‍ය වෙලා තිබෙන්නේ බෙදුම්වාදීන්ට සහ ඔවුන්ට ආධාර අනුබල දෙන පාර්ශ්වවලට විතරයි. අලුත් ව්‍යවස්ථාවලින් රට තවත් නරක තැනකට තල්ලු වුණොත් ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

මේ ආණ්ඩුව ගැන පැහැදිලි පින්තූරයක් අපට නැහැ. රට කරන්නේ කවුද කියලා හරියටම දන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව අම්බලන්ගොඩ රූකඩයක් වගෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පමණක් නෙවෙයි කිසිම දෙයක් ගැන ආණ්ඩුවේ පූර්ණ එකඟතාවක් නැහැ. හම්බන්තොට වරාය චීනයට විකුණන්න හදනවට වරාය අධිකාරියත් සභාපතිත් විෂයභාර ඇමැතිවරයාත් විරුද්ධයි.

නමුත් තුන්දෙනෙක් එකතු වෙලා ඒක විකුණන්න තීරණය කරලා. මේක යහපාලනයද? රනිල් වික්‍රමසිංහ කියන්නේ පැහැදිලිවම ඒකාධිපතියෙක්. ඔහු මහින්ද රාජපක්ෂටත් වඩා එහා ගිය ඒකාධිපතියෙක්.

– මව්බිම

13,579 Viewers

8 Comments to “රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපතියෙක්.. තුන් දෙනෙක් එකතුවෙලා රට විකුණනවා.. මේ ආණ්ඩුව අම්බලන්ගොඩ රූකඩයක් වගේ…”

  1. kamasiri Kuruwita says:

    ආයෙමත් රනිල්ගේ ආණ්ඩුවක් ගෙනෙන්න ට්‍රයි කරන කොන්ත්‍රාත්තුව භාර අරගෙන වගේ. මෙයාගේ අලුත්ගම වැඩෙත් මහින්ද පරදන්න ටිකක් හෝ හේතුවුනානේ. ආගම බේරගන්න ඉස්සෙල්ල රට බේරගන්න නේද අවශ්‍ය.

  2. lion says:

    මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ අනුර කුමාර වැනි අය මාධ්‍ය මගින් විශාල රැල්ලක් ඇතිකරමින් ඉන්නවා මහින්ද යුගය සදහට ම ඉවර කළ යුතු බවට. එහෙත් ඔවුන් කවුරුවත් කියන්නේ නැහැ මහින්ද යුගය ඉවර කරලා බිහි කරන්නේ මොනවගේ යුගයක් ද කියල. බිහි කරන්න යන්නේ මේ රටේ අතීතයට අයිති විය යුතු ෆෙඩරල්වාදී රනිල් – චන්ද්‍රිකා යුගයක්. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මහින්ද රට භාරගත්තේ 2005 දී. එහෙත් චන්ද්‍රිකා සහ රනිල් මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වය දරුවෙ 1994 ඉදන්. රනිල් දැන් අවුරුදු 20 ක් එක්සත් ජාතික පක්ෂය වලපල්ලට යවනවා. එහෙත් ඔහු ඒකාධිපති විදිහට කිසිවෙකුට ඉදිරියට ඒමට නොදී පක්ෂය පාලනය කරනවා. මහින්දගෙන් පස්සේ රට භාරගන්න ඕනේ මේ වගේ පරණ පිළුණු නායකයෙක් ද ?අපි කතා කරන්න ඕනේ ඒක ගැනයි. මහින්දගෙන් පස්සේ බිහිවෙන්න ඕනේ මහින්දටත් වඩා හොඳට රට කරවන නායකයෙක්. රට යන්න ඕන ඉස්සරහට මිසක් අවුරුදු 20 ක් ආපස්සට නෙමෙයි නේද ? ඇත්තටම මිනිස්සු හිතන්නේ එහෙමයි. මිනිස්සු රනිල් ගැන දන්නව. ඒ නිසයි එච්චර දේශපාලන අවබෝධයක් නොතිබ්බ අපේ තරුණ සහෝදරවරු සමහරක් මෛත්‍රිපාල මහතා ට සහය දුන්නේ. එකට අපි දොස් කියන්නේ නැහැ. මොක ද හැමෝම වෙනස් වෙන්න කැමතියි. එහෙත් රට ආයෙත් යන්නේ රනිල් චන්ද්‍රිකා ගේ කෝලම් යුගයට බව ඇස් පනා පිට පෙනෙද්දීත් ඇහැකන පියන් මහින්දගේ වැරදි ම මතුර මතුර ඉන්නවනම් ඒක කුහකකම. මහින්දගේ වැරදි තිබුණ . එහෙත් ඉදිරියේදී ඔහු එන්නේ පාඩමක් ඉගෙනගත් නායකයෙක් හැටියට.

  3. raavna says:

    සිංහලයේ නායකත්වයට පොරබදන්නන් ගැන බොහෝ පරිස්සන් විය යුතුය, හෙලුඋරුමේ සේ කරුමයක් විය හැක.

  4. love nature says:

    අපේ හෙළ රට වීරයන්ගේ දේශයකි . අපේ හෙළ විරුවෝ සටන් කරේ ජාතියක් සමග නෙව , මුළු මහත් ලෝකයත් සමගය, අබ ඇටයක් තරම් පුංචි දේශයේ මුළු මහත් හිරු නොබසින අධිරාජ්‍ය සෙලවන්න තරම් ශක්තිමත් උනු වීරයෝ අපේ රටේ හිටියේ, එහෙව් දේශයක අපිට හෙළ පරපුරක් විදිහට නැගිටින්න බැරි නොහැකි වී තිබෙන්නේ බල තන්න්හාවෙන් සහ තමුන්ගේ නමට පණක් දේශප්‍රේමියෙක් වේම සඳහා පමණි , තමුන්ගේ පොස්ට් එක පමණක් කර ගැනීමට සඳහා පමණි හෙලයනි නැගී සිටින්නට කාලය ඇත. බොදු බල සේනා , සිංහල රාවය එකට එකතු වී වැඩකිරීමට කාලය පැමිණ ඇත, අපි මෙඉන් මිදුනේ නැති හොත්, අපට වන්නේ අපේ සිරි ලංකාවේ සුළු ජාතිය වීමට පමනි.

  5. Well said Buddhist Maha Sangha please come forward with the majority Sinhala Janathawa and save our motherland from this DIRTY ELAM yamapalanaya….the country needs you NOW like in our HISTORY books……PLEASE SAVE OUR MOTHERLAND!!!

  6. OLU says:

    වත්මන් රෙජීමයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් රටට වැඩක් නැහැ ඔවුන්ට ජන්දය දී පත් කලේ නව ව්‍යවස්ථා සංශෝදන කිරීමට හෝ අපේ රටේ ජාතික සම්පත් විකුණා දැමීමට නොවේ …යහපාලන යේ කරන මේ ජාතික අපරාධ අපි තරයේ හෙලා දකිමු ..ඒවාට අපේ සම්පුර්ණ විරුධත්වය පල කරමු
    කියුම පෙනුම හෙට බුදු වෙන බෝසත්තු
    කෙරුම හරිය හරියට අර දෙව් දත්තු
    මෙහෙම දෙපිට වෙස් මුහුණක් බැඳ ගත්තු
    අයම තමයි අද ලක් මවගේ පුත්තු..
    දුගඳක් නොඉවසන මුත් පිටතින් පත්තු
    නරිරොක් ගැහෙන තැන්වල රිංගා ගත්තු
    කෙසඟක් පමණ මොල කබලක් නැති සත්තු
    අද ලක් මවගෙ ජාතික පෙම්බර පුත්තු
    පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
    යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
    ලොව උරමය පටත් හිමි දැය ඉල්ලා
    බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා ..
    රනිල් දේශද්‍රෝහී බලතන්හාවෙන් ඔලුව විකල් වූ කළු සුද්දෙක් …මෙවැනි වසලයන්ගෙන් අපේ රටට සෙතක් වේද ?
    බොදුබල සේනාවට ජයවේවා !අපේ සිංහල ජාති හිතේෂී සියලුම සිංහල බෞද්ධ සංවිධාන වලට ජයවේවා !ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා !සිංහලයෙනි සමගිවී අපේ රට යමපාලකයින්ගෙන් බේරාගනිව් …සියලු දෙනාම අපේ රට ජාතිය ආගම රැකීමට පෙරට වරෙව් .අපේ රට අනතුරේ ..බලාසිටීමට කාලයක් නැත

  7. ගිරවා says:

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගෞරවනීය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට අපේ නමස්කාරය …ප්‍රණාමය
    අපේ හාමුදුරුවනේ, දැන් සාකච්චා මගින් රටේ ප්‍රශ්න විසදීමට කාලයක් නැහැ මේ ඒකාධිපති රෙජිමයක් ..මුළු රටේම සිංහල ජනතාව එක්වී මේ යහපාලනය ඉවත් වීමට බල කල යුතුයි පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු ජනතාව පාරට බැස උද්ගෝෂණය කල යුතුයි යහපාලන කරපිටින් අරාබි වසන්තය දකින්න
    අන්තවාදී හම්බයෝත්…යහපාලන කරපිටින් ඊළම ලබා ගැනීමට ජාතිවාදී බෙදුම්වාදී දෙමල TNA ත්‍රස්තවාදී දේශපාලුවෝ උත්සාහ දරණවා ඒ අතර යහපාලන දේශපාලුවෝ රටේ සම්පත් විකුණා මුදල් රැස්කරගැනීමට වලි කනවා සිංහලයාටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත් මේ රටේ හිමි තැන අහිමි කරවීම සදහා රනිල් -සිරිසේන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි මේ පනතට අපේ සම්පුර්ණ විරුධතාවය පල කරමු . .. රටේත් ජාතියෙත් ඉරණම තීන්දුකීරීම දැන් බාරව ඇත්තේ රටට ජාතියට විණ කරන පර සතුරන් රැළකටය.රටම ගිනි ගොඩක ..සිංහලයා බලා සිටියා ඇති දැන් නැගිට්ව් සිහලුනේ නැගිටිව්

  8. S kumara says:

    This “Bala senawa ” was instrumental in destabilising the country before. They will do it again.
    Definitely they are a paid agents of western secret services

Main News