රාජපක්ෂ පාලනය දිගටම තිබුනා නම් අනාගත පරම්පරාවට රටක් ඉතිරි වන්නේ නෑ..

January 18, 2018 at 8:40 am | lanka C news
රාජපක්ෂ පාලනය දිගටම තිබුනා නම් අනාගත පරම්පරාවට රටක් ඉතිරි වන්නේ නෑ..

ඩී.එස්. සේනානායක පටන් රනිල් වික‍්‍රමසිංහ දක්වා සියළුම එජාප නායකයින් පක්ෂ භේද නොසලකමින්, සෑම ජන කොටසකටම තනිව නැගී සිටීමට උපකාර කළ බව ඇමති දයා ගමගේ අවධාරණය කරයි.

එහෙත්, පසුගිය පාලන සමයේදී සිදු වූයේ, ජනතාවට අල්ලස් දෙමින්, ඔවුන් භේදබින්න කරමින්, ජාතිවාදය අවුස්සා ඡන්ද ලබා බලයට පැමිණි රාජපක්ෂවරුන් සහ සහචරයින් නීතිවිරෝධී මාර්ගවලින් ඔවුන්ගේ මඩිය තර කර ගැනීම පමණක් බව ඔහු පෙන්වා දී සිටී.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේ පැවති එජාප ප‍්‍රචාරක රැලි අමතමින් ඇමතිවරයා එම අදහස් පළ කළේය.

රට බේරා ගැනීමට පොදු අපේක්ෂකයෙකු ජයග‍්‍රහණය කරා මෙහෙයවීමක් සිදු නොවූයේ නම්, රාජපක්ෂ පාලනය දිගටම පැවතීමෙන්, අනාගත පරම්පරාවට රටක් ඉතිරි නොවීමට ඉඩ තිබූ බව ඔහු පැවසීය.

රට වැටී තිබූ සෑම අවස්ථාවකදීම එජාපය බලය ලබාගෙන එම තත්ත්වයෙන් රට මුදවා, සංවර්ධනය කරා ගෙන ගිය බව හෙතෙම සිහිපත් කර සිටියේය.

වත්මන් පාලනය යටතේ පක්ෂය සංවර්ධනයට දායකත්වය ලබා දෙන්නේ පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල හෝ බලය නොමැතිව බවද ඔහු පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දක්වමින් ගමගේ මහතා කියා සිටියේ, මේ වන විට අම්පාර දිස්ති‍්‍රක්කයට සියයට 100ක විදුලි සැපයුමක් ලබා දෙන බවත්, මෙම වසර අවසන් වීමට පෙර ජල සැපයුම ද සියයට 100ක් දක්වා වැඩි කරන බවත්ය.

ශී‍්‍රලපොප කි‍්‍රයාකාරිකයෙකුව සිටි අජිත් චන්ද‍්‍රදාස මෙහිදී එජාපයට එක් වීම විශේෂ සිදු වීමක් විය.

– ජෝර්ජ් ද සිල්වා

3,632 Viewers

14 Comments to “රාජපක්ෂ පාලනය දිගටම තිබුනා නම් අනාගත පරම්පරාවට රටක් ඉතිරි වන්නේ නෑ..”

  1. nihal says:

    ගොන් කතා කියන්න එපා. තව මාස 6 ක් හිටිය නම් කොටි මුළු රටම අල්ලනවා. ඔය යුද්දෙ පටන් ගත්තෙ මහින්ද නොවේ. අනුන් පටන් ගත්තු යුද්දයක් අවසන් කරන්න සිදු උනේ මහින්දට.
    මම ආයෙමත් කියනවා. නිකම් ගොන් කතා කියන්න එපා.

    • ජනක says:

      තමුන් බුද්දිමත් දක්ෂ රට ගැන හිතන කෙනෙක් කියල මම කලින් හිතුවේ කොටින්ම රටේ අගමැති ධුරයට සුදුසු කෙනෙක් කියල මම හැමෝටම කිව්වේ නමුත් බලාගෙන යනකොට තමුනුත් අනික් unp කාරයෝ වගේම රට කෙසේ වෙතත් තමාගේ කොම්පැනි ගැන හිතන තමාගේ පරම්පරා ගැන හිතන කෙනෙක් කියල තමා මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ .
      මිනිස් බුද්දියට නිගාදෙන දේවල් කියන්න එපා තමුන්ගේ ඇස ඉදිරිපිට සිදුවුණු දේවල් බොරු කියල වෙන බයිලා කියල මිනිසුන්ව රවට්ටන්න බෑ .මහින්ද නොහිටින්න තව ටිකකලක් ගිආනම් තමුන්ට තමුන්ගේ නැගෙනහිර පළාතේ තියෙන දෙපලත් කොටින්ට දීලා එන්න වෙන බව අමතක කරන්න එපා .තමුන්ගේ එතනෝල් නිෂ්පාදනය නවත්තපු එකේ තරහට වෙන්න ඕනා මේ මහත්තය මේ කතා කියන්නේ .ලැජ්ජයි ලැජ්ජයි

  2. HUNA says:

    Prabhakaran hitiyanam ethiri wenawa ne ?

    • kamalasirikuruwita says:

      ඒ ආණ්ඩු හින්දා තමුන් තනියෙන් නැගිට්ට එක හබෑව. වැඩේ තියෙන්නේ වැඩි හරියක් දෙනා ඔය දේශපාලුවන්ගේ පස්සේ ගොට්ට අල්ලන්න යන්නේ නැති එකනේ.

  3. බැඳුම්ක්‍රමසිංහ says:

    ගාමන්ට් එකේ බදු ටිකට බුදු සරණයි
    එදා ඉඳලම කිව්වේ ගොන් කතා

  4. Dev says:

    Ampare gona gona

    business karana gona gona

  5. බන්ඩා says:

    අවුරැදු තුනටම කය්ය ගැව්ව එකය් එජාප යට කඩේ ගිය එකය් අැරෙන්න මූ ය් ගෑනි ය් කල දෙයක් නැහැ. කොන්තරත් වලින් අැති වෙන්න සල්ලි නම් හම්බ කොර ගන්න අැති.

  6. Niru says:

    His boss signed a document giving half the country to ltte. Now the assholes can’t remember

  7. completed says:

    Bala ganlla yahapalanaye. “Mary Kiyavilla’

  8. රාහුල මල්ලී says:

    ප්‍රබාකරන් මේ දක්වා ඡීවතුන් අතර හිටිය නං රාඡපක්ෂත් ඉවරයි.. වික්‍රමසිංහත් ඉවරයි… රාඡපක්ෂලා බේරලා දුන්නේ ඔය කියන මහත්තයා ඇතුළු සමස්ත ඡනතාවගේ ඡීවිත… ඒ වගේම රට…

  9. NAK says:

    These are utterances of people who have got scared of their immediate future.
    When did the UNP save the country from disasters? actually they are the one’s who alway put the country n trouble and the SLFP had to come to the rescue of this country each time as in 1970,1994 and 2004.

  10. silva says:

    ganja bon eka nawathanna ethakota mole amaruwa hoda wela ratata hoda deyak hithanna puluwan wei

  11. Nandasoma says:

    මෙයා කථා කරන්නෙ මැරිල ඉපදිලා වගේනෙ…!

    මහින්ද නොහිටින්න උඹල අද ජීවතුන් අතරත් නැහැ හලෝ….!!

    ඒක නෙමෙයි තියෙන කුහකකම….!!!

  12. Kings says:

    අනාගත පරම්පරාවට රටක් නැති කරන්නෙ මේ ඉන්න කාලකන්නි යගපාලන කියාගන්නා අයම තමයි. මාගම්පුර වරාය වික්ක. මත්තල විකුනන්න දඟලනව. ක්‍රීඩා පිටි ටිකයි, කැලෑටිකයි ,බැංකු ටිකයි, තෙල් ටැංකියි විකුනන්න දත් කනව. මේ ඡන්දෙ තොපි දිනුවොත් නං රටක් නැහැ තමයි අනාගත පරම්පරාවට.

Main News