රාජගිරිය ‘සෝබිත පාලමේ’ වාහන තදබදය උපරිමයි… මුල් සැලසුමේ තිබූ මීටර් 150 ක් අඩු කරලා.. නිසි සැලසුමට අනුව බුත්ගමුව පාර පසු කර පාලම යායුතුය..

January 12, 2018 at 11:20 am | lanka C news
රාජගිරිය ‘සෝබිත පාලමේ’ වාහන තදබදය උපරිමයි… මුල් සැලසුමේ තිබූ මීටර් 150 ක් අඩු කරලා.. නිසි සැලසුමට අනුව බුත්ගමුව පාර පසු කර පාලම යායුතුය..

වාහන තදබදය අවම කිරීම සඳහා රාජගිරියේ ඉදිකල ගුවන් පාලම පසුගිය දා සෝබිත හිමි පාලම ලෙස නම් කෙරුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි.

ඉදිකිරීම සදහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 4.5 (කෝටි 450ක්) වෙද්දී එහි මීටරයක් ඉදිකරීම සදහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 85ක් පමණ වෙයි.

මුලින් සැලසුම් කල පරිදි පාලමේ සම්පුර්ණ දිග මීටර 685 ක් වන අතර එය මීටර් 150 ක් පමණ අඩු කොට එම ඇස්තමේන්තු මුදලටම අදාළ කොන්ත්‍රාත්තුව පිරිනමා නිම කිරිම නිසා ජනතාව බලාපොරොත්තු වූ අවශ්‍යතාවය ඉෂ්ට නොවි ඇත. දැන් එහි දිග මීටර් 533 කි.

නියමිත මුල් සැලසුම ආකාරයෙන් ඉදි කලේ නම් සෝබිත පාලම රාජගිරියේ ප්‍රෙට්‍රල් ෂෙඩ් එක සහ බුත්ගමුව පාර පසු කොට පාර්ලිමේන්තු දීශාවට පතිත වීමට සැලසුම් කොට තිබු බැව් මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම පාලමේ දෙපසින්ම දිග අඩු කර පාලම ඉදි කර ඇති බවටද සිරස රුපවාහිනිය විශේෂ වාර්තාවක් ඉදිරි්පත් කරමින් පෙන්වා දුන්නේය.

පාලමේ දුර ප‍්‍රමාණයද අඩු කර වේලාසන විවෘත කරනු ලැබුනේ ඡන්දය නිසා දැයි ප‍්‍රශ්ණ කල ඔහුන් මේ වන විටත් පාලමේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් නැති බවද පෙන්වීය.

30,394 Viewers

14 Comments to “රාජගිරිය ‘සෝබිත පාලමේ’ වාහන තදබදය උපරිමයි… මුල් සැලසුමේ තිබූ මීටර් 150 ක් අඩු කරලා.. නිසි සැලසුමට අනුව බුත්ගමුව පාර පසු කර පාලම යායුතුය..”

  1. Niru says:

    Give My3palan another year to do the remaining 150 meters of this bridge!!!

    • මහාචාර්ය විජේසුරිය says:

      අයියෝ සිරිසේන සෝභිත නාමය නොමර මරයි.

      • කමල් says:

        “සෝභිත ගේ කොට පාලම” වනාහී මෛත්‍රී ගේ අවසන් පාලමයි….

        • සුජාන් says:

          සොබිත පාලමේ රහසක් තිබේ මෙහි වම සහ දකුණු මායිම අද්දරින් වාහන ධාවනය කල නොහැක මිට හේතුව මිට කලින් හෙළිවූ පරිදි පාලමේ බර කණු මතට නොව එයින් පිටතට පැන අති නිසාවෙනි .මේ වරද වසාගන්නට දෙපැත්තේ මගී ගමන් තීරුවක් සකසා ඇත .
          යම් හෙයකින් එම මායිම් වලට බර වාහනයක් ඇතුළු වුවහොත් පාලම ඇඹරීමට ඉඩ අති බැවින් මැදින් අත් වැටක් දමා ඇත, වැඩ බැරි රජයට මහින්ද නිර්මාණය කරදුන් පාලම හරියට සාදා ගැනීමටවත් නොහැකි බව පෙනේ

    • ඉංජිනේරු ගනේගොඩ says:

      ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදි සංවිධානය පරාජය කරන්න රාජපක්ෂ ආණ්ඩුවට ගියේ අවුරුදු දෙකයි මාස අටයි. මේ ආණ්ඩුවට ගුවන් පාලමක් හදා ගන්න වසර තුනක් ගියාප් ඒත් අවශ්‍ය ප්‍රමාණය අඩු කොට කෝටි ගානක් මුදලක් කොමිස් වශයෙන් කිරිඇල්ල ඇතුළු පිරිස ඇක්සස් සමාගම සමග වංචා කරලා.

      මීටර් 533ක ගුවන් පාලමක් හදන්න අවුරුදු තුනක් යනවා නම් කණු මත ඉදි කළ යුතු කිලෝ මීටර් 100ට වඩා දිගින් වැඩි නුවර අධිවේගි මාර්ගය සම්පූර්ණ කරන්න ඒ ගණන් හැදීම අනුව මේ ආණ්ඩුවට අවුරුදු 600ක් යාවි.

    • කෝට්ටේ සිංහයා says:

      කෝ අර කෑගහපු කෝට්ටේ නගරාධිපතියා ?

  2. chaminda says:

    This might be a “Hilton Model” fraud.

  3. පොදු මිනිහා, says:

    මාදුළුවාවේ සෝබිතට අවසානයේ හිමි වූයේ රොටි තැටියයි යකඩ පාලමයි පාලමයි.

  4. පූජ්‍ය සමිත හිමි. says:

    යහපාලන ආණ්ඩුව සෝබිත නාහිමි දෙවෙනි වරටත් යකඩ පාලමක නමක් යොදා ඝාතනය කරයි.

  5. Jonaa'S Brother says:

    එහෙනම් සොබිත හිමිටත් කොලෙ වහලා ගැහුවා., අනෙ මෙහෙම බොතල් සිරෙක්.

  6. love nature says:

    සුදු හකුරැ කතාව වගෙයි රාජගිරිය ‘සෝබිත පාලම මුල් වු කතාව ද මීට සමානය. රඡ වාසලට සුදු හකුරැ සපයන්නෙක් විය. දිනක් රඡතුමා ඔහු රඡවාසලට කැදවා හකුරැ සාදන සැටි විමසා සිටියේය. දේවයන් වහන්ස මම මේවා හදන්නේ බොහෝම සැලකිල්ලෙන් හරිම පිරිසුදුවට. උඩට උඩුවියන් බැදලා,පයට පාවාඩ දාලා තමයි,ඔබ වහන්සේට මේවා හදන්නේ. හකුරැ සාදන්නා තැනට සුදුසු ලෙස පිලිතුරැ දුන්නේය. මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට සිතූ රඡතුමා හකුරැ සාදන්නාගේ නිවසට ගියේය. ඔහු හකුරැ සෑදුවේ අපිරිසිදු වටපිටාවක සිටය. උඩුවියන් හෝ පාවාඩ නැත. රඡු ඒ පිළිබදව ඔහුගෙන් විමසා සිටි විට ඔහු පිළිතුරැ දුන්නේ කියන කොට එහෙමයි.කරන කොට මෙහෙමයි කියාය.

  7. Upali says:

    අපවත් වෙන්නට පෙර උනු වැරැද්ද මතක් කල සෝබිත නාහිමියන් ට ගරු කිරීමක් වශයෙන් කිසිවක් නොකියමි. මෙය පූජ්‍ය සෝබිත පාලමයි.

  8. මාරයා says:

    අනුන් හදවපු එව්වා විවෘත කරලා මුණ පෙන්නගත්තට වැඩක් නෑ! ඒ මනුස්සයා හිටියානම් පාලම විවෘත කලාට පස්සේ කරන්න සැලසුම් කරපු අනෙකුත් වෙනස්කම් (රථ වාහන හැසිරවීම්, මාර්ග වෙනස්කම්) ගැනත් හිතන්න තරම් මොලයක් තියෙන්නත් ඕනි!

  9. sena says:

    Mahinda’s plan was a Mono Rail from Kaduwela to Borella. mytri/ranil disable regime suspend that. Lands also were aquired.Mytri came in revenge of Mahinda Rani came to revenge Sin-helayas who never support in consecutive elections

Main News