රනිල් කියන බටහිරයා ළඟ මෛත්‍රි අද නිවටයකු වෙලා..

March 20, 2017 at 6:48 pm | lanka C news
රනිල් කියන බටහිරයා ළඟ මෛත්‍රි අද නිවටයකු වෙලා..

මහින්ද රාජපක්ෂ යනු ජාතික නායකයෙක්. එතුමා කිසිම පක්ෂයකට අයිති නැහැ. මේ රටේ බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු යනාදී සියලුම ආගම් අදහන මිනිසුන්ගේ ජාතික නායකයා එතුමායි. එතුමා තරම් සියලු ආගමිකයන්ගේ පිළිගැනීමට එක සේ ලක්වූ වෙනත් කිසිදු නායකයකු මේ දිවයිනේ නැහැ.

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් සහ ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියන් මේ අදහස් ප්‍රකාශ කෙළේ පසුගියදා බෙලිඅත්ත සමුපකාර උත්සව ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදීය. නව ව්‍යවස්ථාව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, එක්ටා ගිවිසුම හා රටේ අනාගතය යන මාතෘකාව යටතේ ජාතික හිමිකම් සංවිධානය හා යුරෝපීය ශ්‍රී ලාංකික සංසදය එක්ව මේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

වසර 30ක් තිස්සේ අපේ රටේ තිබූ බිහිසුණු ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවසන් කළා. ඉන් පසු රටේ කිසිම තැනක බෝම්බ පිපිරුණේ නැහැ. ත්‍රස්තවාදී ක්‍රියාවකින් කිසිම පුද්ගලයකු මිය ගියේ නැහැ. මේ පිළිබඳව එතුමාට අපි සැවොම ගෞරව කළ යුතුයි.

කොටි ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන් බටහිර රටවල් එකතු වී එතුමාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා 2011 සිටම කුමන්ත්‍රණයක් පටන් ගත්තා. මේ සඳහා චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රි, රාජිත, රතන හිමි ඇතුළු ප්‍රබල පිරිසක් යොදා ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද මහතා ගෙදර යැව්වා. රනිල් වික්‍රමසිංහ කියන්නේ තනිකරම බටහිරයෙක්. ඔහුගේ කතාවත්, ඇඳුමත්, පාටත් ඊට ගැළපෙනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා අද නිවටයෙක් වෙලා. රනිල්ට වුවමනා විදියට කටයුතු කරනවා. ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. එය සම්මත වුණොත් රට ඉවරයි. බලය බෙදා හැරියොත් රටේ ඒකීයභාවය විනාශ වෙනවා.

අද බටහිර ජාතීන් ඔවුන්ට අවශ්‍ය නොවන රටවල් යටත් කර ගැනීම කෙළින්ම කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ඒ රටවල් යටත් කර ගැනීම සදහා තමන්ට මෙහෙය විය හැකි කණ්ඩායමක් ඒ රට තුළම හදා ගන්නවා. ලිබියාවට කළේ ඒකයි. ගඩාෆි කියන පුද්ගලයා ලිබියාවේ දැවැන්ත සංවර්ධනයක් කළ නායකයා. එය බටහිර ජාතීන්ට අභියෝගයක් වුණා. ඒ හේතුවෙන් කුමන්ත්‍රණය කරලා ගඩාෆිව මරා දැම්මා. ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය හා ඉන්දියාවේ රෝ සංවිධානය එකතු වී මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැව්වා. මෙම අපරාධය කරපු අපරාධකරුවන්ට මේ ආත්මයේදී දඬුවම් නොලැබුණත් අපායේදී නම් දඬුවම් ලැබෙන බව ඒකාන්තයි.

– මව්බිම

14,565 Viewers

9 Comments to “රනිල් කියන බටහිරයා ළඟ මෛත්‍රි අද නිවටයකු වෙලා..”

  1. somapala says:

    ඔය වගෙ පව් කරපු එවුන් තමයි තම දරුවන් අංගවිකල වෙලා ඉන්නෙ

  2. love nature says:

    මේ කතාව අපේ කලුසුද්දන්ට

    ඇබොරිජින්වරුන් සුදු ජාතිකයන් සැලකුවේ දූපත්වලින් (නැව්) පාවී ආ මළගිය ඥාතීන් ලෙසය. ඇබොරිජින්වරු සුදු ජාතිකයන් සාදරයෙන් පිළිගත්තෝය. ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට උදව් කළෝය. ඇඳුම් පැළඳුම් වෙනුවට ආහාර පාන හුවමාරු කර ගත්තෝය. කෙල්ලන් දී බල්ලන් ලබාගත්තෝය. මත්පැන්ද ලබා ගත්තෝය.

    ඇබොරිජින්වරුන්ගේ සංස්කෘතිය සහ සුද්දාගේ සංස්කෘතිය එකිනෙකට නොගැළපෙන බව වැටහී ගියේ ඉන් පසුවය. හරියට එළ හරකා සහ මී හරකා වැනිය. එසේ වුවත් සුදු ජාතිකයන් අතර අධික කාන්තා හිඟයත් පැවතුණේය. එබැවින් කළු කාන්තාවන් සුදු ජාතිකයන්ගේ ලිංගික අවශ්‍යතාවන් සඳහා යොදා ගත්තෝය. එම නිසා කළු ජාතිය බෝ කිරීමට සිටි කළු කාන්තාවන්ගේ ගර්භාෂය තුළින් සුදු ජාතිකයන් බිහි විය. ඒ අයුරින් කළු ජාතිය වඳ වීම ඇරඹුණි. සුදු ජාතිකයන් සමග පැමිණි අනිත් සතුරන් වූ ඉන්ෆ්ලුවන්සා, වසූරිය, පැ‍පොල, සරම්ප, ක්ෂය රෝගය, උපදංශය සහ ගොනෝරියා වැනි රෝගකාරක විෂබිජ නිසාද ඇබොරිජින්වරු සෑහෙන කොටසක් මියගියෝය. සුදු මහත්වරුන් රැගෙන ආ මත්පැන් පානයට, දුම් පානයට, ඇබ්බැහි වීම නිසා තවත් කොටසක් විනාශ විය. ඉතිරිය සුදු ජාතිකයන්ගේ නිවෙස්වල, ගෙවත්තේ සහ ගොවිපළවල්වල වැඩ කිරීම සඳහා වහලුන් ලෙස යොදාගත්තෝය. එම වහලුන් තැනින් තැනට ගෙන ගියේ හරක් බානක් බඳින්නා සේ ගෙල වටා යකඩ මාංචු දමා ගෙනය. මේ අයුරින් ඒරොප්පෙන් පැමිණි සුදු ජාතිකයන්ගේ වහලුන් බවට ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් වූ ඇබොරිජින්වරු පත්විය. වහල්කමට අකමැති වූවෝ වෙඩි තබා මරා දැමුවෝය.

  3. love nature says:

    ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ හමු වූ යුරේනියම් යොදා ගනිමින් ඇමෙරිකානුවන් සමග න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම් කරන විට ඒ බව එම ප්‍රදේශවල ජීවත් වූ ඇබොරිජින්වරුන්ට දැන්වූවේවත් නැත. යුරේනියම් ආකර කැණීම් සහ පරමාණු බෝම්බ අත්හදා බැලීම් නිසා විනාශ වූ ඇබොරිජින්වරුන්ගේ සංඛ්‍යාව සහ අංගවිකල වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳව තොරතුරු බාහිර ලෝකයට අනාවරණය වුණේ නැත. ඇයි
    ජිනීවා මේවා ගැන හොයන්නේ නැත්තේ?

  4. LION says:

    ජාතික වීරවරයකු ලෙස ලංකා ඉතිහාසයේ වීර පුරන් අප්පු රන් අකුරෙන් ලියවී ඇත.

    වික්ටෝරියා රැජිනට විරුද්ධව කැරලි ගැසීම පුරන් අප්පුට තිබූ චෝදනා විය. අධිරාජ්‍යවාදීන්ගේ නඩු විභාගයෙන් පසු පුරන් අප්පු වැරදිකරු වී මරණ දණ්ඩනය නියම කරන ලදී. එම තීන්දුව අනුව ටොරින්ටන් ආණ්ඩුකාරවරයා විසින් 1848 අගෝස්තු 08 වැනිදා වෙඩිතබා මරා දැමීමට නියෝග කළේය.මරණ දණ්ඩනය නියම කිරීමට කාලය පැමිණියේය. ඔහුගේ ඇස් වසා දෑත් විලංගු දමා වෙඩි තැබීමට ඉංග්‍රීසි හේවායෝ සූදානම් විය. සිංහලයන් මරණයට බිය නැහැ. මාගේ දෑස් නිරාවරණය කොට විලංගු ඉවත් කරන ලෙස පුරන් අප්පු ඔවුන්ට පැවසීය. ඔහුගේ ඉල්ලීමට ඉඩ ලැබිණි.ඉංගී‍්‍රසි හේවායන් හා නියොග දීමේ නිලධාරියා ඉදිරිපිට දී ඔහු මෙසේ ද පැවසීය. ‘මෙම සටනට නායකත්වය දෙන්න මා වැනි තවත් හය දෙනෙකු සිටියා නම් නුවර අඩවියේ එක සුද්දෙකුවත් ජීවත් වෙන්නේ නැහැ’ යැයි නිර්භීතව පැවසීය

  5. Saradiel says:

    මෛත්‍රිපාලට තව දුරටත් රට අවුල් කිරීමට ඉඩ දිය නො හැකි ය.

  6. බකලදාස says:

    මයිත්‍රීගෙ චෙස් සෙල්ලං ඔයැයිලට තේරෙයිද එයැයිටවත් නොතේරෙනකොට!

  7. ExUNPer says:

    Ranil has not changed very much. He does stupid things openly. He does not play ‘Dawal. Migel, Rae Daniel’. He openly works on his western agenda ( which we absolutely reject).
    At least we admire his open game.
    But, Sirisena is a coward. He has no guts. He cheats his people and the motherland. He talks nice things, but do all dirty things behind. Poor Sirisena has been hijacked and forced to be a slave of the bosses who did the regime change.
    The country is now in the hell.

  8. The Maha Sangha please SAVE our motherland from this sakkili brapathi gramasevaka/ranil/cbk eelam yamapalanaya…….

Main News