රනිල් නෙරපන්න එජාපයේ යෝජනාවක් සම්මතයි.. ඉවත් නොවුනොත් සියළු ආසන සංවිධායකයන් අස්වෙති..

February 23, 2018 at 10:34 pm | lanka C news
රනිල් නෙරපන්න එජාපයේ යෝජනාවක් සම්මතයි.. ඉවත් නොවුනොත් සියළු ආසන සංවිධායකයන් අස්වෙති..

එක්සත් ජාතික පක්ෂයේ තරුණ සහ රැඩිකල් මන්ත්‍රීවරුන් විසින් පසුගිය දිනකදී සිරිකොත පැවති රැස්වීමකදි බහුතරයේ කැමැත්ත මත සම්මත කරගනු ලැබුවේ මසක් ඇතුලත පක්ෂයේ නායකත්වය ඇතුළු ඉහළ තනතුරු රැසක් ස්ථිර වශයෙන් වෙනස් විය යුතු අතර එසේ සිදු නොවුනහොත් සිය ආසන සංවිධායක ධුර වලින් සියළු දෙනා ඉල්ලා අස් වන බවටයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාගේ යටතට පත්කළ යුතුයැයි ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් කල යෝජනාවේදී රනිල් වික්‍රමසිංහ මහතා අහක බලාගත් අතර පිළිතුරු දීමෙන්ද වැලකී සිටියා.

පසුදා නැවතත් රැස්වූ කමිටුව ඉදිරිපිටට සජිත් ප්‍රේමදාස මහතා කැඳවාගෙන ආ රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා හට කමිටුව ඉදිරිපිට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙනලදී. එහිදී සජිත් ප්‍රේමදාස මහතා තමා පක්ෂයේ භාරකත්වය නොගන්නා බවත් ඊට සුදුසු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ජනාධිපතිවරයා ලඟට සජිත් ප්‍රේමදාස මහතා සහ කරූ ජයසූරිය මහතාද විටින් විට කැඳවාගෙන එමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියේ ඔවුන් අගමැතිකම භාර නොගන්නා බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මාධ්‍ය ඇමතීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතාට පවරන ලදී.

පක්ෂයතුල රැඩිකල් කණ්ඩායමටද අමාත්‍ය දුර සහ විවිධ විෂය පථයන් ලබාදීමට අග්‍රාමාත්‍ය වරයා මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස, හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, නවීන් දිසානායක, බුද්ධික පතිරණ, සුජීව සේරසිංහ, වසන්ත සේනානායක ,රන්ජන් රාමනායක ඇතුළු පිරිසකට වැඩි වාසි සැලසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමටද අග්‍රාමාත්‍ය වරයා පොරොන්දු වී තිබෙනවා. එම වරප්‍රසාදයෙන් අග්‍රාමාත්‍ය වරයා පෙරලා බලාපොරොත්තුවන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට විරුද්ධව නැඟී සිටීමෙන් වලකින බවට පොරොන්දුවයි.

රනිල් විරමසිංහ මහතා පක්ෂ නායකත්වය තමාගේ ලග තබාගනිමින් සෙසු තනතුරු වෙනස්කිරීමට හා එයට විරුද්ද නොවීමට ඒ ජා ප රැඩිකල කණ්ඩායම මේ වනවිට හරවාගෙන අවසන්.

ගෙවුණු සතියේදී ද රැඩිකල් කණ්ඩායම විසින් මසක කාලයක් තුල පක්ෂ නායකත්වය වෙනස් නොවුන හොත් තමන් ඉල්ලා අස් වන බව සඳහන් කරමින් කභීර් හෂීම් මහලේකම් වරයාට යැවීමට නියමිතව තිබු ලිපිය තවමත් මහලේකම් වරයාගේ අතට පත්වී නොමැති බවද අප වාර්තාකරු සඳහන් කරනවා.

කෙසේවෙතත් සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව ආ බලවේග නැවත වතාවක් පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වී ඇති බව දේශපාලන විචාරකයින් ප්‍රකාශ කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත රැස්වීමේදී තීරණය කල රැඩිකල් වෙනසක් බලාපොරොත්තු වූ තරුණ නායකයින්ගේ ඉල්ලා අස් වීමේ ලිපිය සෙසු පුද්ගලයින් මතක් කිරීම පවා අදවනවිට ඔවුන් අප්‍රිය කොට සලකනවා.

– andaharaya

34,032 Viewers

14 Comments to “රනිල් නෙරපන්න එජාපයේ යෝජනාවක් සම්මතයි.. ඉවත් නොවුනොත් සියළු ආසන සංවිධායකයන් අස්වෙති..”

  1. sena says:

    I would like Ranil to continue being the leader of the UNP, and also the prime minister.

    • Umen says:

      Hey, me too, love to see him dig his grave deeper, will pave the way for a strong Gota/MR government, Sri Lanka need a strong stable government. Got to thanks Ranil for it

    • Balagalle says:

      කවුරු නොදැන ගත්තත් රනිල් කියන්නේ ගල් ආදෙක්. රනිල්ට අවශ්‍ය රනිල්ටම රජ වීමට නොවේ. අනෙක් දේශපාලකයන් තමන් ගැන, තමන්ගේ පවුල ගැන හිතද්දී රනිල් හිතන්නේ බටහිර යටත්විජිත පාලනයට ලංකාව හසු කරන්නේ කෙසේද? යටත් විජිත වහල් දාස භාවයේ කවදුරටත් සිංහලයන්ව කොටුකරන්නේ කොහොමද කියා පමණයි. එයට හොදම ගෝලය සජිත් ප්‍රෙමදාස බව රනිල් දන්නවා. විජේවර්ධනාලාගේ, ජයවර්ධනාලාගේ, බණ්ඩාරනායකලාගේ, සේනානායකලාගේ ආරක්ෂාව තියෙන්නේ ලංකාව තවදුරටත් යටත් විජිත කොළණි ගොඩේ/ පොදු රාජ්‍ය මණ්ඩල ගොඩේ ලැග සිටිනවා දකින්නයි.
      සජිත් ප්‍රේමදාස, හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, නවීන් දිසානායක, බුද්ධික පතිරණ, සුජීව සේරසිංහ, වසන්ත සේනානායක ,රන්ජන් රාමනායකලා මේ වැඩේ ටක්කෙයම කරනවා.
      ඒ නිසා රනිල් මැරැණත් රනිල්ගේ ආර්ථික, සංස්කෘතික ප්‍රතිපත්ති කරේ තබා ගෙන යන පිරිසක් ඉන්නා නිසා රනිල්ට නිසි ප්‍රශ්නයක් නැත.

    • Hora says:

      “රනිල් විරමසිංහ මහතා පක්ෂ නායකත්වය තමාගේ ලග තබාගනිමින් සෙසු තනතුරු වෙනස්කිරීමට හා එයට විරුද්ද නොවීමට ඒ ජා ප රැඩිකල කණ්ඩායම මේ වනවිට හරවාගෙන අවසන්.”
      මේ වගේ ගල් ආඳෙක් තවත් නැත. මෙයා හැරුනුකොට හුඇන්පිය ට වෙනත් නායකයෙකුද නැත. ඔහොම යං ඊළඟ චන්දෙදි ඔය ඔක්කොම හැදිගැවිලා ම ගියදෙන්…

  2. Hoo N P Kaaraya says:

    Mewa okkoma janathawa rawattana GON PART. UNP eke inna ewun kawadada illa aswune. Hariyata mas katta lewakana ewun wage.

  3. බබා උක්කුන් says:

    ගණන් ගන්න එපා. කෑ ගහන එවුන්ට කෝටි පනහයි කාර් එකයි.
    නැත්නම් අර සෝභිතට කළා වගේ බ්ලැක් මේල්.

  4. don katugampala says:

    ranil nayakathvaye inna one, ethkota thamayi denata u.n.p ekata lebuna 36 lakshe 25 dakava bahinne, u.n.p ekata jayaveva,

  5. බන්ඩා says:

    අැත්තටම මට නම් එජාපය රනිල් අල්ලගෙනද රනිල් එජාපය අල්ලගෙනද කියන ඒක උභතෝකෝටිකයක්.

  6. ljk=-op says:

    ඇමෙරිකාවේ , එංගලන්තයේ සම්ප්‍රදාය අනුව දීගින් දිගටම පාරෙදෙන කොට නායකත්වයේ ඉන්නවද , ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා දිනන බැරි මේවගේ නයකොයෝ ඉන්නේ ගෑනුන්ට හොරපාරෙන් පලාත්පාලන ආයතනවලට රිංගවන්නද ?

  7. Desmond Fernando says:

    The New Leader they’ve proposed is Madam VIAGRA

  8. NAK says:

    A leader is person elected to that position by popular demand.
    How can a person who bribes his party men to remain in the leadership be a leader? He is a bloody coward.

  9. සිංහල බන්ඩා says:

    රනිල් හැමට බැඳුන්කර ජරාව කවල හැම දෙයක්ම කොර ගන්න බව බලා ඉන්න අපට නම් පැහැදිලිය්. මේ වෙනකොට ජරාව කවල තමා වෙත පක්ෂයේ තිබුන විරෝධය යටපත් කොරල. විපක්ෂෙ බලයත් අල්ලන්න වලි කන හැඩය්. රටම ඉවර වෙය්ද?

  10. Open mind says:

    සිරසට චූන් ඇති නේද……..?

Main News