රවිට ආයිත් පොල්ලක්.. ඇමතිකමක් දෙන්න එපා යයි එජාප ඇමතිලා ජනපතිට කේලාම් කියති..

September 9, 2018 at 10:40 am | lanka C news
රවිට ආයිත් පොල්ලක්.. ඇමතිකමක් දෙන්න එපා යයි එජාප ඇමතිලා ජනපතිට කේලාම් කියති..

එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබා දීම ගැන ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක්ම විරෝධය දක්වා ඇති බව ඉහල පෙලේ රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙසේ විරෝදය දක්වා ඇති ඇමතිවරුන් අතර එජාප ඇමතිවරුන්ද වන බවයි.

රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙන්නේ යයි සිරිකොතේදී පැවති එජාප 72 වැනි සංවත්සරය අවස්ථාවේදී අදහස් පලවීමෙන් පසු මෙම විරෝධය එල්ල වී ඇත.

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් නැවත ලබා දීමට ජනාධිපතිවරයාගේ කිසිදු අදහසක් නැති බවයි.

6,989 Viewers

2 Comments to “රවිට ආයිත් පොල්ලක්.. ඇමතිකමක් දෙන්න එපා යයි එජාප ඇමතිලා ජනපතිට කේලාම් කියති..”

  1. Asaranaya says:

    කරුපෝ මතකද උඹ කිව්වා පඹපතියා “හ්ම්! ” කියල සනාත කර බවක්, බූරු කරුපෝ ඒක ‘හ්ම්’ බොට දෙන්නම් උස්සලම ,එය වියාජ ඉදිරිපත් කිරීමක් කරුපෝ,
    උඹව රැවටුනා, උඹ් දන්නේ නැද්ද පඹයාගෙ ආප්ප නියාය

  2. Love nature says:

    ‘රෑට නිදි ඇඳේදිවත් හමු වෙන්නේ නැද්ද’

    හිටපු මුදල් ඇමතිවරයා දැන් සුදනා වගේ කියනවා ‘මම දන්නේ නැහැ. නෝනා තමයි මේක කරලා තියෙන්නේ. මම දන්නවා නම් ඒ ගෙදර පදිංචියට යන්නෙත් නැහැ’ කියලා. අඩු ගණනේ මේ නෝනයි, මහත්තයයි රෑට නිදි ඇඳේදිවත් හමු වෙන්නේ නැද්ද? ‘මම මේ ගෙදර මිලදී ගත්තා. මට ඇලෝසියස් උදව් කළා’ කියලවත් කිව්වේ නැද්ද? ඔය ‘බබා කතා’ පිළි ගන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩයි කියලාද මේ ඇණ්ඩුව හිතාගෙන ඉන්නේ?
    ‘ශ්‍රී ලංකාවට අවමානයක්!’

Main News