රවිට නිවසක් දී ඇත්තේ මඩකලපු අරක්කු ෆැක්ටරියේ පගාවටයි.. බැදුම්කර පගාවට නොවේ..

August 17, 2017 at 3:22 am | lanka C news
රවිට නිවසක් දී ඇත්තේ මඩකලපු අරක්කු ෆැක්ටරියේ පගාවටයි.. බැදුම්කර පගාවට නොවේ..

අද හොරකම හැර මේ රටේ කිසිම දෙයක් සැලසුමකට අනුව සිදු නොවන බවත් මේ රට මේ චෞර ආණ්ඩුවේ ගොදුරක් බවට පත්වීම වළක්වාලීම රටට ආදරය කරන සෑම රටවැසියකුගේම යුතුකම සහ වගකීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැති ‘බැඳුම්කරේ කාගේ කරේ’ යන තේමාව යටතේ පැවති ජනතා සම්මන්ත්‍රණයේදී සිය දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුනනේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘අපි මේ සම්මන්ත්‍රණය පවත්වනු ලබන්නේ ආණ්ඩුව බැදුම්කර හොරකමේ සම්පුර්ණ වගඋත්තරකරුවා බවට රවී කරුණානායක පත් කොට, කෙටිකාලීනව ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟ කරවා ගෙන එමගින් මේ මහා මංකොල්ලයේ බරපතළකම යටපත් කිරීමට ගන්නා උත්සාහය අනෙක් පැත්තට හැරවීමටයි. ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව අගමැතිවරයාගේ විෂය පථය යටතට ගැනෙනවා 2015 ජනවාරි 08 වැනිදායින් පසුව. ඊට පෙර මහ බැංකුව පවත්වාගෙන ආවේ මුදල් අමාත්‍යාංශය යටතේයි. කවරකු මුදල් ඇමති වුවත් මහ බැංකුව තිබුණේ ඔහු යටතේයි. මහ බැංකු අධිපතිවරයා පත් කළ යුත්තේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසිනුයි. එහෙම නම් ඇයි අගමැතිවරයා මහ බැංකුව තමන් යටතේ ගැසට් කරගනු ලැබුවේ? එහෙම කළේ පූර්ව සැලැස්මකට අනුව නොවෙයිද?

බලන්නකෝ මේ මහ හොරකමේදී අගමැතිවරයාගේ මොළය වැඩකරලා තිබෙන විදිහ. පත්කර ගනු ලැබු මහ බැංකු අධිපති විදේශිකයෙක්. ඒ කියන්නේ සිංගප්පූරු ජාතිකයෙක්. එයා අගමැතිවරයාගේ ගජමිතුරෙක්. කාගේ අත්සනකින්ද මේ මහ බැංකු අධිපතිවරයා පත්කර ඇත්තේ? අගමැතිවරයාගේ අත්සනින්ද? නැහැ. අගමැතිවරයාගේ නිර්දේශයෙන්ද? නැහැ. එවකට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායකගේ නිර්දේශය යටතේ ජනාධිපතිවරයාගේ අත්සනින් තමයි මේ මහ බැංකු අධිපතිවරයා පත්කොට ඇත්තේ. දැන් බැඳුම්කර ගැන සොයන ජනාධිපති කොමිසම, මේ හොරකමේ කෙළවර කොතැනද? කියා සොයාගෙන තිබෙනවා. සොරකමේ කෙළවර ඉන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නැමැති අගමැතිගේ ගජ මිතුරා. දැන් කොමිසම බලනවා, ‘කවුද මේ අර්ජුන් මහේන්ද්‍රන් අගමැති ධුරයට පත් කළේ?’ කියා. බලපුවාම එයා පත් කොට ඇත්තේ ජනාධිපතිවරයායි. එතකොට අගමැති? එයා බබා. එයා මේ ගැන දන්නෙවත් නැහැ. (සභාවේ සිනා)

‘එදා කෝටි ප්‍රකෝටි ගණන් හුවමාරු වුණා’

ඒකෙන් පෙනෙන්නේ පූර්ව සැලැස්මකට අනුව මහ බැංකුව අගමැතිවරයා යටතට ගත් බවයි. පසුව සිංගප්පූරුවේ සිටි ගජමිතුරා ගෙන්වා ගත්තා අධිපති ධුරයට. ඔබට මතක ඇති 2015 ජනවාරි 08ට පෙර පැවති ආණ්ඩුවෙන් එළියට පැනපු ඇමතිවරුන් හැමෝම ගියා සිංගප්පූරු වන්දනාවේ. එහෙම ගිහින් සාකච්ඡා පැවැත්වූයේ අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ ගෙවල්වල. එහිදී තමයි කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හුවමාරු වුණේ. පූර්ව සැලැස්මකට අනුව එසේ අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමෙන් අනතුරුව බැඳුම්කර හොරකම සිදු කළ ආකාරය, ඊට අදාළ ක්‍රියාවලිය මීට ඉහතදී කථා කළ කථිකයන් ඉතා හොඳින් පැහැදිලි කරනු ලැබුවා. ඒ පිළිබඳ මා යළි සිහිපත් කරන්නේ නැහැ.

‘පා.ච වපුරපු පචය’

සාමාන්‍යයෙන් ආණ්ඩුවකට චෝදනාවක් තියෙන්නේ, ‘වියදම් කරනකොට හොරකම් කළා’ කියලයි. පසුගිය ආණ්ඩුවට මේ අය චෝදනා කළේ ‘හයිවේ හදනවා, ඒකෙන් කොමිස් ගහනවා’ කියලයි. අන්න ඒ වගේ. දැන් බලන්නකෝ ඊයේ පා.ච රණවක ඇමතිවරයා කියනවා, ‘ගිය ආණ්ඩුව යටතේ උවමනාවටත් වඩා දැවැන්ත සංවර්ධනයක් සිදු වුණා. නමුත් එහිදී ඒ සංවර්ධනය හරහා විශාල ගසාකෑමක් සිදු වෙනවා, කියන මතය ජනතාව තුළ ඇති වුණා’ කියලා. දැන් බලනකොට ඒ වගේ මතයක් ඉබේ ඇති වෙලා, නැත්නම් ජනතාව එහෙම මතයක් ඇති කර ගෙන. දැන් මෙහෙම කියන පා.ච රණවක තෙමේ ‘මෙගාඩීල්’ කියන පොත ගහමින් ඒ පචය නේද වැපිරුවේ? පරම පවිත්‍ර මිනිස්සු විදිහට පැවැති ආණ්ඩුවට චෝදනා එල්ල කරපු මේ තක්කඩි රැළ බලයට ආපු ගමන් වියදමෙන් නොවෙයි හොරකම් කළේ රටේ ආදායමෙන්. බැඳුම්කර හරහා ණය ගැනීම රාජ්‍ය ආදායම ලබා ගන්නා එක් විදිහක්නේ. මේක රාජ්‍ය ණය ගන්න කොට ගහපු ගැහිල්ලක්. ණය ගන්න කොට මෙහෙම ගැහුවා නම් ඒ ණයවලින් සංවර්ධන වැඩ කරන්න පටන් ගත්තාම මේ කම්බ හොරු රැළ කොහොම ගැහිල්ලක් ගහයිද?

‘ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලම මූල්‍ය අපරාධය’

රාජිත සේනාරත්න දත් දොස්තර මහත්තයාට අනුව රවීන්ද්‍ර සන්ද්‍රෙස් කරුණානායක මහත්තයාගේ ප්‍රශ්නය ‘ළුෑණු බිකක’ ප්‍රශ්නයක්. ‘රාජිත සේනාරත්නලාට නැව් 07-08 අයිති වුණේ කොහොමද?’ කියන ප්‍රශ්නය ගැන සොයා ගෙන ගියොත් ඒක, ‘ළුෑණු බික් දෙක තුනක’ ප්‍රශ්නයක් වේවි. ’මේ බැඳුම්කර හොරකමෙන් රටට සිදු වූ මූල්‍ය හානිය රුපියල් ටි්‍රලියනයකට (බිලියන 1000කට) වඩා වැඩියි’ කියලා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාම කියනවා නම් තව කවර කථා ද? ලංකා ඉතිහාසය තුළ සිදු කළ විශාලම මූල්‍ය අපරාධය මෙය නොවේද? ඒකෙන් වූ බලපෑම ආචාර්ය නාලක ගොඩහේවා මහතා මීට ඉහතදී ඉතා හොඳින් පැහැදිලි කළා. අපට අද රටක් විදිහට වැඩි පොලියට ණය ගැනීමට සිදුව තිබෙනවා. රටේ මූල්‍ය ක්ෂේත්‍රය කඩා වැටී තිබෙනවා. ආර්ථිකය පරිහානියට ලක් වී තිබෙනවා. රාජ්‍ය මූල්‍ය ක්‍රියාදාමය පිළිබඳව විශ්වාසය නැති වී තිබෙනවා. ඒ රුපියල් ටි්‍රලියනයක හානියට අමතරව ඉහත කී හානි ද රටට සිදු වී ඇත්තේ ඉතිහාසය තුළ සිදුව ඇති මේ විශාලතම මූල්‍ය අපරාධය නිසයි.

‘හොරු රැළ උසාවි නොයවා කොමිසමට යැවීම’

2015 ජනවාරි 08 වැනිදා සිදු වුණේ යහපාලන ආගමනයක් කියා ඇතමුන් සිතුවාට ඇත්තෙන්ම සිදු වුණේ චෞරාගමනයක්. මේ ආණ්ඩුව බලයට ආවේ දූෂණ විරෝධී වැදිබණ කියා ගෙනයි. කෝප් කමිටු වාර්තා දෙකකින් සහ විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් සිදුව ඇති හොරකම පිළිබඳව සියල්ල අනාවරණය වී තිබෙනවා. එක් කෝප් කමිටු වාර්තාවක් එළිදැක්වීමට තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. තවත් කෝප් කමිටු වාර්තාවක් එළි දැක්වූවාට පසුව නිහඩව ඉන්න බැරි නිසා දැන් ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් පිහිටුවා මේ පිළිබඳව විමර්ශනයක් සිදු කරවනවා. මේ හොරකම පිළිබඳව කෝප් කමිටු වාර්තාවලින් සහ විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් හෙළිදරව් වී ඇති කරුණු අනුව මේ වන විට මේ සිදුවීම අධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙමින් තිබෙන්න ඕනේ. එය වැළැක්වීමට තමයි මේ හොරු රැළ කොමිසම ඉදිරියට දක්කනු ලැබ තිබෙන්නේ. මේ කොමිසම මේ හොරු රැළට දඩුවම් දෙන ස්ථානයක් නොවෙයි. ඒක කතා සාප්පුවක් විතරයි. එසේ වුවත් තවමත් මේ කොමිසම ඉදිරියටවත් අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම වැනි අය කැඳවා නැහැ. එසේම මේ කුප්‍රකට ගනුදෙනුව සිදු වීමට පෙර ඒ පිළිබඳ සැලසුම් කරන්න මුදල් අමාත්‍යාංශයට පැමිණි එ.ජා.ප. ඇමතිවරු කිසිවකුත් තවමත් මේ කොමිසම ඉදිරියට කැඳවා නැහැ. මේ කියපු නීල හොරු ටික තවම කොමිසම ඉදිරියට කැඳවා නැහැ.

‘මඩකලපුවේ අරක්කු සමාගම සහ රවී’

ඒ අතරේ රවී කරුණානායක ඇමතිවරයාට පත්තු වුණේ ‘මිස් ෆයර්’ එකක්. මෙතැනදී විද්දේ පඳුරට. නමුත් වැදුනේ හාවාට. රවී කරුණානායකට ගෙවල් දීපු ඩීල් එක වෙනම එකක්. අර්ජුන් ඇලෝසියස්ගේ මඩකලපුවේ අරක්කු කර්මාන්ත ශාලාවට අයවැයෙන් බදු සහන ලබා දීමට අදාළ ප්‍රතිඋපකාරයක් ලෙසයි ඒ ගෙදර රවීට ලැබී ඇත්තේ. දැන් ඇලෝසියස්ලා තමයි ලංකාවේ අරක්කු සමාගම් ටික ‘රන්’ කරන්නේ. දැන් ලංකාවේ කවුරු හරි ෂොට් එකක් ගැහුවොත් ඇලෝසියස්ලාට එකෙන් ගාණක් යනවා. (සභාවේ සිනා) මෙතැන අපට හිතන්න දෙයක් තිබෙනවා. මඩකලපුව අරක්කු ෆැක්ටරිය දාන්න බදු සහන දුන්නාට ලැබුණු ප්‍රතිඋපකාරය රාජිත සේනාරත්නට අනුව ‘ළුෑණු බිකක්’ නම්, බැඳුම්කර කොල්ලය කරන්න ඉඩ හදලා දුන්නු අයට, ෆුට් නෝට් දාපු අයට ‘ළුෑණු බික්’ කීයක් ලැබෙන්න ඇද්ද?

මේ රට දවසින් දවස ප්‍රපාතයට ඇදගෙන යන මේ චෞර රැළ හරියට මුරුගසන් වර්ෂාවට අසුවුණු පිරිසක් වගෙයි. ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයක් රැගෙන ආවේ නැතිනම් රවී කරුණානායකට ඉල්ලා අස්වීමට සිදුවන්නේ නැහැ. අපි විශ්වාසභංගයක් ගෙන ආවාම එ.ජා.ප.යේ මන්ත්‍රීවරු පිරිසක් කීවා,‘අපට විශ්වාසභංගයට විරුද්ධ වෙන්න බැහැ’ කියලා. ඒ වගේම විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දීමට ඇමතිවරුන් කණ්ඩායමක් සූදානමින් සිටියා. මේ සියල්ල නිසා රවී කරුණානායක ඉල්ලා අස් කෙරෙව්වා. එහෙම නොවුණා නම් විශ්වාසභංගය පැරදුණු රවී කරුණානායකටයි ඉල්ලා අස්වීමට සිදු වන්නේ.

 

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

41,165 Viewers

4 Comments to “රවිට නිවසක් දී ඇත්තේ මඩකලපු අරක්කු ෆැක්ටරියේ පගාවටයි.. බැදුම්කර පගාවට නොවේ..”

  1. Liston says:

    Dan ithin meka kiyawana jada jeppoi kalakanni unp karayoi Weerawansata banala kisima padhanamak nathi comments Dai.

    • ක්‍රිස්ටෝපර් says:

      උන්ට ඉතින් කරන්ඩ පුලුවන් එච්චරයි.

  2. Sathya says:

    Great disclosure Mr. Weerawansa. Thanks on behalf of nation.

  3. Mohan says:

    Can someone tell me how the sale of Rs. 10 billion bonds result in 1000 billion loss?

Main News