රනිල් පරද්දන්න සිතියමකුත් අරගෙන මෛත‍්‍රී ගාවට ගිය කෙනාට වූ දේ…

April 13, 2018 at 1:20 pm | lanka C news
රනිල් පරද්දන්න සිතියමකුත් අරගෙන මෛත‍්‍රී ගාවට ගිය කෙනාට වූ දේ…

තම පක්‍ෂයේ සිට රනිල් පරද්දන්න යයි කියමින් සිතියම් දෙකකුත් අරගෙන මෛත‍්‍රි ගාවට ගිය කෙනා රනිල් පන්නන විශ්වාස භංගයේදී අතුරුදහන් වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

එම පක්‍ෂය විසින් සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මේ බව කීය.

විශ්වාසභංගයෙන් දිනන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය ඉදිරියේ යළි යළිත් දණ ගැහුවා. ජාතිවාදී ඉල්ලීම් දහයකට එක්ඟ වෙලයි ඒ ඡන්ද 16 විශ්වාසභංගයට විරුද්ධව ලබා ගත්තේ. මාස තුනෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත හා අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත අනුව යමින් කොටි අතුරුදහන් වූවන් පිළිබඳ නඩු විභාග කඩිනමින් ඇරඹීම ඒ අතර වෙනවා. මේවා 2013 සිංගප්පූරුවේ දී අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ දී දෙමළ ගෝලීය සංසදයේ නායකයන්ට මංගල සමරවීර දුන් පොරොන්දු.

විශ්වාසභංගය බැලූ බැල්මට අපි ලැබූ පරාජයක්. නමුත් එය ජයග්‍රහණ රැසක ප්‍රසුතියක්. අප එහිදී ලැබූ විශාල ජයග්‍රහණය තමයි මේ ආණ්ඩුවට මෙතෙක් පැවති තුනෙන් දෙකේ බලය අහෝසි කිරීමට හැකිවීම. එදා විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසමේ දී විශ්වාසභංගයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනකු ඡන්දය පාවිච්චි කිරීමත් සමඟ තමයි, ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වුණේ. ඉදිරියේ දී මේ පිරිස් විපක්ෂයේ අසුන් ගනීවි. ඒ වගේම ඒ 16, තව කල් යන විට වැඩි වේවි, කියන සහතිකයත් අපට ලබා දීමට පුළුවන්. ‘රනිල් වික්‍රමසිංහ මහතා පැරදවිය යුතුය‘ කියන මතයේ සිටි රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර අවසානයේ දී විශ්වාසභංගයට ‘විරුද්ධයි’ කියා කීවා. මොනර කොළ නිසා නොවුණත් විජයදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමතිවරයාත් විශ්වාසභංගයට ඡන්දය විමසන අවස්ථාවේ දී ‘විරුද්ධයි’ කියා කීවා.

අර අපි ගාව ඉඳලා රනිල් පරද්දන්න, ‘මහින්ද – මෛත්‍රී එකතු කරන සිතියමකුත්’ අරගෙන මෛත්‍රී ගාවට ගියපු කෙනා විශ්වාසභංග දවසේ රනිල් පරද්දන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. එයා අතුරුදහන් වෙලා. විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අයට වගේම ‘එදාට පක්ෂව ඡන්දය දීමට සිටි, එහෙත් පාර්ලිමේන්තුවට නොපැමිණි අයටත්‘ මොනර කොළ කතා කරලා තිබුණා

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

35,283 Viewers

25 Comments to “රනිල් පරද්දන්න සිතියමකුත් අරගෙන මෛත‍්‍රී ගාවට ගිය කෙනාට වූ දේ…”

  1. dula says:

    වීර කුමාර ඒ සිතියමින් අඹුඩයක් ගහගෙන රනිල්ගේ වලන් සෝදනවා

    • සනත් ඉතාලිය says:

      පව් දුලා එහෙමම කුජිත කරන්න එපා

  2. polonnaruve wije says:

    2020 දි මොණර කොළ වගේම දකුණේ සිංහල බෞද්ධ චන්ද කැඩීමත් නියමෙට වැඩකරයි. ඒ සදහා ජාතික නිදහස් පෙරමුණේ වීරකුමරලත් සෙට් වෙලා ඉන්නෙ..මුන් හදන්නෙ මූණත් එක්ක තරහට නහයට වැඩේ දෙන්න.

  3. ඇත්ත says:

    2020 එන හංසයා ට නැවත රැවටෙමුද?

    • සයිමන් අයියා says:

      ආයි හංසයා මාර්කට් කරන්න බැ මල්ලි… කොල අලි, රතු අලි සහ සුදු අලි

    • Asaranaya says:

      වීරකුමාර සිරිකොතේ කසල ශෝදක තනතුරකට පත්කර ඇත, අනේ කොහොමට හිටිය කලුකුමාරයාද විමලේ මහත්තයෝ

  4. Asaranaya says:

    Wirakumara cleaning the toilets at Siri kotha these days and wiping the Raani alayaa’s ass

  5. john the baptice says:

    විස්වාස බංගය ගෙන්න තිබුනේ රනිල්ට කඩේ යන සිරිසේනට

  6. Dasa Nayaka says:

    wijedasa witharak salli nogena wirudda unada

    • Upul says:

      I think so. Although he chose the wrong side for unknown reasons, he is a man with principles.

    • Kapila says:

      Mr. WR has more than enough money, so, he needs not to accept Black Money obtained from
      Central Bank bond robbery.

  7. SS says:

    ඔය මොනර කොල ගැන කියන වසල ගති ඇති දේශපාලුවා මහින්දට තම ආත්මය හා වාමාන්ශික දේශපාලනයේ පවිත්‍ර බව වික්කෙත් මොනර කොල වලට තමා. අද රජ ටෝක් දෙන්නෙත් තමන්ගේ වත්කම් ඔප්පු කරගන්න බැරි සුජාතයෙක්. අපොයි මගේ දර්මද්විපය මුන් වගේ සිගාල පොතකයන්ට නතු වුනානෙ.

    • NAK says:

      Mennoooo……… Sirikothen avilllooooo

    • SUNIL says:

      මේ කුහක ජෙප්පා කියන්නෙ අමූලික බොරු.
      පාහරයා,වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තගේ!

    • කැපුවත් රතු says:

      එතකොට උඹ ඔය කියන “වාමාන්ශික දේශපාලනයේ පවිත්‍ර බව” තියෙන්නෙ අයර්ලන්තයේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිකම සහ
      මාලිගාවක් වැනි නිවසක් හිමි බව කියන රතු අලි පැටියා නායකතවය දරන පක්ෂ සාමාජිකයන්ගේද?

    • සිරිබිරිස් says:

      JVP එක බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් කොල වලට බටහිරටයි UNP එකටයි විකිණිලා තිබුන නිසා නේද විමල්ලට ඒකෙන් යන්න වුනේ

      • Abaran Sieya says:

        This is a good one! බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් කොල = US Dollar notes.

      • Ratata Adhare says:

        ඔබ හරි!
        30 වසරක් මෙරටේ පැවති ම්ලේඡ්ච කොටි ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම උපුටා දැමීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
        නායකත්වයෙන් පැවති රජයේ සහ ගෝඪාභය මැතිතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකවූ, ප්‍රතම වරට මෙරටේ රජයක් විසින් ගනු
        ලැබූ ස්ථීරසාර ත්‍රස්ත විරෝධී හමුදා මෙහෙයුම කඩාකප්පල් කිරීමට වැඩ වර්ජන සංවිධානය කරමින්ද, එම රජය පෙරලා දැමීමේ අරමුනින් 2006 වසරේ අය-වැය යෝජනා පැරදවීමට අනුර කුමාර ප්‍රමුඛ ජවිප ප්‍රතිගාමී කල්ලියේ අරමුනු පරදවමින් ආරක්ෂක හමුදා ක්‍රියාන්විතයන්ට සහයෝගය දැක්වීමට තමයි විමල් ඇතුලු ජවිපෙ දේශප්‍රේමී කල්ලිය කටයුතු කලේ.

    • Lucky says:

      අනේද කියන්නෙ!

  8. Gotaimbara says:

    Thank you Mr Weerawansa for exposing these people. I feel sorry for Weerakumara. He should have continued with you.

    SS – If Yahapalanaya had any adverse information on Weerawansa, by now he is in Jail. So it is high time you wake up.

    • Snow white says:

      I totally agree with you. Jeppos depend purely on distortion of facts about patriots for their survival.

  9. ක්‍රිස්ටෝපර් says:

    දේශද්‍රෝහී යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කලොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයයි විමල් කියපු කථාවට විරුද්ධ වෙමින්
    එම ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් විමල් ජාතියෙන් සමාව ගත යුතුයි කියමින් මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූ තට්ටයාත් සිරිසේන පිලට
    ගියේ මොණර කොල වලට ගිජුවෙලා නේද?

  10. පොන්තනෝනා says:

    මිනිහා සිතියම් දෙකක්ම අතින් අරගෙන යමින් ශ්‍රීලනිපයට බැඳුනෙ
    සමහරවිට සිරිසේන උන්නැහේට භූගෝල විද්‍යා පාඩමක් උගන්නන්ඩ
    වෙන්ඩ බැරිද?

    • සකලබුජං says:

      වෙන්ඩ පුලුවන්! මිනිහා හිතන්ඩ ඇති සිරිසේන උන්නැහෙ අටවෙනි පන්තියෙන් එහාට ඉස්කෝලෙ නොගිය නිසා උසස් පෙල භූගෝල විද්‍යා පාඩම මග ඇරෙන්ඩ ඇති කියල.

  11. Hitan@hutan.com says:

    ඇවිදින මල මිනියක් අනුරාධපුරයෙන් හමුවී ඇත​.

Main News