රාජගිරිය ගුවන් පාලම අද විවෘත කරයි.. නියමිත දිනට අවුරුද්දකට කලින් හදලා ඉවරයි..

January 8, 2018 at 6:30 am | lanka C news
රාජගිරිය ගුවන් පාලම අද විවෘත කරයි.. නියමිත දිනට අවුරුද්දකට කලින් හදලා ඉවරයි..

2016 වසරේ අපි‍්‍රයෙල් මස 19 දින ඉදිකිරීම් ආරම්භ කල රාජගිරිය ගුවන් පාලම මාස 32 ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට යෝජනා වී තිබුණි.

ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලගේ අධීක්ෂණය හා මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යක්ෂමතාවයත් මත මාස 20 ක් වැනි කෙටි කාලයක් තුලදී සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් අවසන් කිරීමට හැකියාව ලැබී ඇත.

එලෙස ඉදිකිරීම් අවසන් කල රාජගිරිය ගුවන් පාලම, ශ‍්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ දීර්ඝතම ගුවන් පාලම ලෙස අද දින (ජනවාරි මස 08) උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ආරධනයෙන්, ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

දිගින් මීටර 533ක් වන ගුවන් පාළම රුපියල් මිලියන 4,514.77ක ආයෝජනයකින් ඉදිකර ඇත.

මංතීරු 04 ක් ලෙස නිර්මාණය කර ඇති පාළමට මීටර 180 ක පිවිසුම් මාර්ගයක් සහ සමාන්තර පදික වේදිකා 02 ක් ද මීට අන්තර්ගතව ඇත.

මාධ්‍ය එ්කකය
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය

19,006 Viewers

11 Comments to “රාජගිරිය ගුවන් පාලම අද විවෘත කරයි.. නියමිත දිනට අවුරුද්දකට කලින් හදලා ඉවරයි..”

  1. Shiva says:

    It is laughable why they needed 3 years to build this normal bridge . Katunayake High way was built in 3 years including longest bridge and over Negombo road and Palyagoda bridge was built in 60 days

    • Wijebahu says:

      Papadam walin wennathi Eva hadanda atthe.

      • ජසින්තා says:

        අනේ මැට්ටෝ unp කාරයෙක් වන උඹ උඹේ වරිගේ unp ඈයින්ගේ මොට්ට මෝල් කම අපුරුවට පෙන්නුම් කරලා තියෙනව ඔය කොමෙන්ටුවෙන් .අදිවේගයේ පාලම් සියල්ල හදලා තියෙන්නේ පෙර සවි කොන්ක්‍රීට් වලින් ඒවා ඉතාම ශක්තිමත් පපඩම් වගේ පාලම හදා තිබෙන්නේ බෝලාගේ “ඕන ගොනා ” ඇයි මිනිහෝ කොන්ක්‍රීට් වෙනුවට යකඩ බාවිතා කරලා යමක් හදන්නේ ඉතාම කෙටි කාලයක් තුල ඉදිකිරිම අවසන් කරන්නනේ එහෙවු යකඩ පාලමක් හදන්න අවුරුදු 3 ගත්ත කියන්නේ විහිළුවක් .සාමානයෙන් යකඩයෙන් සාදන පාලමක් හදන්න යන්නේ මාස හයත් නවයත් අතර කාලයක් මිසක් අවුරුදු 3ක් නෙවෙයි .ඒවගේම තමයි පපඩම් පාලම තමයි යකඩ පාලම මේවගේ නඩත්තුව අඩු රටකට ඔය රාජගිරියේ පාලම වගේ බොරු සෝබනේට හදපු පාලම ගැලපෙන්නේ නෑ .ඔය පාලම අබලන් වෙන්ව තව අවුරුදු 5ක් යනකොට මාස හයක් යද්දී ඔකේ තාර ගැලවිලා යනවා ,අවුරුදු 2ක් යද්දී ඔක දිරන්න ගන්නවා .අර වැරදුනු හැඩය නිසා පාලම නරක විදියට පැදේන්න ගන්නව ඕක උඩින් බර වාහන දාවනය තහනම් කාරනවා චන්දෙ ඉවරවුන ගමන් .
        මේවගේ රටකට යකඩ පාලම හැදුවට කමක් නෑ නමුත් ඒවා බොරු සෝබන නැති ලාබදායි යම්කිසි කාල පරාසයක් අරමුණු කර හැදු පාලම වෙන්න ඕනා .නුගේගොඩ පාලම වගේ මේවා බොරු සෝබන වැඩ

    • Daham says:

      Ohhhh is it a matter to laugh ? So funny annnnnaaaa

    • Nihal says:

      The Paliyagoda bridge is already closed due to maintenance within 5 yrs. All the projects carried out by previous Gvt will be last for 4-5 yrs but the cost would be 5 times

  2. සකලජන says:

    ඕකට වඩා දිග ගුවන් පාලම් southern highway එකේ තියෙනව නේද?

  3. Dev says:

    Meka meta wada digata hadanna tibu ne.
    eth eka adu karapu nisa ikmanata hadanna puluwan una

    trafic adu wei kiala hitanawa
    heta indan tamai balanna ona

  4. චම්පා says:

    විමල් මැතිතුමාගේ ගෙදරට යන පාර නේද

  5. නුවන් says:

    මේකත් පසුගිය රජයෙන් පටන්ගත්ත එකක් නෙ. වැඩ නවත්තන්නෙ නැතුව කළාට ස්තුතියි

  6. duminda says:

    m…..chintahanae diguwak naeda

  7. sameera says:

    මෙම ව්‍යාපෘතිය කාගේ වැඩක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ . එම උතමයත් මේ උත්සවයට ආරාදන කලානම් . අපරාදේ කොහෙවත් යන කව්රුවත් කිසිම දෙයක් නොකර මහජන මුදල් මහා පරිමාණ ලෙස මෙවැනි උත්සව සඳහා නිරපරාදේ දේශපාලන ප්‍රචාර සඳහාම පමණක් නාස්ති කරන්නේ .

Main News