රනිල් සමග එජාප ආණ්ඩුව පැත්තේ වාඩිවෙන්න ලැජ්ජයි.. පාර්ලිමේන්තු ආවත් ශ‍්‍රීලනිප ඇමතිවරුන් සභා ගැබට නොයති.. තැන තැන රස්තියාදුවේ..

February 21, 2018 at 11:20 am | lanka C news
රනිල් සමග එජාප ආණ්ඩුව පැත්තේ වාඩිවෙන්න ලැජ්ජයි.. පාර්ලිමේන්තු ආවත් ශ‍්‍රීලනිප ඇමතිවරුන් සභා ගැබට නොයති.. තැන තැන රස්තියාදුවේ..

මැතිවරණයේදී ලද දැඩි පරාජයත් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ එජාපය සමග අසුන් ගැනීමට දැඩි අකමැත්තතෙන් පසුවන බව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී හෙලිව ඇත.

ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් පාර්ලිමේන්තු ලොබියේදී ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් සමගින් සදහන් කර ඇත්තේ තව දුරටත් අගමැති රනිල් සමතගින් එජාප ආණ්ඩුව පැත්තේ අසුන් ගැනීමට ඇත්තේ වස විලි ලැජ්ජාවක් බවයි.

එනිසා බොහෝ දෙනෙකු පාර්ලිමේන්තු සභා ගැබට නොපිවිසෙනු ඇති බවත් පාර්ලිමේන්තුවේදී සිදු කර ගැනීමට ඇති වෙනත් රාජකාරී කටයුතු කරගෙන පිටවන බවත් ඔහු සදහන් කර ඇත.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු සභා ගැබේ ශ‍්‍රීලනිප ආණ්ඩු පාර්ශවයෙන් දක්නට ලැබුනේ ඇමති විජිතමුණි සොයිසා හා නියෝජ්‍ය ඇමතිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම පමණි.

නමුත් ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ තැන තැන දක්නට සිටියහ.

32,846 Viewers

15 Comments to “රනිල් සමග එජාප ආණ්ඩුව පැත්තේ වාඩිවෙන්න ලැජ්ජයි.. පාර්ලිමේන්තු ආවත් ශ‍්‍රීලනිප ඇමතිවරුන් සභා ගැබට නොයති.. තැන තැන රස්තියාදුවේ..”

  1. DIRACHCHA LANUVA says:

    Mekath dirachcha lanuvak viya haka. Dan anduve operation eka pohottuwa deke koleta dana eka. (ehema nathnam image eka katha karana eka) mekath eke kotasak viya haka.

  2. Dev says:

    Return eka hamba wenne chandedi thamai mahaththayo

    • Asaranaya says:

      ඇතුලත් ගිණි- පිටත් ගිණි,
      තොපි සියල්ලෝම අළු වෙලා පල

  3. Winsara says:

    ane e moko, lajja bimin thiyala wadi wenna.

  4. මාතලේ බණ්ඩා says:

    මහින්ද නිසා පොහොටිටුකාරයො පිමිබුනා.උන් හිතුවා මුළු ආණ්ඩුවම උන්ගෙ කියල.ඒ උනාට බොහෝ පලාත්පාලන අායතනවල තනියම බලය පිහිටුවන්නත් බැහැ.ලබන ජනාධිපතිවරණයෙදිත් ප්‍රතිඵල ඔකම තමයි. සිංහල බෞද්ධ ජන්දවලින් පමණක් දිනන්න බැහැ.සජිත් පේමදාස UNP යෙන් එන්නෙ.පොහොටිටුකාරයින්ට බඩුම තමයි.

    • don katugampala says:

      93 di “dakunu palath sabava ” dinala thama 94 di avurudu 17 k thibuna ochchara balagathu u.n.p anduva hatharagathen vetune, banda ekale danagana podi ekek nam nodannava athi.

    • සජිත් පේමදාස හම්බන්තොටට ගිහින් දැන් අවුරුදු 20කට වැඩියි. ඒත් තාම තිස්සමහරාම ආසනය වත් ඒකට අයත් එකම ප්‍රාදේශිය සභාවක්වත් දිනාගන්න බැරිවුනා. ජනදිපතිවරනයේදි බඩු හමබවෙන්නෙ කාටද බලමු.

  5. පින්හාමිනේ says:

    පින් හාමිනේ මාලු වලේ බැහ ගෙන නෙ? නමෙනුත් වික්‍රම කාලක් තියෙනවා නේද විජේ. පින් හාමිනේ මාලු වලේ බැහ ගෙන අනේ මාළු බානවා.. තරගෙට …සොයිසා ගොය්යා බිම අනාගෙන ගෙන සස්ස බලනවා//

  6. Veerasena says:

    Dan hondatama pahadili una mun okkotama ona balaya vitharai
    Unge jada kam raka ganna andu balaya Vitharai
    Mokatada MaRa ochchara wali kanne Parliament eke balaya nathiwa . Uge jada kam wahanna balaya ganna
    Open your eyes fools

  7. ගුණේ අයියා says:

    ලිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ – සැපයක් යැයි කකුළුවෝ දිය කෙලියේ

  8. Desmond Fernando says:

    Aneh! Dayasori oba nam enna epa, lingika athawarayakata paathra wevi.

  9. Open mind says:

    ඔහේ තැන තැන හිටපු දෙන්. මාසයේ ගතමනාව ලැබෙනවානේ.නේද ?

  10. sri lankan says:

    මගෙනම් අදහස මේ අය නැවත පොදුජන පෙරමුණ නොගත යුතුයි එසේ එකතුකර ගත්තොත් පොදුජන පෙරමුණ වෙනුවෙන් කැපවෙන ජනතාවගේ විරෝධයක් එල්ලවෙනවා නමුත් එම ඇමතිවරුන්ට පුඵුවන් තවදුරටත් unp හෝ upfa සමග එකතුවී දේශපාලනය කරන්න එසේ සිට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනය ජයගෙන් පසුව පොදුජන පෙරමුණට එකතුවෙන්න එසේ උවහොත් ජනතාවගේ විරෝධයක් පොදුජන පෙරමුණට එල්ලවෙන්න හේතුවක් නැහැ.මොකද Qualification test O.K නිසා

  11. දැන් ඉතින් ලැජ්ජාවෙන්න එපා හිරිඔතප් ටික බිඳගෙන අමාරුවෙන් හරි උන් එක්කම වාඩිවෙයල්ලා. වෙන ඉතින් යන එනමන් නොමැති දේෂපාලන අනාතයන් වගේ වෙනවා තව ටිකදවසක් යනකොට අනේ චුකේ ????

Main News