රාජ්‍ය තක්සේරුකරණය දියකර හැරීමේ කුමන්ත්‍රණයක්…

January 6, 2018 at 8:02 am | lanka C news
රාජ්‍ය තක්සේරුකරණය දියකර හැරීමේ කුමන්ත්‍රණයක්…

රාජ්‍ය තක්සේරුකරණය දියකර හැරීමේ කුමන්ත්‍රණයට එරෙහිව හා තක්සේරු සේවාවේ කාර්යක්ෂමතාවය ඉහල දැමීමට 2014.12.12 දිනැතිව අනුමත කරන ලද කාර්ය මණ්ඩලය තක්සේරු දෙපාර්තමේන්තුව තුල ස්ථාපිත කරවා ගැනීම සඳහා ඉල්ලීම් කරමින් රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 44 ක් ගතවී ඇතත් මේ වන තුරුත් විසඳුම් ලබදීම සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් බලදාරීන් විසින් ගෙන නොමැති නිසා ඉදිරියේදී ගනු ලබන  වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුවත්කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් 2018.01.04 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව.11.00 ට අංක 281, ඩීන්ස් පාර, කොළඹ-10 පිහිටි Centre For Society & Religion (CSR) ශාලාවේදී පැවැත්වින.

එහිදී අදහස් ප්‍රකාශ කළ රජයේ තක්සේරුකරුවන්ගේ සංගමයේ සභාපති නිලන්ත ඒකනායක මහතා,

අපගේ මූලික ඉල්ලීම වෙන්නෙ තක්සේරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරල රටට ආර්ථිකයට කාර්යක්ෂම සේවාවක් සැපයියහැකි ආයතනයක් බවට තක්සේරු දෙපාර්තමේන්තුව පත්කිරීම. මේ සඳහා වැඩපිළිවෙලක් 2014.12.12 දින අනුමත කරල තිබෙනව. අද තිබෙන ගැටළුව තමයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට යම් පිරිසක් ඉඩ ලබා නොදීම.  ජනාධිපතිතුමා, අගමැතිතුමා හෝ මුදල් ඇමතිතුමා මැදිහත් වනවා ‍වෙනුවට රජයේ ඉහළ පෙලේ නිලධාරීන්ට මෙම ගැටළුව නිරාකරණය කළ හැකියි. මොකද මෙම ගැටළුව සඳහා විසඳුම් ලබා ගැනීමට අදාලව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරල තිබෙනව. නිලධාරීන්ට තිබෙන්නෙ අදාල අනුමැතිය ක්‍රියාත්මක කිරීම පමනයි. ගැටළුව තියෙන්නෙ අදාල අනුමැතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් ක්‍රියා නොකිරීමයි. අපි ඉල්ලා සිටින්නෙ තක්සේරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරල කාර්යක්ෂම කිරීම සඳහා තක්සේරුකරුවන් සංඛ්‍යාව 500 දක්වා වැඩි කරන්න කියන එක. ඒ ප්‍රමාණය සමස්ත ලංකාවටම. දැනට දෙපාර්තමේන්තුව දුවන්නෙ තක්සේරුකරුවන් 60 කින්. මෙලෙස තක්සේරුකරුවන් සංඛ්‍යාව 500 දක්වා වැඩි කිරීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අපි අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍ය නැත.

අපි දැනට තිබෙන තත්වය දිහා බැලුවොත් දෙපාර්තමේන්තුවේ කටයුතු පෞද්ගලික අංශය වෙත උපක්‍රමශීලීව මුදාහරිමින් දෙපාර්තමේන්තුව අකර්මන්‍යකිරීමේ ක්‍රියාවලියක තමයි තියෙන්නෙ. මෙම තත්වය නිවැරදි කිරීමේ ක්‍රියාවලියක් තමයි බලාපොරොත්තු වුනේ. මේ ගැටළුව නොවිසඳීම තුළ තිබෙන්නෙ යම් මාපියාවක්, යම් කල්ලිවාදයක්. මොකද පුද්ගලික තක්සේරුකරණ ආයතන හා දෙපාර්තමේනුතුවේ ඉහළ නිලධාරීන් අතර තිබෙන සම්බන්ධතාවයක් නිසාද දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවෙන්නෙ කියන ගැටළුව අපිට තිබෙනව.

එහිදී අදහස් ප්‍රකාශ කළ රජයේ තක්සේරුකරුවන්ගේ සංගමයේ ලේකම් ඩී.එම්.සෙනවිරත්න මහතා,

අපගේ ප්‍රධාන ඉලිලීම් දෙකක් මුල්කරගනිමින් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 44 ක්. මේවා අපගේ පුද්ගලික ඉල්ලීම් නෙමේ. කාර්යක්ෂම තක්සේරු දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් කරණ ඉල්ලීම්. ඇයි මේවා ක්‍රියාත්මක කිරීමට ඇතැම් ඉහළ නිලධාරීන් අකමැති වෙන්නෙ. එක් හේතුවක් තමයි දෙපාර්තවේන්තුවට ලැබෙන දිරිදීමනා ප්‍රමාණය අති විශාල වශයෙන් ඉහල නිලධාරීන් ලබාගන්නව. අපි මෙලෙස ලබාගන්නා දිරිදීමනා ප්‍රමාණයන් කොපමනද කියල තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුව. අපිට දන්වල තිබෙනව අදාල තොරතුරු ලබාදිය නොහැකි බව. අපගේ දැනීම අනුව මේවා ලබාදිය හැකි තොරතුරු. මේ විදිහට තොරතුරු වසන්කරන්නෙ ඇයි. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රාමණය වැඩි වෙන කොට, දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂව වෙන කොට තමන්ට ලැබෙන මෙම දිරිදීමනා සඳහා බලපෑමක් එල්ලවිය හැකියි.

එසේම මෙම ගැටළුව පිළිබඳව ඉහල නිලධාරීන් හොඳින් දන්නව. එහෙත් අදාල ගැටළු විසඳීමට ක්‍රියා නොකිරීම තමයි ගැටළුව. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් පවා තිබියදී මෙය ක්‍රියාත්මක නොවන්නේ ඇයි කියන ගැටළුව තමයි අපට තිබෙන්නෙ. මෙම ගැටළු සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිව අකමැත්තෙන් වුවද අපගේ වෘත්තීය ක්‍රියාමාර්ග පුළුල් කිරීමට සිදුවෙනව. ඒ අනුව ඉඩම් අත්කරගැනීම් වලට අදාලව සිදුකරණ සියළුම වන්දි තක්සේරු කටයුතු වලින් අපගේ සිළුම සාමාජිකයින් 2018 ජනවාරි 05 වන දින සිට ඉවත් කර ගන්නව. එසේම ලංකාවේ සියළුම ප්‍රධාන නගර ආවරණ වන පරිදි මෙම ගැටළුව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් දියත් කරනව.

– ඩී.එම්. සෙනවිරත්න

 

2,145 Viewers
Main News