රනිල් දිගටම ඉන්නවනම් අපි කැමතියි.. පාර්ලිමේතුව පුරා මොණර කොල..- විශ්වාස භංගය උණුසුම් කරමින් දැඩි බාධා මැද විමල්ගේ කතාව මෙන්න..

April 4, 2018 at 2:10 pm | lanka C news
රනිල් දිගටම ඉන්නවනම් අපි කැමතියි.. පාර්ලිමේතුව පුරා මොණර කොල..- විශ්වාස භංගය උණුසුම් කරමින් දැඩි බාධා මැද විමල්ගේ කතාව මෙන්න..
ජනතාවගේ විශ්වාසය භංග වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ අද විශ්වාසභංග යෝජනාවෙන් ජය ගන්නේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය වෙනුවට මූල්‍ය ශක්තිය අවදිව ඇති නිසා බවත් ‘මුදල් කතා කරන විට සත්‍යය  නිහඬ වන්නේ ය’ යන කියමන අද රාත්‍රියේ පාර්ලිමේන්තුවන්තුවවේදී සත්‍ය වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත්ටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළ මොනර කොළ කතා කරන්න පටන් අරන් තියනවා. ඇතැමුන්ගේ හෘද සාක්ෂිය වෙනුවට මූල්‍ය සාක්ෂිය කතා කිරීමට පටන් අරන්. මට මේ අවස්ථාවේ සිහියට එන්නේ ‘මුදල් කතා කරන විට සත්‍යය ද වන්නේ ය’ යන ප්‍රකට රුසියානු කියමනයි. මහනුවර සිදු වූ සිංහල – මුස්ලිම් ගැටුම සමනය කිරීමට කටයුතු නොකිරීම ගැන අගමැතිවරයාට, ආණ්ඩුවට ඇඟිල්ල දික් කරපු රවුෆ් හකීම් ඇමතිවරයා අද මේ මොනවද කියන්නේ ? ඒ සිදුවීමට එදා ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරපු මුස්ලිම් ඇමතිවරු අද අගමැතිවරයාට විශ්වාසය පළ කරනවා. අපි කියනවා, ‘මේ මොනර කොළවලට යට වෙලා අද පාර්ලිමේන්තුවේ කතා කරන තමුන්නාන්සේලාගේ රෙදි මුස්ලිම් ජනතාව ඉදිරියේ ගැලවිලා ඉවරයි’ කියලා. ලක්ෂ අටසීයකට, දාහකට විකිණෙන උදවිය නිසා රනිල් වික්‍රමසිංහට තමන්ගේ දේශපාලන ප්‍රාණය රැක ගැනීමට පුළුවන් වේවි. නමුත් මෙම විශ්වාසභංගයෙන් පසුව රටටත් ජනතාවටත් ලැබෙන ජයග්‍රහණ රැසක් තිබෙනවා. බටහිර – ඉන්දියාවේ උවමනාව අනුව කටයුතු කරන මේ ජාතික ආණ්ඩුවේ ප්‍රාණය අද රාත්‍රියේ අවසන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමෙන් එය සිදු වෙනවා. එ වගේම මින් ඉදිරියට මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රෙජිමයට පාර්ලිමේන්තුවේ 2/3 බලය අහිමි වෙනවා රණවිරු දඩයම් පනත්, ජනතාවට බදු පනත් 2/3න්  සම්මත කර ගත් කාලය අදින් ඉවරයි.
 සති දෙකේ අලුත් රනිල් කෙනෙක්
අපි සති දෙකක කාලයකට එක්සත් ජාතික පක්ෂයට වෙනස් රනිල් කෙනෙකු හදා දුන්නා. පක්ෂ ප්‍රතිසංස්කරණය ගැන කතා කරන, මන්ත්‍රීවරුන්ට ඇහුම්කන් දෙන රනිල් කෙනෙක් අපි හදා දුන්නා. නමුත් ඒ සියල්ල අද රාත්‍රියෙන් අවසන්. ඔබ මේ විශ්වාසභංගය පරදවා ප්‍රාණය දෙන රනිල් වික්‍රමසිංහ අර පරණ රනිල් වික්‍රමසිංහමයි.  තමුන්නාන්සේලා අද ප්‍රාණය දීලා, කරේ තියන් රනිල් වික්‍රමසිංහ සමග කොතැනද යන්න හදන්නේ? ගමේ එක්සත් ජාතික පාක්ෂිකයාට ලැජ්ජා හිතෙන අන්දමේ හොරකම් කරපු මේ රනිල් වික්‍රමසිංහ සමග එක්සත් ජාතික පක්ෂයට යන්න වෙන්නේ දේශපාලන කනත්තට පමණයි. දැනටත් එයා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 29%ට බස්සලා ඉවරයි.
බොරු දූෂණ විරෝධය පෙන්වන රන්ජන් රාමනායකලා, දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර ලෙසින් රනිල් වික්‍රමසිංහ හඳුන්වපු චම්පික රණවකලා අද මහ බැංකු හොරකමේ මහ මොළකරු රනිල් සුරකින්න සූදානම්. මොනර කොළවලට විකිණෙන, තම හෘදය සාක්ෂිය වෙනුවට මූල්‍ය සාක්ෂිය වෙනුවෙන් පෙනී සිටින ඔළුගෙඩිවලට ඉදිරි මැතිවරණයේදී හොඳ පාඩමක් ඉගැන්වීමට මේ රටේ ජනතාව පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කරන බව අපට විශ්වාසයි. ‘මේ විශ්වාසභංගය අපි දිනුවත් දිනුම් – පැරදුනත් දිනුම්’ කියලා කිව්වෙ නිකං නොවෙයි. මේ පරගැති ආණ්ඩුවේ ගමන රනිල් වික්‍රමසිංහ දිනුවත් පැරදුණත් එලෙසින්ම යා නොහැකි නිසයි. හෙට සිට ජාතික ආණ්ඩුව අහෝසියි. තුනෙන් දෙක අහෝසියි.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

51,043 Viewers

8 Comments to “රනිල් දිගටම ඉන්නවනම් අපි කැමතියි.. පාර්ලිමේතුව පුරා මොණර කොල..- විශ්වාස භංගය උණුසුම් කරමින් දැඩි බාධා මැද විමල්ගේ කතාව මෙන්න..”

  1. jagath says:

    ko mahinda ?????? ko mahinda ????????????

  2. hari says:

    IERA PAYANNE KOIPATHENDA DAN ADAPAN GANENIGE BIKINYA

  3. DAYASIRI says:

    යහපාලනය ගෙනත් සුපිරි ප්රජාතන්ත්රවාදය උදාකරන බවට පොරොන්දු දුන් මේ යහපාලනයේ පැත්තෙ පාර්ලිමේන්තුවට වැඩිහරියක් පත්කරල තියෙන්නේ, අන්ත අශික්කිත අශීලාචාර, කිසිදු හැදියාවක් නැති මුග්ධයන් පිරිසක් ද? රට හදන තැන කියල මාධ්යයෙන් හඳුන්වන, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන, විශේෂයෙන් පාලක පක්ෂයේ නියෝජිතයන් මෙසේ විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරු අදහස් ප්රකාශ කරන විට ඒවාට බාධා කරමින්, මෙසේ උන්මන්තකයන් හෝ නොදියුනු වනචාරීන් ලෙස තප්පු ලමින්, රට හදන තැන හෙවත් උත්තරීතර පාර්ලිමේන්තුව මේ ආකාරයෙන් රට වනසන තැනක් බව මුලු රටටම ඔප්පුකර පෙන්වා ඔවුන් ද වනචාරීන් බව සනාථ කිරීමට දැයි ඔවුනගේ නායකයන්ගෙන් විමසිය යුතුය.

  4. SALMAL says:

    Well said Hon. Wimal .. ..Thank you Sir
    The tree of liberty must be refreshed from time to time with the blood of patriots .

  5. OLU says:

    The duty of a Patriot Leader is to protect his Country from it’s bad Government (Jadapalanaya)
    Thank you Hon. Weeravansha ..We appreciate your speech.

  6. M de silva says:

    This is a message for all patriotic people of this country to decide at the next election NOT to trust any Muslims or tamils to vote in for parliament since they are only thinking of themselves how to make more money when in Parliament. And also remember these Muslims and tamils would never be able to come to power without our SINHALESE VOTES. Hence keep in mind NOT to vote for any of these people at the next election under any symbol be elephant, hand, chair or pohottuwa.
    Thanks.

  7. sanjaya says:

    Well said. Wimal ! You are my hero for ever !!!

Main News