රවි කරුණානායකට යලිත් කැබිනට් ඇමතිකමක්.. ජනාධිපතිත් දන්වයි..

September 7, 2018 at 2:10 pm | lanka C news
රවි කරුණානායකට යලිත් කැබිනට් ඇමතිකමක්.. ජනාධිපතිත් දන්වයි..

එක්සත් ජාතික පක්ෂ උපනායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධුරයක් ලබා දීමට එකඟතාවක් ඇති වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඉහත දැනුම් දීම කළ එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී පෙරේදා (05දා) පැවැත් වී ඇත.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහ‍ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල හා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරු දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වි තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේ තමා හමුවූ බවත් එවිට මේ බව දැනුම් දුන් බවත් රවි කරුණානායක මහතා දේශපාලන මණ්ඩලය හමුවේ සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්දීමට අනුව නීතිපති මතයද ලබන සතියේ දැනුම් දීමට නියමිතය. ඉහත පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධුරය ස්ථිර වශයෙන්ම හිමිවීමට නියමිතය.

lakbima

13,544 Viewers

4 Comments to “රවි කරුණානායකට යලිත් කැබිනට් ඇමතිකමක්.. ජනාධිපතිත් දන්වයි..”

  1. Asaranaya says:

    කබරයා තලගොයා වෙයි, තලගොයා කබරයා වෙයි,
    පඹයා හුලන් බකයි, රානි අලයා බලෙන් හිලයි

  2. සුදේශ් says:

    සිරසෙන සහ unp ආණ්ඩුව අපි තරහයි නාටකය ඉවරයි දැන් කොලේ වහලා දෙගොල්ලම එකතුවෙලා නව වියවස්තව ගෙනල්ල සිංහලයාට කෙලවන්නයි හදන්නේ .මේ ඇමතිකම් දීගෙන එන්නේ ඔය නැටුමට තමයි එනිසා හැමෝම බොහොම කල්පනාවෙන් වෙලාවට මුළු රටක් හැටියට පාරට බැහැලා පාර්ලිමේන්තුව වටකරලා ඔය වියවස්තව සම්මත කරගැනීම නවත්වන්න ඕනා .එක වරද්දගන්න බෑ මුළු රටම එකතුවෙලා එක කරන්න ඕනා

  3. 18 කනුව says:

    කථාව ඇත්ත. ජනාධිපති තුමා පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ රවී කරුණානායක කතාකරල “සර්, මට ඇමතිකමක් දෙනවද” කියල ඇහුවා. එතකොට ජනාධිපතිතුමා “හ්ම්” කිව්වා. එහි තේරුම ඔව් කියල මම හිතනවා. රවී කරුණානායක කතාකරල “සර්, මට ඇමතිකමක් දෙනවද” කියල අහපු ප්‍රශ්නේ නිසා වික්ෂිප්ත වුන ජනාධිපති තුමා වෙතින් එම “හ්ම්” ශබ්දය පිටවුණා කියන එවුන් මම පරසක්වල ගහනවා.

  4. මංගල ගෙන් තව හාද්දක්. ඊ ලග පාර පව්ලත් කපෝතියි රවියෝ. says:

    මංගල ගෙන් තව හාද්දක්. ඊ ලග පාර පව්ලත් කපෝතියි රවියෝ.

Main News