රාජගිරිය ගුවන් පාලම වැඩ බැරි කමේ සංකේතයක්… මධ්‍යම අධිවේගි මාර්ගය හදන්න අවුරුදු හයසීයක් ගතවෙයි..

January 9, 2018 at 3:26 am | lanka C news
රාජගිරිය ගුවන් පාලම වැඩ බැරි කමේ සංකේතයක්… මධ්‍යම අධිවේගි මාර්ගය හදන්න අවුරුදු හයසීයක් ගතවෙයි..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

දින ජනාධිපතිතුමා විසින් රාජගිරිය ගුවන් පාලම විවෘත කළා. ආණ්ඩුවේ නායකයින් මේ පාලම හුවා දක්වන්නේ ආණ්ඩුවේ සංවර්ධනයේ සංකේතයක් ලෙසයි. නමුත් ඇත්තෙන්ම මේ ගුවන් පාලම ආණ්ඩුවේ වැඩ බැරි කමේ සංකේතයක්.

2014 වසර වන විට පසුගිය රජය මේ පාලම හදන්න අවශ්‍ය තාක්ෂණික සැලසුම් සියල්ල සකස් කරලා අවශ්‍ය වියදමත් සොයා ගෙන තිබ්බේ. රාජපක්ෂ ආණ්ඩුවෙන් ගනේමුල්ල, රාජගිරිය සහ පොල්ගහවෙල යන නගර වල ගුවන් පාලම් ඉදි කරන්න ඩොලර් මිලියන 49ක් ස්පාඤ්ඤ ආණ්ඩුවෙන් ලබා ගත්තා. පාලම සඳහා සියල්ල සූදානම් කර තිබිය දී මේ ආණ්ඩුවට වසර තුනක් ගියා පාලම සම්පූර්ණ කරන්න.

ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදි සංවිධානය පරාජය කරන්න රාජපක්ෂ ආණ්ඩුවට ගියේ අවුරුදු දෙකයි මාස අටයි. මේ ආණ්ඩුවට ගුවන් පාලමක් හදා ගන්න වසර තුනක් ගියා.

මීටර් 533ක ගුවන් පාලමක් හදන්න අවුරුදු තුනක් යනවා නම් කණු මත ඉදි කළ යුතු කිලෝ මීටර් 100ට වඩා දිගින් වැඩි නුවර අධිවේගි මාර්ගය සම්පූර්ණ කරන්න ඒ ගණන් හැදීම අනුව මේ ආණ්ඩුවට අවුරුදු 600ක් යාවි.

– අරවින්ද අතුකෝරල

19,980 Viewers

10 Comments to “රාජගිරිය ගුවන් පාලම වැඩ බැරි කමේ සංකේතයක්… මධ්‍යම අධිවේගි මාර්ගය හදන්න අවුරුදු හයසීයක් ගතවෙයි..”

  1. Jonaa'S Brother says:

    ආන්ඩුවේ හෙන්චයියලාට බයටම කක්කා නම් යනවලු ,ඒකතමයි කියන්න පුලුවන් එකම සන්වර්දනෙ,
    අනේ මෙහේම නරිවාදන්

  2. හෙලයකා says:

    රාජගිරියෙ ගුවන් පාලම හරියට පතෝල මැස්සක් වගේ. කිසිම quality යක් නැහැ

  3. හෙලයකා says:

    රාජගිරියෙ ගුවන් පාලම හරියට පතෝල මැස්සක් වගේ. කිසිම quality යක් නැහැ

  4. NAK says:

    Very true. Still the outer colombo circular road is struggling to cross the Kandy road.

  5. Gune says:

    How many people faught in the war? 1 million +,
    How many people involved in Bridge? Less than 200

  6. Aurora says:

    DS සේනානායක; ජාතියේ පියා
    ඩඩ්ලි සේනානායක; බත් දුන් පියා
    JR ජයවර්දන ; ඇට දුන් පියා
    R ප්‍රේමදාස; මරුපියා
    රනිල් වික්‍රමසිංහ ; වැඩ බැරි පියා

    • Hemantha says:

      අන්තිම එක වැරදීයි . එය පිo පියා වියයුතුයි.

  7. Aurora says:

    පාලමට දාන්න සුදුසුම නම “වැඩ බැරි පාලම”

  8. HUNA says:

    Muta bayai muge nama danna

  9. prasad says:

    අපි මේ පට්ට පල් දූෂිත වැඩ බැරි පාණ්ඩුව එලවා දමා පොහොට්ටු ආණ්ඩුවක් ඉක්මනට පත් කරගෙන අපේ ගම්මන්පිල මැතිතුමාට මහාමාර්ග අමාත්‍යංශය බාර දෙමු….. ජයවේවා…!!!!

Main News