රනිල්, මලික්‌, වික්‍රම ‘මහපොළ’ටත් වැඩේ දීලා… බැදුම්කර මගඩියට සමවෙයි..

March 3, 2018 at 1:20 pm | lanka C news
රනිල්, මලික්‌, වික්‍රම ‘මහපොළ’ටත් වැඩේ දීලා… බැදුම්කර මගඩියට සමවෙයි..

බැඳුම්කර වංචාවට සමාන මූල්‍ය වංචාවක්‌ මහපොළ භාරකාර අරමුදලේත් සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ශිෂ්‍ය සුබසාධනය වෙනුවෙන් පිහිටුවා තිබෙන මහපොළ භාරකාර අරමුදලේ සිදුවී තිබෙන බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ උසස්‌ අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෙන් වුණු මුදල් මෙසේ වංචා කිරීම සම්බන්ධව වර්තමාන ආණ්‌ඩුව සෘජුව වගකිව යුතු බවත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ මූලස්‌ථානයේ 28 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මහපොළ භාරකාර අරමුදල ආරම්භයේ සිට මේ දක්‌වාම මහපොළ භාරකාර අරමුදලේ පනතින්ම අයත්ව තිබුණේ වෙළෙඳ අමාත්‍යාංශයටයි. පසුකාලීනව නම් කළ විදිහට අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතේයි. 2015 සැප්තැම්බර් 21 නිකුත් කරපු ගැසට්‌ නිවේදනයකින් මහපොළ භාරකාර අරමුදල මලික්‌ සමරවික්‍රම අමාත්‍යවරයා යටතේ තිබෙන සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කළා. මෙතරම් කාලයක්‌ පැවතුණු සම්ප්‍රදායක්‌ වෙනස්‌ කරන්න හේතුව ප්‍රශ්නයක්‌.

80 දශකයේත් 90 දශකය මුල් භාගයේත් මහපොළ සැණකෙළි පවත්වා ඒ සැණකෙළි හරහා අරමුදල් එකතු කළාට අමතරව මෙම අරමුදල සංවර්ධනය වන ප්‍රධාන විධි ක්‍රමය තමයි මේ අරමුදලේ තිබෙන මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම. එයින් ලැබෙන පොලියෙන් තමයි මේ අරමුදල සංවර්ධනය කරන්නේ. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපළට ඕනෑම කෙනෙකුට ගිහිල්ලා මුදල් ආයෝජනය කරන්න බැහැ. ඒ සඳහා ප්‍රාථමික වෙළෙඳුන් ලෙස ලියාපදිංචි විය යුතුයි. ලංකාවේ එවැනි සමාගම් 16 ක්‌ තිබෙනවා. ඒ නිසා රාජ්‍ය සුරැකුම්පත්වල මුදල් ආයෝජනය කිරීම සඳහා මහපොළ භාරකාර අරමුදලින් රාජ්‍ය සමාගමක්‌ ලියාපදිංචි කළා. ඒ National Wealth Corporation කියන සමාගමයි. එම සමාගමටම අනුබද්ධව තවත් රාජ්‍ය සමාගමක්‌ Nat Wealth Securities Ltd. නමින් ආරම්භ කළා. එම සමාගම විසින් තමයි රාජ්‍ය සුරැකුම්පත්වල මුදල් ආයෝජනය කරන්නේ භ්එ Nat Wealth Securities Ltd. සමාගමේ සභාපතිවරයා ආචාර්ය වීරසූරියයි.

දැනට මහපොළ භාරකාර අරමුදල් පනතේ සඳහන් ආකාරයට මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකයන් විය හැක්‌කේ වයස අවුරුදු 70 ට අඩු අයට විතරයි. වික්‍රම වීරසූරිය 1939 ඉපදුනු කෙනෙක්‌. ඔහුගේ වයස 70 ට වැඩියි. ඒ නීතිය කඩමින් මලික්‌ සමරවික්‍රම අමාත්‍යවරයා විසිනුයි මේ පත්කිරීම කරලා තියෙන්නෙ. පළවැනි කරුණ තමයි මොහු මහපොළ භාරකාර අරමුදලේ සිටීම නීති විරෝධීයි. එවැන්නකට මලික්‌ සමරවික්‍රම අමාත්‍යවරයා අවසර දුන්නේ ඇයි? දෙවැනි එක මහපොළ භාරකාර අරමුදලේ සභාපති වනවාට අමතරව මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා හදපු Nat Wealth Securities Ltd. සමාගමේ සභාපතිවරයාත් ඔහුමයි.

ඔහු එහි සභාපතිවරයා ලෙස ඉන්නා අතරම ඔහුට තියනවා ඔහුගේම සමාගමක්‌. ඒ සමාගම තමයි Wealth Trust Securities Ltd සමාගම. මේ සමාගම රාජ්‍ය සුරැකුම්පත් සඳහා ආයෝජනය කිරීම සඳහා ප්‍රාථමික වෙළෙඳුන් ලියාපදිංචි කළ සමාගම් 16 න් එකක්‌. මේ පෞද්ගලික සමාගමේ කොටස්‌ වැඩිම හිමිකාරිත්වය තියෙන්නේ මහාචාර්ය වික්‍රම වීරසූරියටයි. ඔහු යටතේ කොටස්‌ 6,025,601ක්‌ තිබෙනවා. Safe Holdings කියන සමාගමක්‌ යටතේ තිබෙනවා කොටස්‌ හැට අටලක්‌ෂ දහනමදාස්‌ දෙසීයක්‌. Safe Holdings සමාගමේ සභාපතිවරයාත් වික්‍රම වීරසූරියමයි. ඒ අනුව ඔහුගේ පුද්ගලික නමින් තිබෙනවා කොටස්‌ 60 ලක්‌ෂයක්‌ විතර, ඔහු සභාපතිත්වය දරන සමාගමකට තිබෙනවා කොටස්‌ ලක්‌ෂ 68 ක්‌ විතර. ඊට අමතරව මෙහි විශාල කොටස්‌ හිමියෙක්‌ට ඉන්නේ Shinco Group කියන සමාගම. එයට කොටස්‌ අසූ ලක්‌ෂයක්‌ තිබෙනවා.Wealth Trust Securities Ltd කියන සමාගම වික්‍රම වීරසූරිගේ හිමිකාරිත්වය යටතේ තිබෙන ඔහුගේ පෞද්ගලික සමාගමක්‌. ඒ විතරක්‌ නෙවේ, මේ සමාගම ඔහුගේ පවුලේ පෞද්ගලික සමාගමක්‌. ඒ සමාගමේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ සේනක වීරසූරිය සහ ප්‍රියන්ජිත් වීරසූරිය යන වික්‍රම වීරසූරියගේ පුතුන් දෙදෙනාත් ඉන්නවා. ඒ නිසා මේ සමාගම පියා, පුතුන් දෙදෙනා සහ තව කිහිපදෙනෙක්‌ අධ්‍යක්‌ෂ ධූර දරන පවුලේ පුද්ගලික සමාගමක්‌.

මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය සඳහා මහපොළ භාරකාර අරමුදල විසින් ලියාපදිංවි කළ Nat Wealth Securities Ltd රාජ්‍ය සමාගම තිබියදී ඒ රාජ්‍ය සමාගම පැත්තකින් තියලා. සුරැකුම්පත්වල Wealth Trust Securities Ltd කියන වික්‍රම වීරසූරියට අයත් පෞද්ගලික සමාගම හරහා මුදල් ආයෝජනයක්‌ කරලා තියෙනවා. මෙය සිදුවන්නේ 2015 අගෝස්‌තු මාසයෙන් පසුවයි. මේ වංචාව සිදුකරලා තියෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපනය සඳහා මුදල් වෙන්වෙන අරමුදලකින්. රුපියල් මිලියන දාහක මුදලක්‌ මහපොළ භාරකාර අරමුදලෙන් අරගෙන රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කරලා තිබෙනවා. එය ආයෝජනය කරලා තිබෙන්නේ Natwest Security Limited කියන රාජ්‍ය සමාගම හරහා නෙවෙයි. Wealth Trust Securities Ltd සමාගමයි. එහි අනුබද්ධ සමාගමක්‌ JK Asset Trust Management Ltd කියන පුද්ගලික සමාගම හරහා. ප්‍රශ්නේ තිබෙන්නේ Asset Trust Management Ltd කියන සමාගමේ සභාපතිවරයා විදිහට ඉන්නෙත් වික්‍රම වීරසූරියමයි. ඒ නිසා මෙයත් ඔවුන්ගේ පවුලේ සමාගමක්‌. මේ ආයෝජනයෙන් පසුව ලැබූ ලාභයන් පිළිබඳ තොරතුරු ගත්තාම 2015 සැප්තැම්බර් 01 දා සිට 2016 ඔක්‌තෝබර් 31 දක්‌වා ගෙවුණු කාලය තුළ. Wealth Trust Securities Ltd සමාගම මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම හරහා අති විශාල ලාභයක්‌, රුපියල් පනස්‌ දෙකෝටි විසි දෙලක්‌ෂ අසූඅටදහස්‌ පන්සිය අසූ අටක්‌ උපයා ගෙන තිබෙනවා. සරලව කිව්වොත් වික්‍රම වීරසූරියගේ පෞද්ගලික සමාගම රුපියල් මිලියන 522 ක ලාභයක්‌ උපයාගෙන තිබෙනවා.

දැන් වෛද්‍ය ශිෂ්‍යයන්ට මහපොළ දෙන්නේ නෑ. මේ වන විට ශිෂ්‍යයන්ට වාරික 10 ක්‌ ගෙවලා නැහැ. සාමාන්‍යයෙන් වෛද්‍ය ශිෂ්‍යයෙක්‌ සඳහා ඔවුන්ගේ පාඨමාලා කාලය අවුරුදු 5 ක්‌ නිසා එක අවුරුද්දකට මහපොළ වාරික 10 බැගින් මහපොළ වාරික 50 ක්‌ සඳහා මුදල් වෙන් වෙනවා. දැන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව කියනවා වෛද්‍ය ශිෂ්‍යයන්ට දෙන්නේ මහපොළ වාරික 40 යි, 50 ක්‌ දෙන්නේ නෑ පන්ති වර්ජනයේ යෙදුනු මාස 10 සඳහා වාරික 10 ක්‌ කපනවා කියලා. පන්ති වර්ජනය කළ මාස 10 කියලා දෙයක්‌ නෑ. දැන් ඒ මාස 10 නැවත අධ්‍යාපන කටයුතු සිදු වෙනවා. පාඨමාලාව අවුරුදු 5 ම තිබෙනවා. ඔවුන් අලුතින් මාස 10 ක්‌ වෛද්‍ය සිසුන් අධ්‍යාපනය ලබනවා. නමුත් එක ශිෂ්‍යයෙක්‌ට වාරික 10 සඳහා රුපියල් 50000 ක්‌ කපනවා. අවම වශයෙන් සිසුන් 3000 ට 3500 ට මහපොළ අහිමි වෙනවා. ඒ අනුව පන්ති වර්ජනය කළා කියලා හේතුවක්‌ දාලා මහපොළ අරමුදලෙන් ගෙවිය යුතු කෝටි 15 ක්‌ පමණ මහපොළ වාරික වෛද්‍ය ශිෂ්‍යයන්ට දෙන්නේ නෑ. ගිය අවුරුද්දේ සිද්ධ වුණු මුදල් වංචාව විසින් සිද්ධ වූ පාඩුව රුපියල් කෝටි 18 ක්‌. එහි කෝටි 18 ක්‌ පාඩු වෙනවා, මෙතන තීරණය කරනවා කෝටි 15 ක්‌ සිසුන්ට ලැබිය යුතු මහපොළ වාරික කපා දාන්න. දැන් ශිෂ්‍යයෝ පිටින් යවලා තිබෙනවා මේ වංචාවේ පාඩුව. මලික්‌ සමරවීරගේ සිට වික්‍රම වීරසූරියගේ සිට රනිල් වික්‍රමසිංහගේ පන්තියේ යාලුවාසිට සියලු දෙනා එකතු වෙලා කරපු හොරකමක්‌. මේ මහජන මුදල් අපහරණයෙහි බර දැන් පටවලා තිබෙනවා වෛද්‍ය ශිෂ්‍යයා උඩට. පාඩු වුණු කෝටි 18 කවර් කරන්න යන්නේ ශිෂ්‍යයන්ට දෙන මහපොළවලින් කෝටි 15 ක්‌ කපලා. අපි හිතනවා මේකට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග, උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සියල්ල ගත යුතුයි කියලා.

– Divaina

30,308 Viewers

7 Comments to “රනිල්, මලික්‌, වික්‍රම ‘මහපොළ’ටත් වැඩේ දීලා… බැදුම්කර මගඩියට සමවෙයි..”

  1. Karu says:

    This is stale news..already complained under top ten..nothing happened.

  2. රටෙ එකා says:

    කොලබ හතේ ව්යාපාරික ප්‍රජාව අතට රටෙ පාලනය ගියාම වෙන්නෙ ඕක තමයි. උන්ට රට පාලනය කිරීමත් ව්යාපාරයක් වෙනවා.

  3. ජෙහාන් Fernando says:

    මලික සමරවික්‍රම සම්බන්ධනම් ඉතින් ජෙප්පො මේ ගැන මීක් කියන්නෙ නෑ. මොකක්ද ඔට්ටුව?

  4. Saman says:

    Batalande. Wadakayage sattambiyo una. Lapakumarata. Wadaa gawgananak. Idiriyen
    Inna bawa oba kriyaawen. Oppukarala. Tiyenawa suba gaman. Sahoodarya

  5. Eelangata narakada ara wayasaka ammalaa thaaththlaaage pin padiyatath keliyaanam?

  6. මාතලේ බණ්ඩා says:

    ලලිත් ඇතුලත්මුදලි නමි ජනහිතකාමී, අවංක දේශපාලනඥයා නිර්මාණය කළ ” මහපොළ” ශිෂ්‍යත්ව අරමුදල් ගසාකන එවුන්ට සාපවෙිවා.

  7. Lalith says:

    Ai mun thawa mechara kalayak mahapolata salli hamba una ayathan wikunan kanawa .. SLIIT eka patan ganna mahapola idamak wagema mulya aadara dunneth mahapola. ee wenuwan sliit eka mahapola aramudalata mudal geuwa. Giya aurudda mun koti 400 gewanna kiyala SLLIT eka mahapollen iwath kala.. Ee kale kaage uwamnawatada. Dupath ahinsaka lamayi wenuwen arabapu mahapota mudal ena margath mun wahanawa. Oya koti ganna salli kage athatada giyaa.

Main News