රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

March 19, 2018 at 9:20 am | lanka C news
රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශ්වාසය පල කරයි.

ඒකබද්ද විපක්‍ෂයට උවමනා වූයේ අගමැතිවරයා හා ආණ්ඩුව ඉවත් කිරීමට වුවත් ඔහු එජාප නායකත්වයෙන්ද ඉවත් කිරීමට එම පක්‍ෂ මැති ඇමතිවරුන් බහුතරයකට උවමනා වී ඇතැයිද රාජපක්‍ෂ මහතා කීය.

විශ්වාස භංගයෙන් අගමැති ඉවත් කිරීමේ කටයුත්ත සදහා මේ වන විට ඒකාබද්දයේ කණ්ඩායමටත් වඩා පෙරමුණ ගෙන සිටින්නේ එජාපයේ පිරිස් යයිද පවසන හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ද විපක්‍ෂයට එහි වැඩි වගකීමක් දැරීමේ උවමනාවක් නැති බවද සදහන් කරයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය මේ සතියේදී කතානායකවරයාට බාර දෙන බවද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

42,226 Viewers

8 Comments to “රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?”

  1. Nim says:

    RANIL GANA
    ADITHAKSERUWA HODA WADAK NOWE
    30 PARADENA KOTATH
    NOYANA KENA
    DUMMALA GAHALA WATH
    ELAWANNA PULUWAN WEVE DA??

    • තුෂාර says:

      දන්න යකා රනිල් ඉවත් කිරීමේ වාසිය රාජපක්ෂ විරෝදීන්ටයි. යහපාලන ගිවිසුම (ජනපති SLFP /අගමැතිUNP) අනුව අලුත් UNP අගමැති පොහොට්ටුවේ පෙති ගලවා විනාශ කරනවා නොඅනුමානයි. (විරුද්දවාදීන් හිරේ දැමීමේ නියාය) අප කල යුත්තේ විශ්වාස භංගය රජයට විරුද්දව ගෙන ඒමයි. මේ සංයුතිය වෙනස් වන මහ මැතිවරණයකට ඉන් පසු අප යායුතුයි. මතක තියාගන්න අවසන් සටන 2020 ගෝටා ජනපති කිරීමයි.

  2. API Chuu np says:

    API CHUUUUUUUUU NP

  3. hari says:

    Neiam UPPADESEYAK WARAYEK

  4. jayamal says:

    රනිල් සමඟ ඉදිරි ගමනක් නැති බව දැන් කාටත් සක් සුදක් සේ පැහැදිලිය. ඊනියා ජාතික ආන්ඩුවටත් ඉදිරි ගමනක් නැත. මේ බව ඉක්මනට තේරුනොත් රට මේ ප්‍රපාතයෙන් ගොඩ එනු ස්තීරයි.

  5. Asaranaya says:

    2020 වනතුරු ඔක්කොම පඩ ශෝ

  6. UNPKaaraya says:

    Ira basnaahirin pawuwath Ranil agamathikamen iwath wanne natha. Sithannewath natha.

  7. daminda says:

    janathaawata abinn denawa…………..

Main News