රනිල්-මලික් සුපිරි ඇමති කරන පනතට පයින් ගහයි.. ඌව පළාත් සභාවේ පරාදයි.. ඌවේ හරීන්ගේ බල බිදේ..

December 23, 2016 at 8:02 am | lanka C news
රනිල්-මලික් සුපිරි ඇමති කරන පනතට පයින් ගහයි.. ඌව පළාත් සභාවේ පරාදයි.. ඌවේ හරීන්ගේ බල බිදේ..

සුපිරි ඇමතිවරුන් දෙදෙකෙු බිහිකිරීමට අදාල විධිවිධානද ඇතුළත් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ දිනයේ ඌව පළාත් සභාවේදී පරාජයට පත් කර තිබේ.

පනතට පක්‍ෂව එජාප මන්ත‍්‍රීවරුන් 09 දෙනෙකු ඡන්දය භාවිතා කර ඇති අතර සන්ධානය හා ජවිපෙ එක්ප විපක්ෂව ඡන්ද 13ක් ලබා දී පනත පරාජයට පත් කර ඇත.

කෙසේ වෙතත් මෙහිදී ඌව පළාත් සම ඇමති චාමර සම්පත් ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටීම විශේෂ සිදුවීමකි.

පළාත් සභාවේ හිටපු මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පනත සම්මත කර ගැනීම සදහා උපරිම වෙහෙසක් දරා තිබින. 2014 වසරේදී ඌව පළාත් සභා මැතිවණයේදී වැඩිම මනාප ගෙන ඔහු කියා සිටියේ පෙරලිය ඇරඹුනු බවයි.

25,800 Viewers

2 Comments to “රනිල්-මලික් සුපිරි ඇමති කරන පනතට පයින් ගහයි.. ඌව පළාත් සභාවේ පරාදයි.. ඌවේ හරීන්ගේ බල බිදේ..”

  1. සරත් says:

    පළාත් සභාවල පෙන්වන චන්ඩි කම් වලට උදවු දෙන්නේ බලාගෙන මහත්තයෝ. ඔව් ප්‍රය්ජන ගන්න උතුරේ ජාත්වාදී ටිකක් අපිට වඩා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා . ඒක නිසා පළාත්සභා වල ට අයිති දේවල් පමණක් කරන්නන කියන්න. පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය බලාගනී බලතල දෙන්න ඕනෙද නැතිද කියල. පළාත්සභා වලට ට කට පියාගෙන ඉන්න කියන්න.

    හුරේ දාන උන්ට කියන්නේ , මෙතැන් මුන්ට හුරේ දානව වගේම උතුරේ වෙනම ජාතික ගී හදන්න යනකොට නැට්ට ** ගහගෙන ඉන්න වෙනවා කියලත් හිතාගන්න

  2. Champa says:

    එල එල නියමයි. UNP මනාප චන්ද වලින් 2/3ක්ම හොර චන්ද. වෙන කතාවක් මොකොටද මුලින් ගණන් කලාම චන්ද ලක්ෂ එකහමාරක් තිබුණු රනිල්ගේ චන්ද, චන්ද ලක්ෂ 5 කට වැඩි වුනේ, results release කරන්නේ නැතුව freeze කරගෙන හිටපු පැය 6 දී.

    සංවර්ධන සභා පනත රනිල් ගෙනාවේ තමන්ටයි UNP කාරයින්ටයි කොමිස් ගහන්න කෙලින්ම පාර හදලා දෙන්න. එතකොට කවුරුවත් දන්නේ නැහැ. දැන් බැඳුම්කර මගඩිය අහු වෙලා හින්දා, කම්බ හොරා, හොරා කන්න අළුත් පාරක් කපා ගන්නයි හැදුවේ සංවර්ධන සභා පනත හරහා.

    ඊළඟට කරන්න හදපු භයානකම දේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල හීන් සීරුවේ තමන් අතට ගන්න හදපු සැලසුම. ෆෙඩරල් ව්‍යවස්ථාව හරහා රනිල් කරන්න හදන්නෙත් විධායක ජනාධිපතිගේ බලය හීන කරන එක සහ පාර්ලිමේන්තුව හරහා තමන්ගේ බලය වැඩි කරගන්න එක. හැබැයි මේ තියෙන යෝජනා වලට අනුව නම්, සම්පූර්ණ බලය මධ්‍යම රජය අතින් ගිලිහෙනවා.

    මේ පනත පළාත් සභා වලදී පරාජය කරන්න නිවැරදි තීරණයක් ගත්ත හැම පළාත් සභාවකටම අපේ ප්‍රණාමය.

Main News