රවි ආණ්ඩුවේ එකම හොරා නොවේ.. ‘නැවු සුදා-බෙහෙත් සුදා’ කියන්නේ රාජිතටයි..

August 9, 2017 at 1:20 pm | lanka C news
රවි ආණ්ඩුවේ එකම හොරා නොවේ.. ‘නැවු සුදා-බෙහෙත් සුදා’ කියන්නේ රාජිතටයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ඒකාබද්ධ විපක්ෂය හොරා කියන්නේ රවි ඇමතිතුමාට විතරයි කියලා රාජිත ඇමතිතුමා කියනවා. රාජිත ඇමතිතුමාට වැරදිලා. අපි ඔය කියන රාජිත ඇමතිතුමාටත් ඇතුළුව ඇමතිවරු බහුතරයකට අපි හොරා කියනවා. නැව් සුදා වගේම බෙහෙත් සුදාත් කියන්නේ එතුමාට තමයි. සුදා කියලා අපි මේ කියන්නේ සුදු පාටයි කියන එක නෙමෙයි. අර ටැංකි සුදා කියලා මාළුවෙකුත් ඉන්නවා. එයා සුද්ද කරන්නේ මාළු ටැංකිය. ඒ වගේ නැව් වලට සුද්දය දුන්න කෙනා තමයි නැව් සුදා වෙන්නේ.බෙහෙත්වලින් සුද්දය දුන් කෙනා තමයි බෙහෙත් සුදා වෙන්නේ. ඒ වගේ සුදාලා ගොඩක් ඉන්නවා. ටොප් ටෙන් වැඩපිළිවෙල යටතේ මහ පරිමාණ සොරකම් 10ක් හෙලි කරලා අල්ලස් කොමිසමට පැමිණිලි කළා. රාජිත ඇමතිතුමාත් එක චුදිතයෙක්. අද වෙන තුරු විමර්ශන නෑ. ළඟදීම ටොප් 20 නමින් හොරු හෙලි කරන වැඩසටහනේ දෙවන පියවර පටන් ගන්නවා. එදාට ගල් අඟුරු සුදා කැලෑ සුදා වැලි සුදා තඹ සුදා ඔය ඔක්කොම හෙලි වේවි.

අපි අතර කම්බ හොරු ඉන්නවාලු. අනේ ඉන්නවා නම් බොරුවට කියවා කියවා ඉන්නේ නැතුව දඬුවම් කරන්න. අපි ඒකට විරුද්ධව වචනයක් වත් කියන්නේ නෑ. ආණ්ඩු බලය තිබෙන්නේ අපට නොවෙයිනෙ. නමුත් රාජිත ඇමතිතුමාගේ කට තරමට වැඩ නෑනේ. දැන් සියළුම රාජපක්ෂවරු ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විමල් වීරවංශ මැතිතුමා වගේ පක්ෂ නායකයෝ ජනාධිපති කොමිසම ඉදිරියට ගියානේ. ඔය කවුරුත් දන්නේ නෑ මතක නෑ තොත්ත බබා චරිතය රඟපෑවේ නෑනේ. ඇඳගෙන ගිය ඇඳුම් එතන තියලා නිරුවතින් එළියට ආවේ නෑනේ. ඒ නිසා රවි ඇමතිතුමා මුහුණ දුන් සිද්ධියට සම කළ හැකි සිද්ධියක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වෙලා නෑ කියලා අපි ඉතාම වගකීමෙන් කියනවා.

– අරවින්ද අතුකෝරල

13,519 Viewers

7 Comments to “රවි ආණ්ඩුවේ එකම හොරා නොවේ.. ‘නැවු සුදා-බෙහෙත් සුදා’ කියන්නේ රාජිතටයි..”

  1. danu says:

    ගම්මන්පිල පුලුවන් නම් ඔය දතාව දත් වාට්ටුවට අරං ගිහිං ඕකගේ උඩ දත් ටික ගලවන්න ඕකට බොරු පිබින්න බැරිවෙන්න

  2. asaranaya says:

    රාජිතයට මම කියන්නෙ කුණු දත් සුදා කියලයි

  3. Karu says:

    අපේ ගමේ සුදා කියන කොල්ල මැරුවෙ එක මිනිහයි. තරුණයො සිය ගානක් පුච්චල මරවපු ප්‍රා-ජිත වගෙ තක්කඩියෙකුටත් සුදා කියන එක අපේ ගමේ සුදාට අවනම්ඹුවක්.නැව් පාළුවා, බෙහෙත් පාළුවා වගෙ එකක් කියල අපේ කොල්ලගෙ ආත්ම ගරුත්වය රැක දෙන්න.
    මේ පල් හොරාට මිලියන රු.165 ලූනු බිකක් විතර නෑ.අපිත් ආසයි රු.මිලියන 165 ට වඩා වටින ලූනු බික් දැක ගන්න.

  4. ranjith fernando says:

    දැන් හූඇම්පී 1600ට කහින වුන් මෙතන කොමෙන්ට් දායි හොරුන්ට පක්ශව. අර පාර්ලිමේන්තුවේ කවටයා රනිල් කොමිසමට ගෙන්නන්නේ කවද්ද කියල තමයි අපි බලං ඉන්නෙ

  5. Pemasiri says:

    Mooo ikmanin Thanathuren Paha nokoloth lankawama winasai.

  6. බබා උක්කුන් says:

    Blue Ocean නැව් ගැන මොකද කියන්නේ.ඇවන්ට් ගාර්ඩ් එකෙන් කප්පන් ඉල්ලපුවා ගැන මොකද කියන්නේ.බ්ලු ඕෂන් නැව් වලින් අල්ලපු මාළු වල ලංකා රජයේ කොටස මොකද කලේ.ඒවා ගැන මු දන්නෙත් නෑ දැකලත් නැහැ.පත්තරෙන් දැකලත් නැහැ.මු බබා.දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියන්න විතරයි දන්නේ.හිනහ වෙවී බොරු කියන මේවගේ එකෙක් මම කවදාවත් දැකල නැහැ.මු අමු අපතයෙක්,රටේ කරුමෙට උපන්න කාලකන්නියෙක්.
    අර ප.ච.යා අනාගතේදී ජනාධිපති වෙන්න හීන මවනවා.මූ ඉන්න එවුන්ගේ බෙලි කපාගෙන අගමැති වෙන්න දගලනවා.
    මුන් සේරටම ඉක්මනින්ම සෝබිත මුණගැහෙන්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා.

  7. David Milli-Banda says:

    “රවි ආණ්ඩුවේ එකම හොරා නොවේ.. ‘නැවු සුදා-බෙහෙත් සුදා’ I am also a thief kiyala kiyayi.

Main News