රනිල් බේරන්න රවි බිලි දෙයි…

February 2, 2018 at 4:40 pm | lanka C news
රනිල් බේරන්න රවි බිලි දෙයි…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

අපේ අගමැතිතුමා කමිටු හරහා ඇඟ බේරා ගන්න හරිම දක්ෂයි. ඉතිහාසය පුරා ඕනෑතරම් උදාහරණ ඒ සම්බන්ධයෙන් තියෙනවා. බැඳුම්කර වංචාව සිදු වුණු උණුසුමේ අගමැතිතුමා උත්සහ කලේ පිටිපන කමිටුව හරහා එජාපයේ සියළු දෙනාම බේරා ගැනීමටයි.

නමුත් ඊට පස්සේ බිහි වුණු විගණකාධිපති වාර්තා, කෝප් කමිටු වාර්තා සහ කොමිෂන් වාර්තා නිසා ඒ උත්සහය පරාජය වුණා. පිටිපන කමිටුව හරහා කළ කුමන්ත්‍රණය අසාර්ථක වුනා.  දැන් මාරපන කමිටුව හරහා උත්සාහ කරන්නේ රවි කරුණානායක මන්ත්‍රිතුමා බිලි දී අගමැති ඇතුළු අනෙකුත් පිරිස බේරීමටයි.

රවි කරුණානායක මන්ත්‍රිතුමා උප නායක ධූරයෙන් ඉවත් කරන්න කියා මාරපන කමිටුව නිර්දේශ කර ඇති බවට බොහෝ මාධ්‍ය වාර්තා කළත්  කබීර් හසීම් මහ ලේකම්තුමා පැවසුවේ වෙන දෙයක්.  එතුමාට අනුව කමිටුව නිර්දේශ කර ඇත්තේ රවි කරුණානායක නිර්දෝෂි වන තුරු එතුමාව පක්ෂයේ උප නායක තනතුරේ වගකීම් වලින් නිදහස් කරන බවයි.  ඒ කියන්නේ එතුමා තනතුරේ ඉන්නවා.  නමුත් තනතුරේ වගකීම් කිසිවක් ඉටු කරන්නේ නෑ කියන එකයි. එහෙම මිසක්  උපනායක කමින් ඉවත්කරන්න නිර්දේශයක් තියෙනවා කියලා කොයිවෙලේවත් කබීර් හසීම් මහ ලේකම්තුමා පැවසුවේ නෑ.

ඒ නිසා මාරපන කමිටු වාර්තාවත් මැතිවරණය හමුවේ ඇද වැටී තිබෙන එක්සත් ජාතික පක්ෂයට යම් හෝ උත්තේජයක් ලබාදීම සදහා කල  විජ්ජාවක් පමණයි කියලා ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

– අරවින්ද අතුකෝරල

13,897 Viewers

2 Comments to “රනිල් බේරන්න රවි බිලි දෙයි…”

  1. Asaranaya says:

    කරු-පයියා ඉන්නේ දැන් බලාගෙනයි හිරේ යන්න.
    අගමැටියා කෙට්ටු වෙලා කලිසම බිමටම වැටෙන්න.
    ඩාන්ස් කරා ඉවරයි බන් පපු කැවුත්ත පුපුරා යන්න,
    ජනපතියෝ ඊට කලින් එවනවා ඔබෙ කොටස ඔන්න.

  2. indunil says:

    anith aya okkoma suddada?

Main News