රාජපක්‍ෂලාට ගහන්න ගෙනා කීත් නොයාර් සිදුවීමෙන් සරත් ෆොන්සේකා ගස්.. සියළු රහස් හෙලිවෙයි..

September 17, 2018 at 3:26 am | lanka C news
රාජපක්‍ෂලාට ගහන්න ගෙනා කීත් නොයාර් සිදුවීමෙන් සරත් ෆොන්සේකා ගස්.. සියළු රහස් හෙලිවෙයි..

ඒකාබද්ද විපක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන ඊනියා විමර්ශනය

පසුගිය අගෝස්තු 17 වනදා පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් 2008 දී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් එතුමාගේ නිල නිවසේදී ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී. ඉන් පසුව ගතවූ කාළය තුළදී හිටපු ජනාධිපතිතුමා කීත් නොයාර් සිද්ධියට සම්බන්ධ බවට හැඟවෙන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමට ආණ්ඩුවේ දේශපාලඥයින්, ආණ්ඩුවේ ජන මාධ්‍ය, ආණ්ඩුවට පක්‍ෂපාත වෙබ් අඩවි හා රාජ්‍ය නොවන සංවිධාන කටයුතු  කරන ආකාරය අපට පෙනුනි. එයින් සති දෙක තුනකට පසුව සැප්තැම්බර් 12 වනදා පොලිස් අපරාධ විමර්ශන අංශය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන්ද කීත් නොයාර් සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබා ගත්තේය.  කීත් නොයාර් සිද්ධිය කිසිවෙකුගෙත් ඇඟට නොදැනීම රාජපක්‍ෂවරුන්ගේ ගිණුමට බැර කිරීමේ උත්සාහයක් මෙයින් විද්‍යාමාන වේ. කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය මීට අවුරුදු 10කට කලින් සිදුවූවක් නිසා මෙම සිද්ධිය සම්බන්ධ වැදගත් කාරණා කීපයක් මහජනතාවට මේ අවස්ථාවේ මතක් කර දිය යුතුය.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සිදුකරනු ලැබුවේ 2008 මැයි 22 වනදාය. ඊට පසු 2008 ජුනි 30 වන දා නාමල් පෙරේරා සහ මහේන්ද්‍ර රත්නවීර යන මාධ්‍යවේදීන්ට ද මහමඟ පහර දෙන ලදී. 2008 ජුලි 8 වන දා මෙම සිද්ධීන්  දෙකම පාදක කරගනිමින් එකල විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා මහතා ‘මාධ්‍යවේදීන්ට එල්ලවෙන තර්ජන’ යන මැයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කලේය. මෙකී විශේෂ ප්‍රකාශයේදී ඔහු ඉතා පැහැදිලිව කියා සිටියේ මේ පහරදීමේ සිද්ධීන් දෙකම සිදුකර ඇත්තේ හමුදාපතිවරයා යටතේ සිටි විශේෂ කණ්ඩායමකින් බවත් තමන්ට ඒ සම්බන්ධ තොරතුරු එම විශේෂ කණ්ඩායමේ සාමාජිකයෙකු විසින්ම ලබාදී ඇති බවත්ය. මේ සිද්ධීන් සිදුවූ අවස්ථාවේදී යුද හමුදාපතිවරයා වූයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාය. මාධ්‍යෙවේදියෙකුට යම් තර්ජනයක් එල්ල වන්නේ නම් එය ඔහු විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද යම් කිසිවක් හේතුකොට ගෙන සිදු වූවක් බව අප උපකල්පනය කළ යුතුය.

මේ සම්බන්ධයෙන් ගත්කල, කීත් නොයාර් මහතාට පහරදීමට දින 10 කට කලින් එනම් 2008 මැයි 11 වන දා ‘ද නේෂන්’ පුවත්පතේ ‘මිලිටරි මැටස්ර්’ තීරුවේ “යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පුද්ගලික බූදලයක් නොවේ” යන මැයෙන් පලවූ ලිපියෙන් නොයාර් මහතාට පහරදීමට පෙළඹවීමක් තිබිය හැක්කේ කාටද යන්න ගැන යම් කිසි අවබෝධයක් අපට ලබාගත හැක. නමුත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලීසිය කීත් නොයාර් 2008 මැයි 11 වන දා ලියූ ලිපියත්, 2008 ජුලි 8 වනදා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් සැලකිල්ලට ගැනීම සිතා මතාම පැහැර හිරන බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එයට හේතුව අන් කිසිවක් නොව කීත් නොයාර් මහතා                පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් වගකිවයුත්තා වත්මන් යහපාලන ආණ්ඩුව තුළ ප්‍රබලයෙකු වන නිසාය.

කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් පහරදීමට සම්බන්ධ අය පෙන්නුම් කරන සාක්ෂි සියල්ල මඟහරිමින්, නොයාර් මහතාව බේරා ගැනීමට විවිධ පුද්ගලයන් අතර හුවමාරු වූවා යැයි කියන දුරකථන ඇමතුම් ගැන විමර්ශනය කරමින්,  ඉතා වංක ආකාරයට අවධානය වෙනතකට යොමු කිරීමට පොලීසිය උත්සාහ දරමින් සිටින බව අපට පෙනේ. ඇස් පනාපිට තිබෙන සාක්ෂි මඟහැර මේ විමර්ශනය සිදු කිරීමට ඉඩ දී නිකම් සිටිය නොහැකි නිසා,  කීත් නොයාර් මහතා 2008 මැයි 11 වදා ලියූ ලිපියත්, එකල විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා 2008 ජුලි 8 වන දා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් ඔස්සේ විමර්ශනය කරන මෙන් අපි පොලීසියෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙමු. මේ ඉල්ලීමට සතුටුදායක ප්‍රතිචාරයක් පොලීසියෙන් නොලැබුනොත්, අදාල කරුණු උසාවියේ අවධානයට යොමු කිරීමට අපි කටයුතු කරන්නෙමු.

ඩලස් අලහප්පෙරුම (පා. ම.)
ජාතික සංවිධායක
ඒකාබද්ධ විපක්ෂය

49,998 Viewers

17 Comments to “රාජපක්‍ෂලාට ගහන්න ගෙනා කීත් නොයාර් සිදුවීමෙන් සරත් ෆොන්සේකා ගස්.. සියළු රහස් හෙලිවෙයි..”

  1. Asaranaya says:

    පඹයා ඇතුලු යමරැල පඹගාලක පැටලී ඉල්ලන් කාඇති බවක් හොඳටම පැහැදිලියි,
    කෙවුල් කළවැද්දානෙනි! නැවත ජම්පරය අඳිමුද,
    ලඟදීම පත්තරේ පලවෙයි “තට්ටයා කට්ටයා ට වැඩදෙයි ” කියලා

  2. Aurora says:

    කීත් නොයාර් තවමත් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ සරත් ෆොන්සේකා බලයේ ඉන්න නිසා මිස රාජපක්ෂ වරුන් හට බයක් නිසා නොවේ. දිනක සරත් ෆොන්සේකා හට බලය අහිමි වුනොත් (රාජපක්ෂ වරු බලයට ආ පසු) කීත් නොයාර් ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙනවා ඇත. මේ සිද්ධිය යහපාලන හංස කල්ලිය රාජපක්ෂ වරුන් හට මඩ ගැසීමට පාවිච්චි කලත් එයද අනෙකුත් මඩ ව්‍යපෘති හා සමානයි. “ටික කලකට ටික දෙනෙක් රැවටිය හැකි වුවත් සැමදා සියලුදෙනාම රැවටිය නොහැකිය”. අවසානයේ බලය අහිමිව ජම්පරය අඳින්න වුණාම “දේශපාලන පලිගැනීම් කරනවා” කියනු ඇත.

  3. tikka says:

    යහපාලනයේ රෙදි ගැලවී ඇති බව සැබෑ වුවත් පොහොට්ටුව තවමත් රෙදි බාගෙට ඇඳගෙන සිටී.. 2008 ජූලි මාසෙ පාර්ලිමේන්තුවෙදි අනාවරණය වූ කරුණු සහ මැයි 11 පුවත් ලිපිය ගැන උසාවි යාමට තොපිට 2015 ජනවාරි දක්වා වසර 7ක් අමතක උනාද? එසේ නොගියේ වගකිවයුත්තා ඔබගේ එවකට ආණ්ඩුවේ හමුදාපති නිසාද? එය එසේ නම් මේ ආණ්ඩුව කරන දේත් සාධාරණීය කල හැක. මින් ඉදිරියට වත් වමේ බලවේග ලෙස තමන්ගේ එවුන් වැරදිකරත් ජනතාවගේ නාමයෙන් රටේ නාමයෙන් එවේලේම දඬුවම් දී ජනතාවගේ හිත දිනාගැනීමට ඉගෙනගනියවු. එසේ කලානම් අද අප රට මෙවන් කාලකණ්නි කුමන්ත්‍රණ කරුවන්ගේ ඉල්ලමක් බවට පත් නොවනු ඇත. යහපාලනය ආවත් තිර පිටපත් හිඟවීම නිසා දින 500ක් වත් නොයා කඩාවැටෙන්නට ඉඩ තිබිණ.

  4. sam says:

    යුද්ධය ඇත්තට දිනුවේ සරත් ෆොන්සේකා. නමුත් මුලු ගව්‍රමය භුක්ති වින්ඳේ රාජපක්ෂලා. එහෙම කරේ ‘මම තමා ජානාධිපති. මගේ කාලේ වුන නිසා ඒකේ වගකීම මගේ’ කියමින්. එතකොට ඒ කාලේ වුනු මාද්ය දඩයම් සරත් ෆොන්සේකාගේ!! අපේ රටේ මැටි හරක් ගොඩාක් ඉන්න නිසා රාජපක්ෂලා ආයිත් රජ වෙලා තව ගොඩාක් මරයි. කෝටි ගනන් ගහයි. මිනිසුනේ, මේ පක්ශ දෙකේම වන්චාවා දැන්වත් තේරුන් ගනිල්ලා..

    • Kalana Premadasa says:

      Typical jeppek!

    • tikka says:

      අනේ අන්කල් සෑම්.. යුද්ධයක් දිනූ මිනිහෙක් කියන්නෙ මිනිස්සු ලක්ෂ 1-2ක් කෙලින්ම තනි අරමුණකට යොමු කරපු මිනිහෙක් නේ.. ඉතින් එහෙව් එකාට ඇයි බැරි උනේ තමන්ගේ පක්සෙ එවුන් එකට තියාගන්න? ජනාධිපතිගෙ බලේ නැතිව අලියෙක් එලවගන්න බැරි මිනිහා ජනාධිපතිගෙ බලේ නැතුව කොහොමද කොටි 50000-1000000ක් එලවගන්නෙ? ඇයි දැන් තමන්ගේ පක්ෂෙ අලවංගු කර ට ප්ලග් වෙලා ඉන්නෙ? මැටි හරකා පිලිමයක් ඌවත් ඔබ වැනි එළ හරකුන් වඩා යෝග්‍ය වන්නේ ගාල් කර …. කර කිරි දෙවීමටමදැයි සිතේ..

    • damian says:

      Gon kathaa .

    • Kadiya says:

      මෙන්න අපේ රටේ මැටි හරක් අතරින් එකෙක්. 2009 යුද්ධෙ ඉවර කලේ යුද්ධ හමුදාව තනියම කියල කියන්න පුළුවන් නියම මැටි හරකෙකුට විතරයි. මොලේ නැතිවට අකුරු පුළුවන් නිසා කියවගන්න. මේ යුද්ධෙදි කොටි දකුණට පැනල කරණ හානි වැළැක්වූ STF බංකර වලල්ල අමතක කරන්න පුළුවන් කාටද? කොටින්ට එලියට බහින්නවත් නොහැකි ලෙස ක්ෂණික ප්‍රහාර එල්ලකළ ගුවන් හමුදාව, ඊළඟට දුරදිග මෙහෙයුම් කණ්ඩායම් වලට දෙනලද ගුවන් සහය අමතක කරන්න පුළුවන් මැටි හරකෙකුට විතරයි. LTTE ආවුධ සැපයුම සම්පුර්ණයෙන්ම අවහිර කල නාවික හමුදාවේ මෙහෙය අමතක කරන එකාට හරකෙක් කීම අසරණ හරක් හට කරණ නිග්‍රහයක්. LTTE 120, 130 කාලතුවක්කු උණ්ඩ සහිත නැව් අපේ නාවුක හමුදාව විනාශ කලේ නැතිනම් අපේ හමුදාවට සිදුවන හානිය නිසා අතර මඟ යුද්දේ නතරකරන්න වෙනවා. ඊළඟට යුද්ධ කරන්න මුලින් තිබුණ ප්‍රහාරක බල ඇණි 2 ඉතා ඉක්මනින් 6 දක්වා වැඩිකරන්න හමුදාපතිට බැහැ. එය දේශපාලන තීරණයක්, ඒක ගත්තේ ජනාධිපති. ඒ බල ඇණි සඳහා සෙබළු බඳවා ගැනීමට අපේ ගම්වල දේශප්‍රේමී ස්වාමින් වහන්සේලා මොනතරම් සේවයක් කලාද? මේ රටේ ත්‍රී වීල් රියදුරාගේ ඉඳල මුළු ජනතාවම තමුන්ට හැකි උපරිමයෙන් තොරතුරු 119, 118 හරහා ලබා දුන්නා. LTTE යට එරෙහි යුධය මේ රටේ සියළු දෙනාම එකතුවෙලා කරලා අද ඒක බෙදාගන්න ගොන් කථා කියනවා. නමුත් මුළු රටම එකම අරමුණකට ගොකරන්න දේශපාලන නායකත්වයක් නැතිවුනනම් 2005 වෙනකම් තිබුණ තත්වයම තමයි අදත්. නැතිනම් මගේ රට කෑලි 2 හෝ 3ක්. සියළු දෙනාම අමතක නොකළ යුතු කරණය නම් මේ නිදහස් සටනට සහභාගී වුන කණ්ඩායමේ ලෙෆ්ටිනන් තනතුරේ සිට ඉහලට ගණන් කරගෙන යනවිට ඉහලම සිටි ජනාධිපති දක්වා කණ්ඩායමෙන් ජනාධිපති හැර අනෙක් සියලුම දෙනා 2005 වෙනතෙක් හමුදාවල සිටි අය. මුදුන වෙනස්වූ පමණින් සාර්ථක ප්‍රතිඵල ලබාගත්තා. අන්න ඒ වෙනස, ඒ සාධකය තමයි වටින්නේ.

      • SAMPATH NAGARAGIRI says:

        කඩියා තුමාගේ විග්‍රහයට මම එකගය්. එයය් සත්‍ය කතාව..හැබැයි මම ඔබගේ එක දෙයකට එකග නෑ….සෑම්ලා වගේ සොලීන්ට ජාතක වෙච්ච රටට ජාතියට කිසිම සේවයක් නොකරන උන්ට හරකා ගොනා කියලා කියන්ඩ එපා. මොකද ..ඒ වටිනා සතුන්ට කරන අපහාසයක්.

        • JJ says:

          ඒක හරි….. අනික ජාත්‍යන්තරෙන් කොටින්ට පක්ෂපාතීව ආණ්ඩුවට එල්ල වුන බලපෑම, හමුදාවට නොදී, සෑම අවශ්‍යතාවයක්ම හැකි උපරිමයෙන් ඉටු කරන්න කොන්දක් තියන පාලකයෙක්, පාලනයක් තිබිය යුතුයි…. අද වගේ වුනානම් කොහොමට තියේවිද??

      • Puransisku says:

        Kadiya kiyana eka eththa. Yuddaya dinuwe boho denekge kepaweemeni. Fonseka masime podi enayak pamanai.

      • Fyhg says:

        හොඳ පිළිතුරක් … ආයුධ නැව් විනාශ කරමින් නාවික හමුදාව කළ කාර්යභාරය නැති නම් යුද්දෙ දිනලා හමාරයි.. කරන්නාගොඩගේ “අධිෂ්ඨානය” පොතේ මේක පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා .. ආයුධ නැව් විනාශය එක්ක හමුදාවේ ගමන වේගවත් වූ හැටි කොටි කඳවුරු වේගයෙන් වැටුණු හැටි දත්ත සමඟ පෙන්නලා දීලා තියෙනවා ..

    • Amda says:

      Typical green eyed JVPer !!

  5. KUMARA HERATH says:

    I AM THERE TO GIVE EVIDENCE

  6. Bandula says:

    Mey are Leda unaa kiyala lokka kiyanakota moona beri wechcha Dullus nedha?

Main News